“යුද්දේ ඉවර කරනවලු නේ, මේ පාරවත් මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් වෙයි . . . “
“මොන පිස්සුද? කොටි එක්ක හැප්පෙන්න පුලුවන්ද, හීනෙන් තමා ඉතින් යුද්දේ ඉවර කරන්න වෙන්නේ, බම්බුව තමා”
“අලුතින් හදපු වරායේ ගලක් ලු, දැන් මොකද කරන්නේ? කොහොම හරි ඕක විසද ගත්තොත් වැඩේ හරි”
“ඔව්වා අපි මුලින් කිව්වා, මෝඩ වැඩ නිකන් සල්ලි ටික කෑවා, කෝ එක නැවක් ආවද? ඕන ඔට්ටුවක් ඕකට එක නැවක් එන් නෑ, බලමු හරිද? වරාය බම්බුව තමා”
“ගල් අගුරු බලාගාරේ හදන්නලු යන්නේ නේ, දැන්වත් පායන කාලෙට කරන්ට් කපන් නැති වෙයි”
“හොදට හිටී. ගල් අගුරු බලාගාරයක් හැදුවොත්, ඒ පැත්තම ඉවර වෙලා යයි. අනේ මන්දා, ඔව්වා හරියනවද මේ වගේ පොඩි රටකට, බම්බුව තමා”
“හයි වේ එක ඊලග අවුරුදේ ඉවර ඕපන් කරනවලු නේද? පැයෙන් ගාල්ලේ.”
“කව්ද කියන්නේ, කවද ඉදලද ඕක හදන්නේ, ඕක කවදාවත් හදලා ඉවර කරන්න බෑ, බොරු වැඩ, බම්බුව තමා”
“ලංකාව ආසියාවේ ආශ්චර්යය කරනවා කියන්නේ, මරු නේ”
“අපෝ පිස්සුද? මේ යන විදිහට ගියොත් නිකන්ම ආශ්චර්යය වෙයි, බම්බුව තමා”
රටක් ගොඩ නගන්නට අවශ්‍යයය සල්ලිවත්, තෙල්වත් නෙමේ, එඩිතර සෘජු නායකත්වයයි. කාලෙකට පස්සේ අපිට දැන් නායකයෙක් ලැබිලා තියෙනවා. තවත් බම්බු ගැන කියවන්නේ නැතිව ඒ ගමනට සහාය දෙන්න ආකල්ප වෙනසක් ඇති කරගන්න පුරුදු වෙමු නේද? – බම්බුව තමා . . .
බම්බුව පැත්තකින් තියන්න කාලේ හරි . . .
[දර්ශන උපුටා ගැනීම : http://www.sundayobserver.lk/2009/11/01/fin10.asp]


Buwa
2011 නොවැම්බර් 27
ඈහින්ද අසුන්දර වලකජු ගහපු දවසක විමසුම ලියන්න එකෙක් ඉන්නව වගේ ,
raawan
2011 නොවැම්බර් 27
සහතික ඇත්ත අපිට දැන් ඕනේ ආකල්පමය වෙනසක්
Alchemiya
2011 නොවැම්බර් 27
ඒ ආකල්පමය වෙනස ලබා ගන්න නම් රටේ ඉහළ ඉඳලා පහළම තැන වෙනතෙක් එකා වන්ව වෙනස් වෙන්න ඕන… ඒක නොවෙන නිසා තමයි හැමෝම බම්බු ගහන්නෙ…. කාටවත් කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නෑ..
දවසකට එකා ගානෙ හරි හැදෙනවා නම් හොඳයි…. හැමෝටම පුළුවන් තමන් වටේ ඉන්න එකා දෙන්නා ටික ටික හරි හදා ගන්න… එතකොට ඒක දාම ප්‍රතික්‍රියාවක් වගේ වේවි…
අද ඉඳලා උත්සාහ කරමු.
buddie-බුඩී
2011 නොවැම්බර් 27
එකා වන්ව සැමගේ ආකල්පය වෙනසක් ඇති කරගන්න එක තමා වෙන්න ඕනේ. අද ඉදලා උත්සහ කරන එකත් හොදයි. මුලින්ම මම කියන ප්ංචිම ඒකකයෙන් පටන් ගමු.
නවම්
2011 දෙසැම්බර් 1
බම්බුව පැත්තකින් තියල කොහොමෙයි හදිස්සියකට පිට්ටුවක් වත් තම්බගන්නෙ, ඔන්න ඔහේ බම්බුව තිබිච්චාවෙ, මොකෝ බම්බු තියෙන්නෙ ලංකාවෙ විතරෙයි. අනික ඔය බම්බු තිබුනට වැඩේ වෙනව නෙව ගානට.