බ්ලොග් එක පැත්තේ එන්න උවමනාව තිබුනත් එන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒත් ඉතින් අද වගේ දවසකවත් පෝස්ට් එකක් නොදාන බ්ලොග් එකකින් වැඩක් තියෙනවාද? කොහොම හරි අද උදේම මේල් චෙක් කරද්දි දැක්කා wordpress එකෙන් එවල තිබ්බ මගේ අනුවල් රිපෝට් එක. ඒකේ හැටියට 2011 වසරේ 18,000 දෙනා බූඩි ගේ මේ බ්ලොගය කියවන්න ඇවිල්ලා තියෙනවලු.
ඒ වගේම බ්ලොග් එකේ කමෙන්ට්ස් වලින් 1,2,3 ස්ථාන අරගෙන තියෙන්නේ මෙන්න මේ ගොල්ලෝ,
1. Deeps – http://deepsgelokaya.blogspot.com/
2. නවම්- http://nawammawatha.wordpress.com/
3. ගෝල්ඩ් ෆිෂ් - http://prasanna86k.wordpress.com/
ඒ වගේම බූඩිගේ තීරුව කියවන්න ආපු, කමෙන්ට් දාපු, නොදාපු සියලු දෙනාට ස්තූතියි !!!
කාලෙකින් මේ බ්ලොග් නම් කියවන්න ලැබුනේ නෑ. පුලු පුලුවන් විදිහට මේ අවුරුද්දෙනම් බ්ලොග් එක පැත්තේ එනවා. පොඩි සැකයක් තියෙන්නේ කොච්චර පෝස්ට් ගානක් දාන්න පුලුවන් වෙයිද කියන එක. දවෙලාව කියන දේ හැමදේටම හරවෙන කාලයක් මේක.
මම පෝස්ට් වලත් දාලා තියෙන විදිහට මගේ ක්‍රමේට මට අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි වල නෙමේ අගෝස්තුවල, ඉතින් ඒ එක්ක බලද්දි මේ මාස 4 ඉතාමත් හොද විදිහට ගෙවිලා තියෙනවා, ඉතිරි මාස 8 මේ ලැබුවා වූ 2012 වසරේ ඉතා හොදින් ගෙවිලා යයි කියලා බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතේ විප්ලවීය වසරක් වෙන්නත් පුලුවන්, ඇත්තටම කිව්වොත් නිකන් කාර්මික විප්ලවයේ ආරම්භය වගේ :D
වෙන වෙන දේවල් වෙන වෙන විදිහට ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න බලාගෙන බූඩි මේ පෝස්ට් එක නවත්තනවා.


ගෝල්ඩ් fish
2012 ජනවාරි 1
සූභ අළුත් අවුරුද්දක් වේවා….!!!!!!!!!!!!!!
kumaraya
2012 ජනවාරි 1
ඔබටත් ඒ වගේම කමෙන්ට් ඉතිරෙන දීප්තිමත් වසරක් වේවා…
සාබිත්
2012 ජනවාරි 1
සූභ අළුත් අවුරුද්දක් වේවා..
හිස් අහස
2012 ජනවාරි 2
සුබ නව වසරක් වේවා! බූඩි අයියා