අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා.
මේ ගැන ලියන්න හිටියේ ගොඩක් කාලෙකට ඉහත උනත් මග හැරුණා අද අවස්ථාවක් ආවා මේ ගැන කතා කරන්න. (සිරස හොද රියැලිටි ෂෝ කරගෙන ගියත් සිරස ඒවා හසුරුවන හැටි බූඩිට දිරවන්නේ නැති නිසා බූඩි ඒ ගැන කතා කරන්නේ නැහැ)
මුලින්ම ITN එකේ විකාෂය උන DFCC mind star ඉතා විෂිශ්ඨ ගණයේ රියැලිටි වැඩසටහනක් ලෙස හදුන්වන්න පුලුවන්, ගුණාත්මකභාවය අතින්. එහි සියලු අංශ වලින් එය ඉතාමත් අනර්ගතම වැඩසටහනක් බව ඔප්පු කලා.
දෙවැනියට ඊයේ අහඹුවකින් වගේ බූඩිට තවත් නව වැඩසටහනක් ITN හි නරඹන්න පුලුවන් වුනා. Ideators නම් එයත් නැවුම් ආකාරයේ රියැලිටි ෂෝ එකක් ලෙස හදුන්වා දිය හැකියි. අඩුපාඩු කම් නම් නොඅඩුව තිබුනා මේ වැඩසටහන පුරා. ඒ කියන්නේ වැඩසටහන නිෂ්පාදනය අතින්. කෙසේ උනත් මෙය හොද ආරම්භයක්. බුඩි දිගටම මේ වැඩසටහන නරඹන්න හිතන් ඉන්නේ ඔයාලත් බලන්න.
මොකද මේ වැඩසටහන ගැන කියන්නේ?


Sadaruwan A.
2012 ජනවාරි 29
ඊයේ ෂෝ එකේ විනිශ්චය හරි නෑ
අචලා නෙමේ අයින් වෙන්න ඕනේ.
මට නම් ඒක එපා උනා.
භූතයා
2012 ජනවාරි 29
කැකිල්ලේ තීන්දුව, හොර වැඩේ කලේ වෙන කෙනෙක් අයින් කලේ වෙන කෙනෙක්.
මරු නේ ද?
buddie-බුඩී
2012 ජනවාරි 29
සමාවෙන්න ඕනේ මට නම් මේක ගැන තියෙන්නේ වඩා වෙනස් මතයක්. පෝස්ට් එකක් දාන්න වෙයි වගේ
demian
2012 ජනවාරි 29
Agree with Buddie
I am happy with the judgement, I cant see any wrong.
can you please describe the reason??
Nadeera sandaruwan
2012 ජනවාරි 29
වැඩසටහන හොඳයි.ඒකේ අපේ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ ඉගෙන ගන්න උදාන සහෝදරයත් ඉන්නවා…..
N.S.A. Niriella
2012 ජනවාරි 29
සිරසනම් කරන උලව් රියැලිටියක් නෑ. උන් කරන්නේ Politic එකක්.
Yapa
2012 ජනවාරි 29
The judgement is not acceptable.
Their idea is great.
Xplorer
2012 ජනවාරි 29
හොඳ වැඩසටහනක්. බ්‍රිට්ෂ් කවුන්සිල් එක තමයි මූලිකත්වය අරන් කරන්නේ. බ්‍රිතාන්‍යයේ විකාශනය වන ඇප්රෙන්ටිස් රියැලිටි ෂෝ එකට ටිකක් සමානයි. මම සේවය කරන විශ්ව විද්‍යාලයත් මේ වැඩසටහනට අනුග්‍රහය දක්වනවා.
Sadaruwan
2012 ජනවාරි 29
good program but not satisfy with the result yesterday.
Anura Rathnayake
2012 ජනවාරි 29
Being frank I think both teams perform so bad for the yesterday challenge. There is not team work, no plan, no goal. Cant believe and accept their behavior in such level of the competition. Thanks for spreading the news Buddie
භූතයා
2012 ජනවාරි 29
මේකත් ඉතින් කොපියක් නෙ බූඩියෝ. සිරසත් කරන්නේ වෙන රටක එකක් කොපි කරන් මෙහෙ උන්ට පෙන්නන එකනේ. ඔක්කොම එකයි. ඕක මහ මෝඩ තරගයක්.
මධුරංග
2012 ජනවාරි 29
ඒ වැඩසටහන පට්ට !
ඒත් ඒකත් කොහේ හරි කොපියක් ද දන්නේ නෑ.
Ruwantha
2012 ජනවාරි 29
I have problems with their judgement. But we are proud of you Udana.
LL
2012 පෙබරවාරි 1
why on earth do we have foreign contestants?
Is there like a shortage of Sri Lankan graduates?
It would have been nice if they had a contestant from each gov uni and other institutes (like APIIT, TTI)
buddie-බුඩී
2012 පෙබරවාරි 1
බූඩි නම් මෙහි වරදක් දකින්නේ නැහැ. මෙමගින් අනෙකුත් ජාතිකයෙක් සමග එක්ව වැඩකිරීම යන සංකල්පය හා අත්දැකීම ඇති වෙනවා. මෙයා ඉතා වටිනා අවස්ථාවක් හා අත්දැකීමක්. කොහොමත් රැකියාවක් කරද්දි මෙය සුලභ දෙයක් නේ. ඉතින් මේකත් ඒකට හොද පුහුණුවක්.
malakz
2012 පෙබරවාරි 1
nikan moda katha kiyanna epa, foreign aya wenuwata local aya dala hariyan nehe
As buddie said it is a good experience so that many things can be learnt and know
Working with a foreign specially in sri lanka according to the sri lanka way is a huge challenge
thanuja
2012 පෙබරවාරි 1
this program is sooooooo boring
i stop watching this