මේ දිනවල Google ආයතනය තම සේවා කිහිපයක් විශ්‍රාම යවමින් පසු වෙනවා. ලැරි පේජ්, ගූගල් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මෙය හැදුන්වූයේ Spring Cleaning යනුවෙනුයි. මෙම තීරණය ගෙන ඇත්තේ ඇයි දැයි යන්න මේ වන විට විශාල මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. Google කියන්නේ ඉතා යහමින් ලාභ උපයන ආයතනයක්. ඉතින් ඇයි ඔවුන් මෙලෙස තම සේවා නවත්තමින් සිටින්නේ.
Google බංකොලොත් වෙලාද? Google විකුනන්නද යන්නේ? Google වහන්නද යනනේ? මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
මේ සේරටම උත්තර හොයන්න ඉස්සෙල්ලා මේ වහලා දාපු සේවා මොනවාද කියලා බලමු මුලින්ම.
Google blog එකට අනුව මේ ලැයිස්තුව හැදෙන්නේ මෙන්න මේ විදිහට,
- Aardvark – මෙයත් යම් තරමක සමාජශීලී සේවයක් දැනුම හුවමාරු කර ගැනීමට නිර්මාණය කලා.
- Desktop – ඔබගේ දත්ත, ගොනු රදවා තැබිය හැකි ඔන්ලයින් Desktop එකක්.
- Fast Flip – ප්‍රවෘති සැපයීම් සේවයක්
- Google Maps API for Flash – තේරුම නමේම තියෙනවා
- Google Pack – ම්රුදුකාංග භාගත කරගැනීමට ඇති ස්ථානයක්
- Google Web Security - තේරුම නමේම තියෙනවා
- Notebook – Google Docs වැනි සේවාවක්
- Google Buzz – අමුතුවෙන හදුන්වාදෙන්න ඕනේ නැහැනේ
- Jaiku – තවත් social networking සේවයක්
- iGoogle’s social features - iGoogle හි Social networking අංග
- Google Wave – අමුතුම ආකරයක ඊමේල් එකක්
- Google Friend Connect – වෙබ් අඩවි සදහා social network අංග
- Image Labeler, Sidewiki, Subscribed Links, Code Search, University Research Program for Google Search
මෙලෙස සේවා 20 කට ආසන්න ප්‍රමාණයක් නැවැත්වීමට තීරණය කලේ ඇයිද යන්න ගැන විවිධ මත මතු වෙනවා.
Google ආයතනය විවිධ අත්හදා බැලීම් සිදු කලා. ඔවුන්ගේ සැලැස්ම වුනේ පැවති සේවා සදහා Google ආදේශකයක් යොදා ඒ සදහා වන වෙලදපලත් ඔවුන් සතු කර ගැනීමටයි. සෑම ව්‍යාපාරයක්ම මෙලෙස අන් සතු වෙලදපලවල් ඔවුන් සතු කරගන්න උත්සහා කරනවා. ඉන් සමහරක් සාර්ථක වුනා. Gmail එයට හොදම උදාහරණයයි. Hotmail හා Yahoo mail සදහා වැලේ වැල් නැති වුනා. නමුත් සමහර නිෂ්පාදන අසාර්ථක වුනා. අසාර්ථක වුනා කියනවාට වඩා බලාපොරොත්තු වූ අයුරින් සාර්ථක වුනේ නෑ. Google Wave මීට හොදම උදාහරණයයි.
ඉතින් එම සේවා හා නිෂ්පාදන වසා දැමීම කල යුතුයි. ඔවුන් පවසන ආකාරයට එමගින් ඔවුන් හට ප්‍රධාන සේවා සදහා වැඩි අවධානයක් යොමු කරන්න පුලුවන්.
නමුත් බූඩි සිතන විදිහට ඇත්ත තත්වය වන්නේ මීට තරමක් වෙනස් කතාවක්.
Google ආයතනය සැරසෙන්නේ “ඔක්කොම එකම වහලක් යටින්” යන සංකල්පය ගෙන එන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ. ඉස්සර අපි පාමසි එකෙන් බේත් අරන්, මාකට් එකෙන් එලවලු අරන්, මස් කඩෙන් මස් අරන් තමා අපේ අවශ්‍යයයතා සපුරා ගන්නේ, නමුත් දැන් ආපිකෝ එකට හරි කාගිල්ස් හරි කීල්ස් හරි සුපර්මාකට් එකකට ගියා නම් වැඩේ හරි.
ඔන්න ඔය වගේ Google සැරැසෙන්නේ ඔක්කොම සේවා එක්තැන් කරන්න. ඉතින් ඔන්න ඒ එක්තැන් කරන්න හදන්නේ Google+ එකේ. සේවා ගොඩාක් නෑ. හැබැයි එකම තැනින් දැන් සේවා ඔක්කොම ගන්න පුලුවන්. එතකොට වෙන වෙනම සේවා වෙත පිවිසෙන්න ඕනේ නෑ. Google+ ගියාම වැඩ ඔක්කොම හරි.
මේ බව හොදටම තහවුරු වෙන්නේ මෙම ව්‍යාපෘති වල සේවය කරමින් සිටිය අය නොවිසුරුවා අනෙකුත් සාර්ථක ව්‍යාපෘතිවලට අනියුක්ත කිරීමයි. නමුත් සමහර ව්‍යාපෘතිනම් ඇත්තටම අසාර්ථක වුනු ඒවා. ඉතින් එවැනි ව්‍යාපෘතිත් මේ සමගම නවත්වා තිබෙනවා.
එකම සන්නමක් (Brand) යටතේ සේවා සැපයීම මගින් ඕනෑම සමාගමකට තම සේවා සංවර්ධනය කිරීම පහසු වෙනවා. බූඩි සිතන පරිදි ඔවුන්ගේ ඉලක්කය එයයි. මේ වන විය ඔවුන් අත ගැසූ සුයලු සේවා පිලිබද හොද දැනුමක් හා අවබෝධයක් ඔවුන් සතුයි. ඉතින් ඒවා Google+ වෙත එකතු කිරීම සිදුකල යුතු හොදම ආකාරයෙන් සිදුවෙනු ඇති බවයි බූඩි සිතන්නේ.
බූඩි දකින විදිහට Google Buzz සාර්ථක වුනා. එය නැවැත්වීමහි අදහස නම් Google+ සදහා යොමු කිරීමයි.
ආයතනක් ලෙස ඔවුන් ඉතාමත් හොදින් කටයුතු කරනවා.
ඕගොල්ලන්ගේ අදහස් ලියලා යන්න අමතක කරන්න එපා. මේ මගේ අදහස විතරයි.


සදරුවන්
2012 ජනවාරි 30
මලා බස් එක ඉවරද? ඕක ටුවිටර් එක්ක ගේමට පටන්ගත්ත එකක් නේද?
Asoka
2012 ජනවාරි 30
Cannot figure out exactly what is happening. However I think your idea can happen.
However their strategies are not predictable. Finally It is Google.
New view, thanks for sharing.
Buddika
2012 ජනවාරි 30
matanm ithn oke Search,Mail,Blogger,Youtube tibba ma athi,internet eke elawalu kaden paan ganna wade echhra honda na
Nadun
2012 ජනවාරි 30
Gmail,Blogger හැම එකේම ඉන්ටපේස් එක වෙනස් කලාට පස්සේ චාටර් වගේ නේ.
buddie-බුඩී
2012 ජනවාරි 30
බූඩිනම් ඒ වෙනසට කැමතිය. Blogger නම් බූඩි භාවිතා කරන්නේ නැත. දැන් ඔය ප්‍රශ්නේ facebook එකේ timeline එකටත් තිබුනනේ. කාලයක් යද්දි හරි යයි පුරුදු වෙද්දි.
සාබිත්
2012 ජනවාරි 30
දැන් ගූගල් එකවුන්ට් එකක් නැතුව අන්තර්ජාලයේ කරන්න දෙයක් නැතිම තරම්!
දිලංක
2012 ජනවාරි 30
මගුල තමයි…
budhajeewa
2012 ජනවාරි 30
Yahoo! වගේ දොඩං ගොඩ බදාගන්න යන්නෙ නැතුව මෙහෙම කරන එක කොච්චර දෙයක්ද? මගේ අදහස තමයි තවමත් Google වල සේවාවන් වෙන් වෙලා තියනවා වැඩියි. සියළුම සේවාවන් එකම profileයක් තුළට ගෙන එන්නට ඕනෑ, හරියට Facebook වගේ.
දිලංක
2012 ජනවාරි 30
මට නම් …
search =BING
net log =INTERNET EXPLORER 9
E-mail =Hotmail
facebook තරම් හිතට වදින්නේ නෑ google +
facebook නියමයි..