රෙද්ද කියන්නේ නැතුවම බැරි දෙයක්. විලි වහගන්න වගේම, සීතලෙන් බේරෙන්න, එක එක විලාසිතා දාන්න රෙද්ද නැතුවම බෑ. ඒවට විතරද ඇයි හිතේ තියෙන දේ එලියට දාන්න ඕන වෙලාවටත් රෙද්ද නැතුවම බැරි දෙයක්.
මේසෙට දාන රෙද්ද මේස රෙද්ද, ඇදට දාන රෙද්ද ඇද රෙද්ද , ජනේලට දාන රෙද්ද ජනෙල් රෙද්ද, ඔය වගේ රෙදි ගොඩයි. කම්බා රෙදි කාටත් මතක ඇතිනේ. ඉස්සර රෙද්දකින් වහගෙන ජායාරූප ගන්න කැමරා ඕගොල්ලොත් දැකලා ඇති. තාමත් කලු සුදු ජායාරූප ගන්න භාවිතා කරනවා ඔය වගේ කැමරා. ඔය ඉස්සර පිරිමි රෙද්දක් අදිද්දි ගමනක් බිමනක් යන්න කෝකටත් කියලා දිග කලිසමකුත් සමහර වෙලාවට යටට ඇන්දා. ඉතින් එතකොට සමහර අය මේක හැදුන්නුවේ, “රෙද්ද අස්සේ මහත්තයා” කියලා. ඉස්සර ඇදපු අමුඩ රෙද්දත් ඉතින් දැන් අතීතයට එකතු වෙලානේ.
“මොන රෙද්දක්ද?”, “රෙද්ද !” කියලා මල පැනපු වෙලාවට කෑගහන්නත් ඕක ඉස්සරහට එක එක ඒවා දාලා තවත් හැඩ වැඩ දාන්නත් පුලුවන් නිසා රෙද්ද කියන එක තරමක් විශේෂ දෙයක් වෙනවා.
“රෙද්ද උස්සන් කෑ ගහනවා” කියලත් යෙදුමක් තියෙනවා. මොකක් හරි දේකට කලබල වෙලා පිස්සුවක් නටන වෙලාවට මේක භාවිතා කරන්න පුලුවන්. “උඩ පනිනවා” කියලත් සමහර වෙලාවට පාවිච්චි කරන්නේ මේකටමයි නේ. ඔය කියන්නේ “මේ නිකන් උඩ පනින් නැතුව හිටපං” කියලා කියන්නේ. හැබැයි ඉතින් රෙද්දක් ඇදගෙන උඩ පැන්නොත් නම් රෙද්ද කඩා ගෙන වැටෙන්න පුලුවන්.
දැන් ඔය සමහරු කියන්නේ “ජිනීවා එකට ඔච්චර කෑ ගහන්න දෙයක් නෑ, ඕක සම්මත උනත් එච්චර අවුලක් නෑ, නිකන් රෙද්ද උස්සන් කෑ ගැහුවට වැඩක් නෑ” කියලා. හැබැයි ඉතින් අපේ ඇහේ තියෙන රොඩු කෑල්ල දකින ඇමෙරිකාවේ අයියලා ටිකට ඒ ගොල්ලන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති එක තමා පුදුමේ. බලන් යද්දි ඒ අයියලාත් කරන්නේ ”රෙද්ද උස්සන් කෑ ගහන” එකම තමා නේද? බලන් යද්දි අපේම කස්ටියත් මේ කට උල්පන්දම් දෙන්නේ ඇගේ රෙද්දක්වත් නැතිව තම නිර්වස්තර කම ලෝකෙටම පෙන්නමින් තමා. මේ ඔක්කොම දැකලා “මොන රෙද්දක්ද?” කියලා වගේ වගක් නැතිව ඉන්න අයත් නැතුවම නෙමේ !
රෙද්ද කියන එකේ බහු වචනේ වෙන්නේ රෙදි කියන එකයි. තමන්ගේ රෙදි තමන්ම හෝද ගන්න ඕනේ කියලා බූඩිගේ අම්මා බර බරේ දැම්මා බූඩිට මතකයි. “රෙදි හෝදනවා” කියන එකත් අපූරු කියමනක්. සමහර වෙලාවට “රෙදි අපුල්ලනවා” කියලත් කියනවා නොවෑ. මොනා උනත් තමන්ගේ රෙදි , තමන්ම හෝද ගන්න පුරුදුවෙන එකනම් හොද දෙයක්. නැත්නම් ඉතින් කසාද බදින ගෑනු දරුවට තමා කරදරේ !

ආයෙත් නිහාල් අයියගේ/ අටපට්ටමේ හසන්තගේ ස්ටැයිල් එක කොපි කරලා තමා මේ පෝස්ට් එක ලියන්න දැගලුවේ. මුලින්ම ලිව්වේ බල්ලා ගැන, මේක කොච්චර සාර්තකද කියලා ඕගොල්ලෙම තීරණය කරන්න.
නිමිත්ත : පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකේ බූඩි විහුලුවට දාපු කමෙන්ට් එකක් !


කිරිපුතා
2012 මාර්තු 22
මේකට ඕනෙ නැති රෙද්දක් නෑනෙ
buddie-බුඩී
2012 මාර්තු 22
මල ඉලව්වයි !!!
buruwa
2012 මාර්තු 22
mona reddakda me?
buddie-බුඩී
2012 මාර්තු 22
කෝ කෝ !!!!
නවම්
2012 මාර්තු 22
මොකෝ බං ටොපික් එක වෙනස් කලේ. මං මේ විගහට දුවං ආව කවුද මේ රෙද්ද උස්සං ඉන්නෙ කියල බලන්න. ඉස්තිරියාවක්ද දන්නෙත් නෑනෙව. හෙහ් හෙහ්..
buddie-බුඩී
2012 මාර්තු 22
ඩ්රාෆ්ට් එක පබ්ලිශ් උනානේ
, සමාවෙන්න ඕනේ
arunishapiro
2012 මාර්තු 22
රෙදි ඇඳන් ඉන්න එක කොච්චර හපන්කමක් දැයි දන්නෙ ඇඳන් ඉන්න අයයි!!!!
buddie-බුඩී
2012 මාර්තු 22
මොනා උනත් දැන් ඉතින් රෙද්දත් අභාවෙට ගිහින් නේද?
Shanthi Chandrasekera
2012 මාර්තු 22
Ape amma edawaswela mata baninne waradi wadak kalama baninne`loku duwe mata reddak andala pare bahala yanna ida thiyapan kiyalai.
buddie-බුඩී
2012 මාර්තු 22
ඒකත් ඇත්ත නොවෑ !
ka2e
2012 මාර්තු 23
ඔයාටත් ලියන්ඩ වෙන රෙද්දක් තිබුණෙම නැද්ද
Gold fish
2012 මාර්තු 23
මොන රෙද්දක් වුනත්… රෙද්දක් ඇඳන් පුළුවන් විදියට ලියලා… මරු බං…
Gold fish
2012 මාර්තු 23
මොන රෙද්දක් වුනත්… රෙද්දක් ඇඳන් පුළුවන් කියවන්න විදියට ලියලා… මරු බං…