නිවාඩු කාලයක් හම්බෙච්ච නිසා බූඩි දැන් වෙනදාටත් වඩා බිසි වෙලා, ඒක හින්දා ඉතින් බ්ලොග් එක පැත්තේ නිකන්වත් එන්න බැරි වුනා කාලෙකින්. මේ මාසෙට එක පෝස්ට් එකක්වත් දැම්මේ නැති නිසා ස්බාවධර්මයට හොදටම තරහා ගිහිල්ලද කොහෙද, හෙන ලොකු සුනාමියක් එවන්න තමා ලෑස්ති වුනේ. බූඩි ඉන්නෙත් ඉතින් මූද කිට්ටුවම හින්දා සුනාමියක් ආවනම් ඉතින් කියලා වැඩක් නෑ, බ්ලොග් ලිවිල්ලත් ඉවරයි. කොහොම හරි අන්තිමේදි සුනාමියක් ආවේ නෑ, වාසනාවට.
මුලින්ම 8.9 කියලා ආරංචි උන විශාලත්වය පස්සේ 8.7 උනා, ඒත් අවුරුදු 100 පස්සේ උන 8වන විශාලතම භූමිකම්පාව කියලා තමා කියවුනේ. මාරම සීන් එක කියන්නේ කොලබ ඇත්තන්ටත් මේක දැනිලා තියෙන් එකනේ. ඒ විතරක් නම් බැරියා නුවරඑලියටත් දැනිලලු. කොහොම හරි මේ කලබලේ අස්සේ අද වැඩට ගිය කස්ටියට එන්න විදියක් නැතිව හිරවෙලා ඉන්නවා කියලත් ආරංචියි.
මෙහෙම තත්වයක් තියෙද්දි තියෙන ලොකුම ජොලිය තමා පැතිරෙන කටකතා.
“භූමිකම්පා ගොඩක් වෙලාලු, මේ පාරත් ලොකු සුනාමියක් එයිද දන්නෑ !” , “පහ මාර වෙද්දි කොලබට එනවලු !” , “රට ඇතුලට කිමි 2 ක් වත් එයි ලු !”, “ඉන්දියාවෙත් මිනිස්සු අයින් වෙනවලු !” , “ඇමෙරිකාවටත් බලපානවලු!” , “අපිවත් හෙල්ලුනා නම් ඉතින් අහන්න දෙයක් නෑ නේ !” , ඔන්න ඔය වගේ කතා ගොඩයි.
මතක විදිහට මේ වෙන්න ගිය 4 වෙනි සුනාමිය වෙන්න ඕනේ. වෙන පාරවල් වගේ බූඩිගේ පැත්තේ කස්ටිය එච්චරම කලබල වුනේ නෑ වගේ තමා පෙනුනේ. මොනවා උනත් මේ අවධානමට මුහුණ දෙන්න ලෑස්තිවෙලා හිටපු විදිහ නම් පසසන්න ඕනේ. ඒ කියන්නේ රජයේ ආයතන.
දිග පෝස්ට් එකක් ලියන්න කියලා හිතන් වාඩි උනත් බෑ වගේ. ඒක නිසා දැන් මේක නවත්තනවා, හෙට දිගම දිග එකක් දාන්න හිතාගෙන.
පලි : අර සුනාමිය එක එක පලාතට එන වෙලාව හරියට ගණන් හදලා කිව්වනේ , ඉතින් එන්න ඒකයි ජී.පී.ස් එකයි එකට දාලා ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ වගේ කෝල් එකක් එනවා නම් මරු නේ. (ඇයි අර එක එක ඒවා කියලා කෝල් දෙන්නේ ඇන්ටිලා)
“සුභ සන්ද්‍යාවක්, ඔබ සුනාමියට බිලි වීමට ඇත්තේ තව විනාඩි 15 යි. කරුණාකර දෙයියෝ බුදුන් සිහිකරගන්න 1 ඔබන්න. ආදරවන්තයාට/වන්තියට පණිවිඩයක් තියන්න අංක 2 ඔබන්න. . . .. . …..”
(ඔන්න මේක දැකලා කොපි කරන්න එහෙම එපා)


සාතන්
2012 අප්‍රේල් 11
දත කට මැදගෙන හිටිය ටී. සුනාමි පිළිගන්න… වැඩක් වුනේ නෑ…
buddie-බුඩී
2012 අප්‍රේල් 11
ඔන්න දැන් අවදානමක් නෑ කියලා ශබ්ධවාහිනියෙන් කිව්වා
පව් සාතන්
chathuranga perera
2012 අප්‍රේල් 12
අර දුරකථන පණිවුඩය නම් එළ ! එපා කිව්වට කොපි කරයිද දන්නෑ ?
buddie-බුඩී
2012 අප්‍රේල් 12
හික්ස්, මේ ලෝක විනාසේ වෙන්නද දන්නෑ යන්නේ, නේ?
රූ
2012 අප්‍රේල් 12
කොහොම වුනත් සූදානම් සරීරෙ හොඳයි කියලා හිතුනා ඊයෙ නම්..
buddie-බුඩී
2012 අප්‍රේල් 12
ඒක ඇත්ත, සුදානම් ශරීරේ හොදයි තමා.
ඒ මොනවා ආවත් කමක් නෑ කියලා නිදාගත්ත කෙනෙකුත් ඉන්නවා කියන්නේ
Mobileman
2012 අප්‍රේල් 22
වාසනාවට ට්සුනාමිය ආවෙ නැති එක ඇත්ත. ඒ වුනත් මේ ලිපිය සෝපාහාසාත්මක බවක් ඇති කරවනව කියලයි මට හිතෙන්නෙ. (ඕක ටී සුනාමි නෙවෙයි ට්සුනාමි.)
buddie-බුඩී
2012 අප්‍රේල් 22
සෝපාහාසාත්මක මේ වචනයේ තේරුම මොකක්ද? උපහාසයද? උපහාසයක් ඇතිවෙන්න තමා මේක ලිව්වේ. ඕක ජපන් වචනයක් නේ ඉතින් සිංහලෙන් බූඩි දැම්මේ ටී-සුනාමි ලස්සනයි නේ