එකිනෙක ගැටුන ගුවන් යානා (ගුවන් තදබදය පාලනය) : ගුවන අරා 5.1.13

ගුවන් තදබදය හා බැදුනු පසුගිය පෝස්ට් එකෙදී පොරොන්දු උන විදිහට ඔන්න මේ පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් තදබදය පාලනය හා බැදුණු ගුවන් අනතුරක් ගැනයි. ගුවන් තදබදය පාලනය : ගුවන අරා 5.0 පෝස්ට් එක කියෙව්වෙ නැතිනම් ඒක කියවලා මේක කියවන්න. කොහොම හරි ඕගොල්ලන්ට මතක නම්, මෙම ගුවන් අනතුරට හේතු  වෙන්නේ Air Port Control කොටසේ සිදු වෙච්ච සුලු අත්වැරදීමක්. ඉතාම සුලු වැරදීමක් උනත් අන්තිමේදී ජිවිත 118 නැතිවීමෙන් තමා කෙලවර උනේ. පාලකවරයාගේ නොසැලකිල්ල මෙම අනතුර සදහා එක් සාධකයක් පමණක් උනා.

ගුවන් යානා අනතුරු ඉතිහාසයේ ප්‍රචලිත අනතුරක් ලෙස හදුන්වන්න පුලුවන් මෙම අනතුර නම් කරලා තියෙන්නේ Linate Airport disaster ලෙසයි. මෙම ගුවන් තොටුපල ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටා තියෙන්නේ.

දිනය : 2001 ඔක්තෝබර් 8

ගුවන් යානා දෙකක් ධාවන පතය මතදීම එකිනෙක ගැටීම සිදු උනා. එක් ගුවන් යානයක් වාණිජ මගී ප්‍රවාහන ගුවන් යානයක්. ස්කැන්ඩිනේවියානු ගුවන් සමාගමට අයිති ගුවන් යානා අංක 686 (SAS 686), McDonnell Douglas MD-87 වර්ගයේ ගුවන් යානයක්. අනෙක් ගුවන් යානය පුද්ගලික Cessna Citation ගුවන් යානයක්. (McDonnell Douglas ගුවන් යානා ගැන බූඩි සදහන් කරලා නැහැ, මෙම ගුවන් යානා වල එක් විශේෂත්වයක් වන්නේ ජෙට් එන්ජින් දෙක පිහිටා ඇත්තේ රඩර් එක ආසන්නයේ හෙවත් පිටුපස තටු ආසන්නයේ වීමයි)

Image Courtesy : Associate Press (AP)

අනතුර සිද්ධ වෙන්නේ මෙහෙමයි, ගුවන් පාලකවරයා Cessna Citation ගුවන් යානය වෙත අවසර ලබා දෙනවා බටහිර apron වෙත යාමට උතුරු taxiway (R5) මතින්.

Taxiway ලෙස හදුන්වන්නේ ගුවන් තොටුපලහි ගුවන් යානා සදහා ගමන් කිරීමට ලබාදී ඇති මාර්ගයි. ගුවන් ධාවන පථය නොවේ, ඊට අමතරව ගුවන් තොටුපල මත ඇති ගුවන් යානා එහාට මෙහාට යාමට සකසා ඇති මංතීරු ලෙස මේවා හැදිවිය හැකියි.

මෙදින ගුවන් තොටුපලෙහි දැඩි මීදුමක් පැතිර තිබිලා, මීටර් 100-150 දුර පමණක් පෙණෙන ස්වාභාවයක් තමා පැවත ඇත්තේ. කොහොම උනත් අවසානයේ Cessna Citation ගුවන් යානය ගමන් කොට ඇත්තේ දකුණු taxiway (R6) හරහායි. මෙය ප්‍රධාන ධාවන පතය (36R) ජේදනය කරමින් ගමන් කරන taxiway එකක්. මෙයට හේතුව ගුවන් පාලකගෙන් ලැබුණු නිස්චිත නොවන උපදෙසක්, දැඩි මීදුම නිසා ඔවුන් සිටින්න ස්ථානය ගැන අවබෝධයක් ගුවන් නියමුවන් හට තිබී නැහැ. අපහැදිලි taxiway සලකුණුද මෙම නියමුවන් අපහසුතාවයට පත් කොට තිබෙනවා. නමුත් අවසානයේදී ගුවන් නියමුවා නැවත තහවුරු කිරීමකින් තොරව R6 මතින් ගුවන් යානය ධාවනය කොට තිබෙනවා.

මේ සමගම වෙනත් පාලකවරයෙක් SAS 686 යානය සදහා 36R ධාවන පතය මගින් ගුවන් ගත වීමට අදාල නිදහස් කිරීම ලබාදී තිබෙනවා. SAS 686 ගුවන් යානය 36R ධාවන පතය මතින් ගුවන් ගත කිරීමට පැයට කි.මී. 250 ක වේගයෙන් ගමන් කරමින් පොලෝ මට්ටමින් ඉහලට එසවෙත්ම ධාවන පතය මැද වූ Cessna Citation ගුවන් යානය හි, SAS 686 ගුවන් යානයේ පිටුපස Landing Gear (පිටුපස රෝද, starboard landing gear ලෙස හදුන්වනවා) හා දකුණු ජෙට් එන්ජිම ගට්ටනය වන අතර ඒ ක්ෂණිකයෙන්  Cessna Citation ගුවන් යානය(පුද්ගලයින් 4 දෙනෙකු) ගිනි ගෙන විනාශ වනවා.

SAS 686 ගුවන් යානයේ නියමුවා ඉතිරි වූ වම්පස ජෙට් එන්ජිම පාලනය කරමින් ගොඩ බැසීමට දැඩි උත්සහයක් දරනවා, නමුත් අවසානයේ එය ගමන් මලු හසුරුවන ගොඩනැගිල්ලක් වෙත කඩාවැටී ගුවන් යානයේ සිටි පුද්ගල්යින් 110 දෙනා හා ගොඩනැගිල්ල තුල සිටි 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරනවා.

මෙම අනතුරට සම්බන්ධ වාර්තාව Agenzia Nazionale per la Sicurezza del Volo (ANSV) මගින් 2004 ජනවාරි 20 දින එලි දැක්වුවා. අනතුර සදහා ප්‍රධාන හේතු ලෙස, ගුවන් තොටුපල හි භූමි රේඩාර් හරි හැටි ක්‍රියාත්මක නොවීම, භූමි සලකුණු නියමිත පරිදි නඩත්තු නොකිරීම, ගුවන් පාලක වරයාගේ අවිනිශ්චිත උපදෙස් හේතු වූ බවයිසදහන් වන්නේ. කෙසේ වෙතත් අනතුර සිදුවී විනාඩි 20 ක් යන තෙක්ම ගුවන් පාලක කුලුණ මේ පිලිබද දැන ගන්නේ නෑ. පවතින දැඩි මීදුම නිසා දෘශ්‍යයය භාවය නොමැති වීම එයට හේතුවයි. අදාල සංවේදන ගුවන් තොටුපල භූමිය තුල නොමැති වීම නිසා මෙවැනි දැඩි මීදුම් තත්ව වලදී ගුවන් යානා හැසිරවීම අපහසු කරනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් පසු ගුවන් තොටුපල නවීකරනය කොට නිර්දේශිත ක්‍රියාමාර්ග ගනු ලබනවා. අවසානයේ ගුවන් පාලක ඇතුලු තවත් 4 දෙනෙකු මේ සදහා වැරදි කරුවන් බවට අධිකරණයෙන් තීරණය කරන අතර 118 දෙනෙකුගේ ජීවිත අහිමී වීමක්ද සිදු වනවා.

ගුවන් ගමන් පාලනය කෙතරම් බැරෑරුම්ද දැන් ඔබට අවබෝධටක් ඇති, මීලගට ගුවන් පාලනය හා සම්බන්ධ ගුවනේ වූ අනතුරක්ද, ඉන් පසු නැවතත් ධාවන පතයේ සිදුවූ තවත් බිහිසුනූ අනතුරක් ගෙන එන්නයි බූඩිගේ සූදානම . . .

ප්‍රතිචාර 3ක්

  1. අපි ගමනක් යන්න ලෑස්තිවෙලා ගුවන් තොටුපළට ගියාට පස්සෙ මීදුම නිසා ගමන කල් දාන්න වුනා කිව්වම ඇතිවෙන නොරිස්සුම් ගතියේ දී මතක් කරගත යුතු හොඳ පැහැදිලි කිරීමක්.

    හෙට අනිද්දා ප්ලෙන් එකකට නඟින්න ලෑස්ති වෙලා හිටියත් ඊ ළඟ බිහිසුනු අනතුර ගැනත් කියවන්න එනවා.

  2. ගුවන් ගමන කල්ගියා චණ්ඩ මාරුතය නිසා. දැන් තවත් මේ ගැන හිතලා හිත බය කරන්න කාලය වැඩිවෙනවා 😀

    මෙන්න ඒ අස්සෙ බුඩීගේ කතා මදිවට බය වැඩිකරන්න ඩෙන්සිල් වොෂිංටන් ඉන්න චිත්‍රපටියක් ද ඇවිත්
    Flight: http://en.wikipedia.org/wiki/Flight_(2012_film)

    ඒත් ඕවා ගැන හිත හිත ගමන නම් යනවා යනවාමයි!!!!

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න