VB.net මගින් MySql දත්ත සමුදායක් ප්‍රවේශ කරවීම

හැමදාම මගේ හිතට එන විකාර අදහස් විතරක්ම බ්ලොග් එකට ලියන්නෙ නැතුව මේක කියවන පාඨක ඔබටත් තරමක් හෝ වැඩක් තියෙන දෙයක් ලියන්න ඔනේ කියලා හිතලා තමයි මේක ලියන්න හිතුවේ.

මගේ යාලුවෙක් මගෙන් අහුව්ව VB.net  යොදා ගෙන  MySql  දත්ත සමුදයක් ප්‍රවේශ කරන්නෙ කොහොමද කියලා. එයාට දුන්නු පිලිතුර බ්ලොග් එකටත් දාන්න හිතුන. සමහර විට ඔබටත් වැදගත් වෙයි.

මුලින්ම මේ සදහා අවශය වන  connector එක පහත ලින්ක් එක මගින් භාගත කරගන්න.

MySql connector

මෙහිදී වර්ශන් එක ලෙස 6.1.3 හා පැලෑට්ෆොර්ම් එක ලෙස .NET & MONO  යන්න ‍තෝරන්න. ඉන්පසු එය භාගත කරගන්න. එහි ප්‍රමානය 2.9 මෙගාබයිට් පමන වනු ඇත.

ඉන්පසු මෙය එක්ස්ට්‍රැට් කර එම ෆොල්ඩර් එක ඔබගේ ප්‍රොජෙක්ට් එක සුර්ක්ශිත කොට ඇති ෆොල්ඩර් එක තුලට දමා ගන්න.

ඊට පස්සෙ කරන්න ඕනේ දේවල් ටික ස්ක්‍රීන් ශොට් වලින් පහත දක්වලා තියෙනවා.

screenshot 1

mysql.data.dll යන ‍ෆියිල් එක ප්‍රොජෙක්ට් එකට එකතු කරන්න අයුරු ඉහත දක්වා තියෙනවා.

ඊට පස්සෙ දත්ත ප්‍රවෙශ කරන්න බලාපොරොත්තු වන හැම ෆොර්ම් එකකටම පහත ඇති කෝඩ් එක ඇතුලු කරන්න. කෝඩ් එක ඇතුලු කරද්දි එය කේත සටහනේ ඉහලින්ම ඇතුලු කල යුතු වෙනවා.

Imports MySql.Data.MySqlClient

ඉන්පස්සේ දත්ත සමුදාය ප්‍රවේශ කරන ආකාරයට අදාල කේත පහත දක්වා තියෙනවා.


Dim connection As MySqlConnection
connection = New MySqlConnection()
connection.ConnectionString = "server=localhost; user id=root;password=admin;database=ict"
Try
connection.Open()
Dim command As MySqlCommand
command = connection.CreateCommand()
Dim Reader As MySqlDataReader

command.CommandText = “SELECT * FROM tblCourseDetails WHERE CourseCode='” & TextBox1.Text & “‘;”
Reader = command.ExecuteReader()
Dim i As Integer = 0
While (Reader.Read())
textArea.Text = “Course Code: ” & Reader.GetValue(i) & vbNewLine & ” Course Name :” & Reader.GetValue(i + 1) & vbNewLine & ” Course Fee :” & Reader.GetValue(i + 2) & vbNewLine & ” Course Duration :” & Reader.GetValue(i + 3)
i = i + 1
End While
If i = 0 Then
MessageBox.Show(“No record found !”, “Error”, MessageBoxButtons.OK, MessageBoxIcon.Stop)
End If
connection.Close()
Catch myerror As MySqlException
MessageBox.Show(“Error Connecting to Database: ” & myerror.Message)
Finally
connection.Dispose()
End Try

මෙහිදී VB.net, MySql පිලිබද දැනීමක් ඔබ හට ඇති බවට උපකල්පනය කර මෙය රචනා කරන ලදී. කෙසේ වුවද ඔබට කිසියම් ගැටලුවක් පැන නගී නම් මා හට දන්වන්න. හැකි පමනින් උදව් කරන්නම්. එහෙනම් නැවත හමුවෙමු

Advertisements

One comment

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )