මහ මැතිවරණ‍ය

ලියන්න දෙවල් ගොඩක් තියෙද්දි මේ කලේ නැගලා යන ටොපික් එකක් වෙච්ච ජන්දෙ ගැනත් කරුනු ටිකක් ගොනු කරන්න හිතුනා. ජන්ද ගොඩරියක් එක පිට එක තිබුන නිසා බහුතරයක් මේ ජන්දෙ එතරම් ගනන් ගත්තෙ නැහැ. ඇත්තෙන්ම කියනවනම් මමත් මගේ කතිරෙ ගහන්න ගියෙ කෙනෙක්ට වෙච්ච පොරොන්ඩුවක් නිස නැත් නම් මාත් ජන්ද පොල පෙත්තෙ යන්නෙ නෑ.

කොහොම කොහොම හරි අන්තිමෙදි ඒක්ත් ඉවර උනා (ජන්දෙ 0 කරපු පැතිවල ඇරෙන්න). කොහොම උනත් මේ පාර නම් ජනතාව ටිකක් ඔලුව භාවිතා කරලා තියෙනවා කියලා පේනවා මොකද  එතරම් වෙඩක් නොකර හොරකම් විතරක් කරපු ගොඩ දෙනෙක් ගෙදර යවන්න ජනතාව කටයුතු කරලා තියෙන නිසා.

පොලිටික්ස් ගැන මගේ එතරම් උනන්දුවක් නැති උනත් ජන්දෙ ගැන මට අහිච්ච රස කතා ටිකක් බ්ලොග් එකට දාන්න ඔනේ කියලා හිතුනා.

ජන්දෙ රිසල්ට් ගැන කතා කරපු ගොඩක් අය රෝහිත බෝගොල්ලගම මහතාගේ පරාජය ගැන හුගාක් දුක් උනා. මොකද එතුම වගේ කෙනෙක් අපේ ඇමති මන්ඩලයට ඉතාමත් අවශය නිසා. එතුම විදේශ ඇමති කාලේ ලන්කාව ට කරපු සේවය අතිමහත්. එතුම ලන්කාවෙ ප්‍රතිරූපය ඉහල නන්වන්න ඉතාමත් වෙහෙසුන කෙනෙක්. එතුමගෙ දුවට කෝටි භාගයක් විතර වියදමක් දරල උපන්දින සාද දැම්මෙ උන්නැහෙගෙ ආසාවට නෙමේ ලන්කාවෙ ලන්කාවෙ ප්‍රතිරූපය ඉහල නන්වන්න. මොනව උනත් ඉතින් ලන්කවේ ජනතාව (කොලබ ජනතාව) එතුම ගැන ගත්ත තීරනය නම් හරි මදි කියල තමා මට අහිච්ච හුගක් කතා වල සාරන්ශය උනේ.

ඒ අතරේ මට හොද තවත් කතාවක් අහන්න ලෑබුනා. මේක මගෙන් අහුවේ අපේ ගෙවල් ලග ඉන්න එ.ජා.ප. පාක්ශිකයෙක් මම එයට එ.ජා.ප. පාක්ශිකයා කියන්නෙ එයා එ.ජා.ප. යට වැඩ කරන හින්ද නම් නෙමේ එයා ඉස්සර වැඩ කලේ පින්නවල අලි අනාතාගාරයේ. එයා මගෙන් අහුව ප්‍රස්නෙ මේකයි.

“කියන්න බලන්න මේ පාර චන්දෙන් දින්නෙ කව්ද කියලා ??”

හරිම සරල ප්‍රස්නයක් නේ. බලන්න හිතලා කව්ද කියලා. මාත් ඉතින් මගේ පොලිටික්ස් දැනුම භාවිතා කරලා 2/3 ආසන්න ආසන ගානක් ගත්ත ජ්නාධිපති තුමා තමා දින්නෙ කියලා කිව්වා. මෙන්න ඒ පාර මාවත් අන්දුන් කුන්දුන් වෙන පිලිතුරක් මෙයා කිව්වා.

ඔහුගේ ප්‍රකාශයට අනුව දින්නෙ අපෙ සදාකලික විපක්ශ නායක තුමා වන රනිල් වික්‍රමසින්හ ලු. ඔහුගෙ විශ්ලේශනයට අනුව ඒක වෙන්නෙ මෙහෙමයි. 2004 පාර්ලිමෙන්තුවේ සන්යුතියට අනුව ජේ.වී.පී. එකට ආසන 40 කට කිට්‍ටු වෙන්න හම්බුනා ඒත් මේ පාර 5 ක් ගත්තෙත් තටමලා. ඉතින් විපක්ශ නායක කම සොමවන්ශට යයි කියලා දැන් බය වෙන්න දෙයක් නෑ (දන්නවනේ අපේ මන්ත්‍රීලගෙ පැනිලි).  අනික ජේ.වී.පී. එක අයේ නැගිටින්න බැරි විදිහටම වැ‍ටුනා. ඒ කියන්නෙ 2016 ආයේ චන්දෙ ඉල්ලන්න වෙන්නැ ඉල්ලුවත් වෙනසක් වෙන් නෑ. තරමක් හෝ කරදරයක් වේගන ආව ජෙනෙරල් තුමා හිරේ. එතුමා ඒ නඩුවෙන් ගැලවෙයි කියලා හිතන්නත් බෑ. ඉතින් පේන විදිහට 2016 ඉල්ලන්න වෙන්නෙ මේ විදිහටම තමා. ඒ කියන්නෙ පො.එ.පෙ. වාසනාවට රනිල් ජීවතුන් අතර හිටියොත් 2016 දීත් අපේ විපක්ශ නායක තුමා රනිල්ම තමා. අනික කරන්න දේකුත් නැනේ සිරිකොතට රින්ගන් ඉන්න විතරයි තියෙන්නේ. අධාර ඔක්කොම අඩු නැතිව ලැබෙනවා. එව්වා එයගේ නෝනගේ කාට හරි දුනම ඒ කරදරෙත් ඉවරයි. ඉදල හිටලා පොඩි ‍රැලියක් තිබ්බම වෙඩේ ගොඩ.  ඉතින් මෙතරම් පැහැදිලි අනාගතයක් තියෙන රනිල් නෙමෙද නියම ජයග්‍රාහකයා.

කොහොම හරි මේක ලියන්න මන් වෙන් කරපු කලේ ඉවරවේගන යනවා. ඉඩ ලැබෙන විදිහට ඉතුරු රස කතා ටික ලියන්නම්. එහෙනම් මම ගියා.

Advertisements

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w