සින්හල හින්දු අලුත් අවුරුද්ද !!

Posted on 2010 අප්‍රේල් 15

0


අද අප්‍රියෙල් 15, දින පොතට අදාලව නම් අද අවුරුදු දිනයට පසු දිනය. අපේ ගමේ සින්හල අවුරුද්ද සමරන්නෙ හිසතෙල් ගාන දවසට. ඒ කියන්නෙ අද. ඉතින් එදාට පවුල් වල පිරිස එකතු වෙලා නව අවුරුද්ද සමරනවා.  ඉතින් අවුරුදු සමරන්න අපිටත් ඇරයුමක් අපේ අල්ලපු ගෙදර අයගෙන් ලැබෙනවා. නෑදෑයෝ නොවුනත් ඊටත් වඩා ලොකු බැදීමක් අපේ පවුල් අතර තියෙනවා. ඒ ඉතින් අවුරුදු 100 කටත් වැඩි අල්ලපු ගෙදර කම නිසයි. කොහොම හරි මම මේ කියන්න යන්න අවුරුද්ද ගැනනේ. හරි ඉතින් නත්තල් දවසට අපේ ගෙදරට ඔවුන් එකතු වෙනවා වගේ අවුරුද්දට අපි එහෙදි එකතු වෙනවා. ඒ වෙලවට නම් රස කතා ගොඩාක් අහගන්න පුලුවන්.

Raban Gaseema

සින්හල අවුරුද්ද අපේ රට ඉතාම වැදගත් ඉසව්වක්. නව අවුරුද්දක් ලැබීම සැමරීම තමයි මෙහිදී සිදු කරන්නෙ. මෙය සින්හල මෙන්ම හින්දු සැමට වැදගත් වෙනවා. කෙසේ වුනත් පොදුවේ බෞද්ධයන් නොවන අනෙකුත් ආගමිකයන් මෙය එතරම් සැමරීමකට ලක් කරන් නැහැ. මේ දවස් ටික තුල මෙසේ වීමට හේතුව කල්පනා කරා.

මොනවා උනත් මේ වන විට සින්හල අවුරුද අපේ කම ගැන අපට මතක් කරල දෙනවා. අවුරුදු ලන්වෙදි සියලුම මාධය පොරකමින් එක එක ඉසව් සන්විධානය කරනවා. මේ අතරේ අවුරුදු උත්සව වලට හිමිවන්නෙ විශේශ ස්තානයක්. විවිධ තරග මෙන්ම විවිධ කැවිලි පෙවිලි සාදාගන්නා ආකාරය පවා ජනතාවට මතක් කරලා ඉගැන්වීමේ වගකීම අඩු වැඩි වශයෙන් රාජය මෙන්ම පුද්ගලික මාධය කරගෙන යනවා. කොහොම වුනත් අවුරුදු කාලෙට හරි අපේ කම ගැන මතක් වීම සතුටට කරුණක්.

අලුත් අවුරුද චාරිත්‍ර පවා මේ වන විට අනුගමනය කීරීම විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා කියලා මේ ලගදි ජේ. බී. සේනානායක මහතා ප්‍රකාශ කරලා තිබුනා. ඒත් තාමත් ගම්බද පැති වල මේවා පවතිනවා. අපේ ගමේ උනත් බොහොමයක් දෙනා මේවා පිලිපදිනවා. මේ සිරිත් තවත් බොහෝ කාලයක් නොනැසී පවතින එක ගැන නම් සැකයක් නැති වුනත් මෙම සිරිත් පිලිබද සැබෑ අවබෝධයක් ජනතාවට තියෙනවද කියල නම් පොඩි ගැටලුවක් තියෙනවා.

අවුරුද්ද පිලිගන්න රතින්යා පත්තු කිරීම සිදුකරන මුත් ඉදලා හිටලවත් රබන් සද්දයක් ඇහෙන්නෙ රූප පෙට්ටියෙන් විතරයි. දැන් රබානක් හොයා ගන්න එක කොතරම් අමාරු දෙයක්ද. ඉස්සර නම් එකක් අපේ ගෙදරත් එකක් තිබුනා. දැන් නම් ඒකත් දිරලා.

කොහොම හරි කාලෙන් කාලෙට අවුරුද්ද සමරන එකත් වෙනස් වෙන එක හොදයි නේද ? මඩොල් දූවේ විස්තර උන අවුරුද්ද මාටින් වික්‍රමසින්හ මහතා දැකපු අවුරුද්දයි. දැන් අපි විස්තර කරන්නෙ අපි දැකපු අවුරුද්දයි. තව ඉදිරියට මෙම සැමරීම තවත් වෙනස් වෙයි. මොනවා වුනත් වෙනස් වෙවී හරි අපේ කම සහ චාරිත්‍ර ඉතිරි වෙන්න කියලා ප්‍රර්තනා කරනවා.

නැවතත් සුභ අලුත් අවුරුද්දක් කියා මම සමුගන්නවා.

Advertisements