අරුම පුදුම ගුවන් තො‍ටුපොලක්

Posted on 2010 අප්‍රේල් 16

7


මේ සටහන ලියන්න පාදක උනේ ලගදි මට ලැබිච්ච ඉලෙක්ට්‍රොනික තැපෑලක්. සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති ඒත් දන්න නොදන්න සියලු දෙනාගේ දැන ගැනීම පිනිස මම මේ සටහන යොදනවා.

ස්පාඤ්ඤ යට මයිම්ව තියෙන පුංචි රටක් ගැන තමා මේ සටහන, ඇත්තට මේ රට ගැනටත් වඩා ඒ රටේ තියෙන ගුවන් තො‍ටුපොලක් ගැනයි.

ලෝකයේ ස්ථාවර රටවල් අතරින් මේ රටට හිමිවන්නේ 5 වන ස්ථානය. ඒ 2008 වාර්තා අනුවයි. බ්‍රිතාන්යය අධිරාජය යටත් විජිතයක්ව පැවති මේ රට දෙවන ලෝක යුද්ධයේදී පවා බ්‍රිතාන්යයේ නැව් හා ගුවන් කටයුතු සදහා ඉමහත් පිටිවහලක් වී තිබෙනවා. අපොයි ඔක්කොම කිව්වත් රටේ නම කියන්න බැරි උනා නේ. රටේ නම තමා Gibraltar. මේ රටේ තියෙනවා ලස්සන කන්දක් ඒකේ රූපයක් තමා පහත ද්ක්ව තියෙන්නෙ.

mountain

මන් ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ මම රට ගැන නෙමේ නේ කතා කරන්න යන්නෙ ඒකෙ තියෙන ගුවන් තො‍ටුපොල ගැන නේ. ඉතින් ඒ රටේ තියෙනවා ගුවන් තො‍ටුපොලක්. මේ ගුවන් තො‍ටුපල කුඩා එකක්. එහි ගුවන් ධාවන පථය හි දිග කි. මී. 1.829 පමන වෙනවා. බණ්ඩාරණායක ගුවන් තො‍ටුපොලෙහි ගුවන් ධාවන පථය හි දිග කි. මී. 3.35 ක්.

දැන් ඕගොල්ලො බලනවා ඇති මේ පුන්චි රටේ මේ පුන්චි ගුවන් තො‍ටුපොලක් ගැන මොකක්ද තියෙන විශේශය කියලා. විශේශය තමයි මේ ගුවන් තො‍ටුපොලේ ධාවන පථය ක්‍රියාකාරී වෙන්නෙ හරියට අපේ රටේ කොච්චි පාරක් ක්‍රියාත්මක වෙන විදිහටයි. ඒ කියන්නෙ ධාවන පථය හා සාමාන්නය මාර්ගය එකිනෙක හරහා තමා වැටී තිබෙන්නේ.

ඔන්න ඕක තමා මේ ගුවන් තො‍ටුපොලෙහි තිබෙන විශේශත්වය.

ගුවන් යානයක් ඉහල නන්වන විට මාර්ගය වසා තමා ගුවන් ධාවන පථය භාවිතා කරන්නේ. අපූරුයි නේද?

පහත දක්වා ඇත්තේ එහි ජායාරූප කිහිපයක්.

pic 1

pic 2

pic3

pic4

pic5

මෙම ලිපිය ලියන්න භාවිතා කලේ –

Gibraltar [Wikipedia]
Gibraltar Airport[Wikipedia]
Photos [blogspot]

තවත් අරුම පුදුම දෙවල් සමගින් හමුවෙමු.

Advertisements