නෙතට කදුලක් (සතු‍ටු)

අද (2010 අප්‍රියෙල් 17) මම අවුරුදු නිවාඩුවට පස්සේ පලවෙනි වතාවට ෆැකල්ටිය පැත්තේ ගියා. මන් විතරක් ඇති කියලා හිතන් හිටියට සෑහෙන තරම් යලුවෝ ගොඩක් ඇවිල්ල හිටියා. හැබැයි ඒ අවුරුද ප්‍රීතිය සමරන්න නෙමේ. අගහරුවාදා ට සබ්මිට් කරන්න තිබුන ඩිසයින් ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න.

මේ අතරේ අප සියල්ල විශමයටත් ප්‍රීතියටත් පත් කරමින් සදිසි අනතුරක් නිසා රෝහල් ගතව සිටී අප මිතුරු බණ්ඩාර කිහිලිකරුවක් අධාරයෙන් අප අතරට පැමිනීමයි. ඔහුගේ පැමිනීම අප හට බලවත් ප්‍රීතියක් වුනා, මන්ද එමගින් ඔහු ලබා ඇති සුවය පිලිබද අපට වැටහුනු නිසායි.

ඔහුගේ බලවත් උත්සහ නිසා ඔහු මේ සියල්ල ලගාකරගත් බව අපට පසක් වුයේ ඔහු කිසිම අයෙකුගේ අධාරයක් නොමැතිව පඩිපෙල නැගි අයුරිනි.

හැකි ඉක්මනින් සියයට සියයක්ම සුව ලබා නැවතත් ලබන සෙමෙස්ටරය හි හමුවෙමු, ඒ අප සැමගේ පැතුමයි.

ප්‍රතිචාර 2ක්

supun වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න