පොඩි රස කතාවක් . . . . .

ඔන්න අද නම් රස කතාවක් ලියන්න කියලා තමයි මේ සැරසෙන්නේ. මේ කතාව සමහර අය අහලා ඇති ඒත් අහලා ඇති නැති හැමෝම මේ කතාව රස කර කර කියවයි කියලා හිතනවා.

මේක උනු කතාවක් මේ කතාව අහන්න හම්බුනේ අද බෝඩිමේ රෑට කද්දි. සාමානයෙන් කන වෙලාවට දවසේ වෙච්ච දේවල්, රස කතා කියන එක සිරිතක්. ඉතින් ඒ කතා අතරින් එකක් තමා මේ.. එහෙනම් ඔන්න අහගන්න කතාව.

pic1

මේක වෙලා තියෙන්නේ එල්‍ෆින්ස්ටන් රගහලේ ගොඩ කාලෙකට ඉස්සෙල්ලා.

නාටකයේ නම නම් මතක නෑ. මේක නාටකයක් සම්භන්ධ දෙයක්. ඉතින් මේ නාටකයේ එක් ජවනිකාවකදී වෙඩි පහරක් තියන්න තිබුනලු. ඉතින් ඒ කාලේ එතරම් තාක්ශණය දියුණු නැති නිසා මේ සදහා යොදා ගත්තෙ රතින්යා කරලක් ලු. කොහොම හරි මේ ජොබ් එක බාර දුන්නු පොර එදා හොදට බීලලු හිටියේ. කෝම කෝම හරි ඉතින් නාටකයේ වෙඩිල්ල තියන්න ඕනේ හරිය ආවලු. ඔන්න ඉතින් අපේ කතාවේ කතා නායක ඒ කියන්නේ මේ නාටයේ නලුවා, තුවක්කුව දික් කරන් ඉන්නවලු වෙඩි තියන්න. ඒත් ඉතින් තාම රතින්නේ පත්ත්තු වෙන් නෑලු. ඉතින් බැරිම තැන අර නලුවත් මීටරේ පාවිච්චි කරලා පොඩි බුද්දිමත් වැඩක් කෙරුවලු ජාමේ බේරගන්න. ඔන්න ඉතින් මේ නලුවා කිව්වලු අර මරන්න ගිය කෙනාට ඔහේ වගේ එකෙක්ව මරන්න උන්ඩයක් නාස්ති කරන්න බෑ. කියලා තුවක්කුව පැත්තකට දාලා ඉනේ තියෙන කිනිස්ස ඇදලා අරන් දුශ්ඨයට අනින්න ගියාලු. ඔන්න ඉතින් වැඩේ කියන්නෙ එතකොටම රතින්නේ පත්තු උනාලු.

මරු වැඩේ නේද ? ඇත්තම කියන්නෙ මන් මේක මීට කලින් අහලා නෑ. ඒකයි රස කර කර කියවන්න ලිව්වේ. මේක කලින් අහලා තියෙනවා නම් ඉතින් කමක් නෑ තව පාරක් කියෙව්වා කියලා පොඩි කමෙන්ට් එකක් දාලා යන්න.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. සුභ රාත්‍රියක්.

Advertisements

12 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w