නැවත වතාවක් සෝමාවතියෙන් ‍රැස් විහිදේ . . . . .

නැවත වතාවක් සෝමාවතියෙන් බුදු ‍රැස් විහිදුන බවට වාර්තා වී ඇත. මේ සැරසෙන්නේ ඒ ගැන කියන්න නම් නෙමේ. ඔයාලට මේ ගැන දැන ගන්න මේ සබැදුම බලන්න.

සබැදුම

ඉතින් මේක ඇත්තක්ද නැද්ද? මොකද හිතන්නේ ??

මේ සැබැදුමේ ඇති වීඩියෝ එකෙහි සිදුවීම හොදින් බලා ගන්න පුලුවන්.

මහා බලැති ශේෂ්ඨ බුදු රජාණණ්ට තම බල පරාක්‍රම යොදා මැවැනි ප්‍රතිහාර්ය පෑමට කිසිදු අවශතාවක් නැති බව මාගේ හැගීමයි.

එසේනම් මේ කුමක්ද? විශ්වයේ කෙතරම් දැ මේ වනවිට සිදුවන ආකාරය සොයාගෙන ඇත්ද? එසෙනම් ඔබට වැටහෙනවා ඇති මෙයත් එලෙස තවම අපට ගෝචර නොවන දෙයක් බව. අතීතයේ හාවෙක් සදේ හිටිය අයුරුත් එය දෙවියන් ඇන්ද බවත් අප විශ්වාශ කලා. සූර්යය ගහණ දෙවියන් විසින් සිදුකලායැයි අප විශ්වාශ කලා. නමුත් දැන්, අනාගතයෙදී මෙයට හේතුව සොයාගනු ඇත.

එනිසා අන්ධ නොවන්න, බුද්ධිමත වන්න. ඒ අවස්තාවේදී සාධු කාර දුන්නේ සැබෑ බොදුවන්ද යන්න සැක සහිත වේ. බොදුවන් අනෙක් ආගම් මෙන් නොව මනා තර්කානුකූල බුදධි ගොචර පදනමක් මත පිහිටා ඇත. එහෙත් එය අදහන පිරිස මෙසේ අන්ධ වුයේ ඇයි (සියල්ල්ලෝම නොවේ).

අපේ ඇස අපව රවට්ටනවා ඉතින් මේ දකින හැම දේම විශ්වාස කරන්න එපා. පහත රෑපය සාක්කියකි දරයි මගේ මතයට.

pic 1

ඔබගේ අදහස් ඉතා වටිනවා, ඒක නිසා comment එකක් දාලා යන්න. මේක ලිව්වේ මට හිතෙන දේ අනුව මම වැරදි වෙන්න පුලුවන්. එනිසා මාව නිවැරදි කරන්න. නැවත හමු වෙමු.

Advertisements

20 comments

      • හරි උනත් වැරදි උනත් යමක් ප්‍රශ්න කරන්න බුදු හාමුදුරුවෝ දීපු නිදහස අද අපේ බෞද්ධයා පාවිච්චි කරන්නෙත් නෑ. ඒ මදිවට ඒක කරන මිනිහට ලෝකේ නැති චෝදනා කරනව. ලංකාවෙ ඉන්නෙ තලෙයිබාන් බෞද්ධයො

      • විමසනවා කියන්නේ එකක්, වල් බූරු නිදහස පාවිච්චි කරල තමන්ගේ තියන වාචාලකමට කෑගහනවා කියන්නේ අනෙකක්. ඔයාට ඉස්සෙල්ලා ඒක කියාදෙන්න වෙලානේ!. “තලෙයිබාන් බෞද්ධයො” කියලා පිරිසක් ගැන මම අහලා නෑ. ඒක සමහර විට ඔයාගේ නිර්වචනයක් වෙන්න ඇති.

        කතෘ සටහන :: පහත සදහන සමග සම්බන්ධයි ::
        “හරි උනත් වැරදි උනත් යමක් ප්‍රශ්න කරන්න බුදු හාමුදුරුවෝ දීපු නිදහස අද අපේ බෞද්ධයා පාවිච්චි කරන්නෙත් නෑ. ඒ මදිවට ඒක කරන මිනිහට ලෝකේ නැති චෝදනා කරනව. ලංකාවෙ ඉන්නෙ තලෙයිබාන් බෞද්ධයො”

      • @kushan
        කතාවක් තියෙනව දන්නෙ නැති දේට ගොලු වෙයං කියල. දන්නෙ නැත්තං අහල නැත්තං එක්කො කටවහගෙන ඉන්න ඕනෙ නැත්නම් හොයල බලන්න ඕනෙ. ඒක මගේ නිර්වචනයක් නෙමේ. වල්බූරු නිදහස කියන එක ගැනයි, විමසීම කියන එක ගැනයි මම හොඳට දන්නවා. මෙතන අර සෝම රැස් ගැන කියපු කෙනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒක පාවිච්චි කරල නෑ.

        • කත්‍රෘ :: මා විසින් මෙම ලිපිය ලියනු ලැබුවේ හුදු දැනුවත් කිරිමෙ අරමුණකිනි. මෙහිදි ලාන්කිය බෞද්ධයන් වවෙඡනයට නොවෙ. කරුණාකර මෙම රැස් විහිදිමෙ සන්සිද්දිය පමණක් කතිකාවතට බ්දුන් කරන්න. මින් පසු ඊට අදාල නොවන සියලු සන්වාද පලකරනු නොලබන බව කරුණාවෙන් සලකන්න.

      • @තරිඳු
        මම කිව්වේ මේ ලිපිය ලියපු කෙනා ගැන නොවෙයි!. මම ඒකෙන් අදහස් කලේ ඔබ කියන “නිදහස” භාවිතා කරන වෙනත් පිරිසක් ගැනයි.
        කවුරු කිව්වත් මම “ලංකාවෙ ඉන්නෙ තලෙයිබාන් බෞද්ධයො” කියන එක පිලිගන්නේ නෑ. ” ලංකාවෙ ඉන්න සුලු පිරිසක් තලෙයිබාන් බෞද්ධයො” කිව්වානම් තව කමක් නෑ. මටත් ඔබට කියන්න තියෙන්නේ “දන්නෙ නැති දේට ගොලු වෙයං කියල” තමයි.

      • මගේ දැනීම කොහොමද මම මොනාද දන්නෙ කියන එක ගැන මෙතන කතා කරල වැඩක් නෑ. මගේ බ්ලොග් එකේ තියෙන දේවල් කියෙව්වොත් සමහර විට තේරෙයි ඇයි මම එහෙම කියන්නෙ මොන අයිතියකින් මොනා දැනගෙනද කියන්නෙ කියල. මම කියන දේ පිලිගැනීම නොගැනීම ඔබේ අයිතියක් ඒකට මගෙන් බලපෑමක් නෑ.

  1. අම්මෝ.. පිස්සු හැදෙනවා.. මේක ගොඩක් වෙලාවට අපි හිතින් හදා ගත්ත එකක වෙන්නත් පුලුවන්. සමහර කාල වලට බුදුපිලිම වලිනුත් රැස් විහිදෙනවා කියල කතාවකුත් ගියානේ.. කට්ටිය පෝලිමට ගියනෙ ඕක බලන්න.. මමත් ගියා ඕක බලන්න.. බොරු කියන්නෙ මොකටද මාත් ඕක දැක්කා.. නමුත් අපෙ අය කිව්වොත් මෙන්න රැස්විහිදෙනවා කියල.. එතන ඉන්න හැමෝම කියන්න ගන්න අපිටත් පේනවා කියල..හික් හික්.. මොකද අපෙ කට්ටිය කැමති නෑනේ පරදින්න.. බොරුවට හරි කියනවා අපිත් දැක්ක කියල බලනකොට දැකපු දෙයක් නෑ….! ඕක බොරු කියල පස්සෙ ඔප්පු කරානේ.. ඇස් බැන්දුමක් වගෙ දෙයක් ලු.. තැබිලි පාටයි කහ පාටයි එකතු වෙන තැන පොඩි දම් පාට තීරුවක් වගෙ පේන්න ගන්නවා……මේකත් ඔහොම දෙයක්ද දන්නෙ නෑ.. හැබයි කියන්න බෑ බුදුදහම කියන්නේ සත්ය දෙයක් නිසා මේක ඇත්ත වෙන්නත් පුලුවන්..! බුදුදහම විද්‍යාවෙනුත් ඔප්පු කරන්න බැරි දේවල් ගොඩකින් සන්නද්ධ ආගමක්නේ….. කියන්න බෑ ඇත්තටම රැස් විහිදෙනවද කියල.. අපේ ඇස් ඉක්මනට රැවටෙන සුලුයිනේ…..!
    ප.ලියමි-
    මෙම කමෙන්ට් එක නිසා කුමන හෝ අසාධාරනයක් වූයේ නම් සමාවුන මැනවි…….!

  2. ඇහැට නොපෙනෙන පමණින්, විද්‍යාවට නොපෙනෙන තරමින් එවැනි දේවල් නැහැ කීමට තරම් අපි කුහක විය යුතු නෑ.
    ඒ ගැන විද්‍යාත්මකවත් සොයා බැලිය යුතුයි. නමුත් ප්‍රාතිහාර්යයන් යැයි දේවල් එක්වරම බැහැර කිරිම විද්‍යානුකූල මනසක් එක්වරම කරන දෙයක් නොවේ.

  3. ඉස්සෙල්ලම කියන්නඕන බුද්ධ විෂය අනන්තයි. බුදු කෙනෙකුට ඇරෙන්න මේ විෂය කාටවත් විග්‍රහ කරන්න බෑ. සාමාන්‍ය විදියට නම් ධාතු වලට කිසිම ඍධි බලයක් හෝ වෙනයම් බලයක් නෑ. ඒත් බුදු හාමුදුරුවො අධිෂ්ඨාන කරල තිබුනොත් එහෙම දෙයක් වෙන්න කියල ඒ අධිෂ්ඨානයට අනුව වෙන දේවල් වෙනව. මොකද ඕනම කෙනෙක් කරන අධිෂ්ඨාන මේ විශ්වයෙ පුරාවටම තියනව.(පොත් පත් වල සඳහන් වේ) ඉතින් සමහර විට මේකත් එහෙම දෙයක් වෙන්න පුලුවන්. මේ සිද්දිය බුදුදහමෙ විදියට තව විදිවලටත් විග්‍රහ කරන්න පුළුවන්… තව කියනවනම් සුනාමියෙන් ඔක්කොම දේවල් විනාසවෙද්දි බුදු හාමුදුරුවන්ගෙ ශාරීරික, පාරිභොගික, උද්දේශික කියන බෝධි තුන ඉතුරුවෙයිද……..

  4. තව එකක්…. විද්‍යාවෙන් බුදු දහම ඔප්පු කරන්න බෑ.. බුදු දහමෙන් විද්‍යාව ඔප්පු කරනව මිසක්….. මොකද බුදු දහම විද්‍යාවට වඩා දුර ගිය එකක්… බටහිර ක්‍රමයට විද්‍යාවේ දියුණුව උපරිමයට ආ කල, පෙරදිගින් බුදු දහම ඔස්සේ විද්‍යාවේ දියුණුව සිද්ද වේවි……….

  5. මම දන්නේ නෑ මේ බ්ලොග් එක ලියන්නේ කවුද කියලා…ඒත් ලියන කෙනාගේ වගකීමක් තමයි මේ වගේ මාතෘකා ලියනකොට කිසියම් වගකීමකින් ක්‍රියා කිරීම. එක එක අමනයන් දාන මෝඩ comments ඉවත් කරන එක ලියන කෙනාගේ වගකීමක්. (ලියලා පැත්තකට වෙලා හරියන්නේ නෑ !). “Ajith” කියන කෙනා දාපු comment එක ගැන පොඩ්ඩක් බැලුවොත් හොඳයි.

  6. සෝමාවතියේ සිදුවුන සිදුවීම බුදු රජාණන් වහන්සේ කල ප්‍රාතිහාර්‍යක් යයි කීම(හෝ සිතීම පවා) කිසිම අර්ථයක් නැති දෙයක්. මට හිතෙන ආකාරයට මෙතැනදී සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු විසින් බුදුන් වහන්සේගේ ධාතුන් වන්දනා කිරීමේදි ඇතිවන දෙයක් වන්නට පුලුවන්.(අදහසක් පමණයි ). බොහොමයක් සූත්‍ර වල තියනවානේ දෙවිවරු ජේතවනය බබුලුවාගෙන දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණියා කියලා.මෙවැනි දෑ අපිට විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුලුවන්ද? දෙවිවරු ඉන්නේ මොන සංඛ්‍යාතයෙද මොන මානයේද , සිව්වන මානයෙද?, පස්වන මානයේද කියලා අපි දන්නේ නෑ නේ. මේ නිසා පැහැදිලි ක‍රන්න බැරි හැමදෙයක්ම ඇස් බැන්දුම් ලෙස දැකීම අවිද්‍යාවයි.
    ඔබ කියන විදියට මෙය ඇස් බැන්දුමක් නම් එය නිත‍ර(බොහෝ විට) දැකිය හැකිවිය යුතුයි. අනිත් එක එය ඔප්පු ක‍ර පෙන්වීමත් පහසුයි.

    2)”ඒ අවස්තාවේදී සාධු කාර දුන්නේ සැබෑ බොදුවන්ද යන්න සැක සහිත වේ”
    ඔබ “ඒ අවස්ථාවේ” යනුවෙන් අදහස් කල අවස්ථාව ගැන මට පැහැදිලි නෑ
    බුදුන් වහන්සේ කෙරෙහි ඇතිවුන ශ්‍රද්ධාවකින් සාධුකාර දුන්නා නොවෙද? බුදුන් වහන්සේ කිසිවිටකත් ශ්‍රද්ධාව පහත් දෙයක් ලාමක දෙයක් විදියට පෙන්වා දී නැහැ. ශ්‍රද්ධාව නැති තැන ප්‍රඥාව නැහැ! ඒ නිසා ඔබගේ එම අදහස මම පිලිකුල් සහගතව හෙලා දකිනවා.
    කෙසේ වෙතත් මෙවැනි මාතෘකා දැන් පවතින විද්‍යාවන් සමග ගැටලීමට යෑම නුවණට හුරුනැහැ. බුදුන් වහන්සේගේ ජීවිතය ආශ්චර්‍යයෙන් පිරුනු එකක්. එමෙන්ම බුද්ධ විශය අචින්ත්‍යයි. මේහා සැසඳීමේදී අද “නූතන” යයි කියාගන්නා විද්‍යාව මොන්ටිසෝරි පන්තිය වගේ.
    මගේ අදහස දැක්වීමට ඉඩ ලබාදුන්නාට ස්තුතියි.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )