මරණයේ සතිය . . . . .

Posted on 2010 අප්‍රේල් 27

0


මාතෘකාව කියවලා බය වෙන්න එපා, මේ ලියන්න යන්නේ මරණය ගැන නම් නෙමේ. මට කියන්න තියෙන ඔක්කොම එක ලිපියකට ගොනු කරන්න ඕනේ නිසා මම කාරණා ටික පිලිවෙලට කියාගෙන කියාගෙන යන්නම්.

මුලින්ම හෙට ඕපන් ඔ‍ෆිස් මැරතන් එක දුවන ඔක්කොටම සුභ පතනවා, විවෘත මෘදුකාන්ග වලට බොක්කෙන්ම දෙන සප් එකට ගොඩාක් පින් ඒ ඔක්කොටම, පෝය දවස තමා ඒත් පුලුවන් නම් දුවන්නැති අනිත් අයත් දුවන්න බලන්න. !! මේ මැරතන් එකට දුවන කැලණිය විශ්වවිද්දයාලේ, MIT එකේ කටටිය විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ.

banner

එන්ඩ් සෙමෙස්ටර විභාගය නිසා මේ සැරේ හැම මැරතන් එකක්ම මග හැ‍රැනා. හෙට වතුර එකක් හරි ගහන්න ඒ පැත්තේ එන්නම්. මොනා කරන්නද අභාගේ තමා. මේ විභාග කෝමත් අපේ අභාගේ තමා. ඇයි ඒ විතරක්ද GSoC ඔක්කොම ඉවරයි . . . . . .

කරන්න දෙයක් නෑ පෙරලුන පිට හොදයි කියලා එන්ඩ් එකවත් ගොඩ දාන්න උපරිම බලය යොදන්න තීරණය කලා.

තව ටිකෙන් ලිපියේ මාතෘකාව ගැන කියන්න බැරි වෙනවා, මරණයේ සතිය කියලා කිව්වේ dead week එකට ඇත්තටම මේ සතියේ නොමැරී ඉන්නේ මාර අමාරුවෙන්, කන්න ගියත් බොන්න ගියන්, නිදාගන්න ගියත්, හාමිතේ එක්ක මලක් කඩන්න ගියත් මතක් වෙන්නෙ විභාගේ හා ඇණ. ඉතින් මේ නිසා ඔක්කොම කොට උඩ.

logo

ඉතින් විභාගේ ගොඩ දාන ඒ මහා මෙහෙයුම ගිය සිකුරාදා සුභ මොහොතින් ආරම්භ කලා. යාලුවෝ දෙන්නෙක් එක්ක සෙට් වෙලා. දැනට නම් තත්වය යහපත් වගේ. ගිරවා දාන්න ගොඩාක් දෙවල් තියෙනවා. කම්මැලි වෙලාවට බ්ලොග් එකට පොඩි ලිපියක් ලියන එක තමා තියෙන එකම සතුට.

කොහොම හරි “මරණයේ සතිය” මේ සිකුරාදායින් අවසන්. ලබන සදුදා ඉදලා විභාගේ. කාල සටහන නම් ෂේප්. අවුලක් නෑ.

ඉතින් මේ නරක කාලයෙන් පසු නැවත හම්බෙමු.

ටටා බායි !!!!!!

ප.ලි. – මේක ලිව්වේ ඉතාමත් කරදර අස්සේ, මගේ කාමරේ ඉන්න අනික් යාලුවන්ගේ ‍රැවුම් ගෙරවුම් මධ්යේ. මොකද නෙට් ගිය නිසා. ලංකාවේ මාධය්ය නිදහස මගේ ඇස් පනා පිටම උල්ලංඝණය වෙනවා. මොනා උනත් මගේ යාලුවෙක් කිව්වා මේකට “මාරයාගේ සතිය” කියලා දාන්න කියලා. මොකක්ද හොද කියලා ඔයාලම comment එකක් දාලා යන්නකෝ.

Advertisements