වලාකුලු හා පරිගනකය

මෙ ටිකේ වැඩ හොඩයි, වෙලාව අඩුයි. ඉතින් කොහොමද බ්ලොග් එකට පෝස්ට් එකක් වත් දාන්නෙ. කොහොම හරි හම්බෙච්ච් වෙලාවෙ පොඩි ලිපියක් ලියන්න හිතුනා.

pic 1

මාතෘකාව නම් අපරබන්සයක් වගෙ නේද පේන්නේ, එත් මම ලියන්න යන්නෙ වලාකුලු ගැන නම් නෙමේ. මේ වලාකුලු පරිගනක ගැනයි. වලාකුලු පරිගනක කියලා දැම්මෙ Cloud Computing කියන්න. ඒක අන්ත්‍ර්ජාලය මත පදනම්ව ඉල්ලුම අනුව සේවා සැපයීමක් තමා සරලව සිදුවෙන්නෙ. හරියට අපිට කරන්ට් එක හම්බෙනවා වගේ. මේක මේ දවස් ව්ල නැගලා යන ටොපික් එකක්. ඒක නිසා ඔයාලව මේක ගැන පුලුවන් තරමින් දැනුවත් කරන්න උත්සහා කරන්නම්.

අලි මදිවට හරක් කියලා මම මාසෙකට කලින් දාලා තිබුන project proposal එකකට Sponsorship එකක් හම්බුනා. Google සමර් කේතන මගහැරුනු නිසා ඒ යෝජනාවම ටිකක් වෙනස් කරලා WSO2 එකට ඇරියා. මම හිතුවෙත් නෑ වැඩෙ හරි යයි කියලා ඒත් ගියපාර Dialog Telekom එක වගෙ මේකත් හරි ගියා.

ඉතින් මේ ව්යාපෘතිය වලාකුලු පරිගනක හා සම්බන්ධයි. ඒක නිසා ඔයාලා එක්ක ඒ දැනුම බෙදාගන්න ඉදිරියෙදි පුල් උත්සහයක් දානවා. මොකද Holcim එකෙ වැඩත් එක්ක කරගෙන යන එක ලේසි නැති නිසා. උදේ 6.30 ට කාර්යයමණ්ඩල බසය එනවා, හවස 6.30 ඒකෙන්ම ගෙදර. පැය 24 න් 12 ක් ඉවරයි. පැය 6 ක් නිදා ගන්න එක අනිවාර්යය නිසා ඉතිරි වෙන්නෙ පැය 6 යි. කොහොම හරි අන්තිමෙදි දවසට වැඩ කරන්න වෙන්නෙ පැය 4 ක් විතරයි. ඒක නිසා තමා පොස්ට් එකක්වත් ලියන්න වෙලා නැත්තේ.

සිමෙන්ති ගැන ඔයාලට කියන්න දෙවල් ගොඩක් තියෙනවා. ඒක ලියන්නත් ඕනෙ. ඉතින් වැඩ ගොඩයි. පුලුවන් වෙලාවට ඔක්කොම ලියනවා. මේ අතරෙ තවත් වැඩක් කෙරීගෙන යනවා ඒ ක ගැන විස්තර තව සතියකින් ලියන්නම්. විවෘත කේත වලට කැමති අයට මේක අලුත්ම අලුත් අත්දැකීමක් වෙන බව කියන්න ඕනෙ.

එහෙනම් ඉක්මනටම නැවත් හමු වෙමු. ගිහින් එන්නම්. ටටා . . . . .

Advertisements

4 comments

  1. හදිසි කේබල් නඩත්තුවක් නිසා අන්තර්ජාල පහසුකම් බිඳ වැටිය හැක…ඔය වචන සැට් 1 අපිට පුරුදු උනාට දියුනු රටවල බැක් අප් ලයින් තියනව,,,,…ඉතින් විස්වාසනීය අන්තර්ජාල පහසුකමක් නැතිව අපි කොහොමද ක්ලවුඩ් කරන්නෙ,,…

  2. වලාකුලු ගැන මාත් මේ දවස් වල සැහෙන කියවනවා. මොකද මගේ PhD thesis එක මේකට සම්බන්ද නිසා. ලංකාවේ වලාකුළු වලින් කරන ව්‍යපෘති තියෙනවද ? ඒවා ගැන දැනගන්න කැමතියි. මට ඒ තොරතුරු වැදගත් – විශේෂයෙන්ම ඔයාල අලුතින් කරන පර්යේෂණ එහෙම තියෙනවනම්…
    ම්ම් තව එකක්… පින්තුරේ ගත්තේ කොහෙන්ද කියල දැම්මනම් හොඳයි නේද? 🙂

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )