ආදරය විවාහය හා බඩ ඉරිගු කරල

Posted on 2010 ජූනි 5

5


තරමක අමුතු මාතෘකාවක් තමා මේ ලිපියට දාලා තියෙන්නේ, ඒත් මේක කියවගෙන යද්දි සම්බන්ධය ඔයාලටම තේරෙයි. මේ කතාව අහන්න ලැබිලා ටිකක් කල් වෙලාවක් හම්බවුන වෙලාවක ලියන්න කියලා මතක තියාගෙන හිටියා.

ඉතින් වැඩි වෙලා යන් නැතුව කතාව පටන් ගන්නම්, මේ කතාව පදනම් වෙන්නෙ ලමයෙක් තම ගුරුවරයාගෙන් අහපු ප්‍රශ්නයක් මතයි. ඉතින් මේ ලමයට තිබුන ප්‍රශ්නය තමා මොකක්ද ආදරය කියනේ කියලා. ඉතින් එයා ඒක තම ගුරුවරයාගෙන් විමසුවාලු. ඉතින් ගුරුතුමා ඉතාම සරල මේ දෙකම පහදලා දුන්න හැටි තමා මම කියන්න යන්නෙ.

pic 1

ගුරුතුමා මේ ලමයට කිව්වලු මේ ගැන දැන ගන්න නම් මුලින්ම බඩ ඉරිගු හේනකට යන්න කියලා, ඊට පස්සෙ හමුවෙන ලොකුම බඩ ඉරිගු කරල තෝරගෙන අරන් එන්න කියලා. හැබැයි කොන්දේසියක් ඇතිව එනම් මේ හේනට ගියාට පස්සේ පාර දිගේ ඉතිරියට පමණයි යන්න පුලුවන්, නැවත හැරෙන්න බෑ කියලා. ඉතින් මේ ලමයාත් හේනට ගියාලු. මුලින්ම දැක්ක බඩ ඉරිගු කරල් තරම්ක් ලොකුයිලු ඒත් ඉදිරියට ගියාම තවත් ලොකු කරල් තියෙයි කියලා හිතලා ඒවා මග හැරලා ඉදිරියටම ගියාලු. දැන් හේනේ මගක් වෙන්න ආවට පස්සෙ තේරුනාලු මේ ඉරිගු කරල් මුලින් දැකපු කරල් වලට වඩා පොඩි බව. ඒත් තව ඉස්සරහට හරි හොද ලොකු කරල් ඇති කිය්ලා හිතාගෙන ලමයා ඉදිරියටම යනවා. අන්තිමෙදි හේනේ අන්තිමෙට ආවත් ලමයට හිතේ තියෙන හැටියට ලොකුම බඩ ඉරිගු කරල කඩා ගන්න බැරි වුනාලු. මුලින්ම දැකපු ලොකු කරල් කඩා ගත්තෙ නැති එකට දුක් වෙමින් ලමයා ගුරුවරයා සොයාගෙන ගියා.

ගුරුවරයා වෙච්ච දේ අහගෙන ඉදලා කිව්වලු ඕක තමා දරුවා ආදරය කියන්නෙ, අපි හැමොම ආදර කරද්දි හොයන්නෙ හොදම දේ. තරමක් හෝ හොද වුනත් අපි ඊටත් වඩා හොද දේවල් හොයනවා. අන්තිමේදි හොදම දේ මග හැරුනා කියලා තේරෙනවා.

ඉතින් ලමයා ඇහුවලු ඉතින් විවාහය කියන්නෙ මොකක්ද කියලා, ඒ ප්‍රශ්නයටත් උත්තරය හොයන්න ල්අමයට බාර දුන්නු ගුරුවරයා මෙලෙස කරන්න කිව්වලු. ආයෙත් යන්න බඩ ඉරිගු හේනට, ලොකුම කරල තෝරලා අරන් එන්න, ඉස්සර විදිහටම නැවත හැරෙන්න බැ කියලා.

ඉතින් ලමයත් ඉස්සෙල්ලා වුන වැරැද්ද හදා ගන්න කියලා හිතාගෙන මුලින්ම හමු වෙන ලොකු කරල් වලින් හොද කරලක් තෝරලා අරන් අවලු. ගුරුවරයා ලමයට මේක පහදලා දුන්නා පහත පරිදි.

ඉස්සෙල්ලා වෙච්ච වැරැද්ද හින්දා පාඩමක් ඉගෙනගෙන හම්බෙච්ච ලොකු කරල් වලින් හොද කරල අරන් ආවෙ ඔබට මුලින් වෙච්ච විදිහට හොදම දේ හොයන්න ඕනේ කමක් නැති නිසා. හම්බුන දෙයින් හොද එකක් තොර ගන්න ඔබ කල්පනා කාරීවුනේ ඒකයි. ඕක තමයි විවාහය කියන්නේ. හොද දේවල් හොයල හොයල හෙම්බත් වෙලා තමන් ට හොදමදෙ මගහැරුනා කියලා දැන ගත්තට පස්සෙ හොදමේ නොවේ තමාට ගැලපෙන දේවල් වලින් හොදම දෙයක් තොර ගන්න එක තමා විවාහය කියන්නේ කියලා.

බලන්න ගුරුවරයා කොතරම් සරලව මේක පහදා දුන්නද කියලා.

ඒක නිසා මේ කතාව ආදර්ශයට අරගෙන, තමන්ට හම්බෙලා තියෙන බඩ ඉරිගු කරල එක්ක ඉන්න. වෙන ලොකු කරල් පස්සෙ ගිහින් පසුතැවෙන්න එපා.

Advertisements