පුතා කාගෙද?

ඔන්න කාලෙකින් බ්ලොග් එකට පොඩි පෝස්ට් එකක් දාන්න පොඩි ඉඩක් ලැබුනා. මේක පොඩි විහිලු කතාවක් ඉස්සෙල්ලා මම ලියපු ශත 5 වෙනස වගේ කතාවක්, කියවලාම බලන්නකෝ. සදාචාරාත්මක නැත්නම් කියන්න හොදේ.

ඔන්න මන් වගේ එල කොල්ලෙක් දවසක් ගිහින් එයාගෙ තාත්තට කිව්වලු මට විවාහ වෙන්න ඕනේ කියලා, ඉතින් මේ තාත්තත් සතුටට පත් වෙලා ඇහුවලු කව්ද ඒ කියලා. අර කොල්ලා කිව්වලු වෙන කවරුත් නෙමේ අල්ලපු ගෙදර ගෑනු ලමයා කියලා, තාත්තා අවුලෙන් වගේ කිව්වලු ඒ ගෑනු ලමයා තෝරගන්න එපා එයා ඔයාගේ නංගි කෙනෙක්, හැබැයි අම්මට නම් කියන්න එපා කියලා.

pic 1

කොල්ලත් වැඩේ අත්හරියේ නෑ, එයාගේ ගේ ලගම ඉන්න තවත් කෙල්ලෙක් ගැන තාත්තට ගිහින් කිව්වලු. මේ පාරත් පොර කිව්වලු අනේ පුතා එයත් ඔයාගේ නංගි කෙනෙක් අම්මට නම් කියන්න එපා කියලා. මොනා කරන්නද ඉතින් කොල්ලා තවත් ගේ ලග කෙල්ලෙක් ගැන කිව්වත් උත්තරේ වෙනසක් නෑලූ. (මේ යකාට මුහුනු පොත්න්වත් වෙන ගමක කෙල්ලෙක් හොයා ගන්න බැරිඋනා ද?)

ගමේ මොන කෙල්ල හොයා ගත්තත් මේ වැඩේ හරියන් නැති නිසා කොල්ලා ගියාලු අම්මා හම්බෙන්න, ගිහින් ගින්න පත්තු කලාලූ.

“අම්මේ මම අපේ ගමේ ඉන්න කෙල්ලෝ තුන් දෙනෙක් ගැනම තාත්තාට කිව්වා, මට බදින්න, ඒත් ඒ හැමෝම මගේ නංගිලා කියලා තාත්තා කියනවා”

මේක අහපු අම්මා කිව්වලු,

“ඒකට කමක් නෑ පුතේ උබට ඒ ඕන කෙනෙක් බදින්න පුලුවන්, මොකද ඔය මිනිහා උබේ තාත්තා නෙමේ . . . . ”

තේරුනා නම් හින වෙලා කමෙන්ට් කරලා යන්න, නැත්නම් ඒත් හිනාවෙලා කමෙන්ට් කරලා යන්න . . . . . . .

පස්සෙ හම්බෙමු.

ප්‍රතිචාර 5ක්

  1. තේරුනා නම් හින වෙලා කමෙන්ට් කරලා යන්න, නැත්නම් ඒත් හිනාවෙලා කමෙන්ට් කරලා යන්න . . . . . .

    කොමෙන්ට් එකක් දාලා යන්නම වටින කතාව!. ලියන්න වෙන ඉටිගෙඩියක් තිබුනෙම නැද්ද ඔයාට. මෙහෙම කිව්වම හිතන්න එපා මම හිනා වෙන්න බැරි මිනිහෙක් කියලා. මම දන්න තරමින් ස්නායු රෝගයක් මට නෑ. හැබැයි සහෝ මේවගේ කතාවලට නම් හිනායන්නෙ නෑ.

palaamalla වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න