මං ආවේ එල්ලලා මරණ දඩුවම ලබන්න

සමහරක්ට තරු පෙනෙන්න පටන් ගන්න නිව්ස් එකක් ඊයේ රෑ අහන්න ලැබුනා . . . ඒ තමා “මත්පැන් මිල රු. 50 කින් හා දුම්වැටියක් රු.1 කින් මිල ඉහල දැමීම”. මේ බූඩිටත් ඕන් නැති දෙයක් නැති නිසා නිවාඩුව පොඩි ඇලර්ට් එකක් දාගෙන ඉද්දි මේ ගැන කල්පනාකලා. හැබැයි ආණ්ඩුව බඩු මිල නග්ගන හැටියට ඔයාලා ඔව්වා ගැන කල්පනා කරන්න යන්න එපා. පිස්සු හැදිලා බේරුනොත් ඇති.

ඉතින් මේ මිල වැඩි කිරීමට හේතුව ලෙස රජයේ ඇත්තො කියන්නේ පාරිභෝජනය අඩු කරන්න කියලා. බූඩිත් ඉතින් පණ්ඩිතයනේ ඉතින් මේ කතාව ඇත්තක්ද කියලා බූඩිත් කල්පනා කලා. ඇත්ත නේන්නම් ඉල්ලුම සැපයුම හා මිල තීරණය වීම ගැන AAT ආර්තික විද්දයාව පාඩමට ඉගෙනගත්තෙ එහෙමනේ. බූඩිත් තවත් මොලය වෙහෙසුවා. නිකන් තියෙන එකනේ. දැන් සිගා එකක් රු. 19 යි ඉස්සර රු. 18 යි නේ. ගනන් මිමි හරිද මන්දා සිංහල අවුරුද්දට ගත්තට පස්සෙ දැක්කෙවත් නෑ.

pic 1

හරි නැවත් මගේ විශ්ලේෂණයට, අඩුම තරමින් සිගා 4 ක් දවසට බොනවනම් මලා රු. 4 ක් වැඩිපුර හොයන්න වෙනවා. එහෙනම් ආණ්ඩුව සාර්ථකව තමන්ගෙ වැඩේ කරලා තියෙනවා. බූඩිත් තවත් හිතන්න ගත්තා. සිගා එකක් ගන්න ගියාම රුපියල් 20 නොට්ටුවක් දෙන්න වෙනවා නැත්නම් රුපියල් 50 නොට්ටුවක්, මාර වැඩේ දැන් කොහෙන්ද රුපියලක් හොයන්නේ. (මතක ඇති කාලෙකට බූඩිට කඩේනින් රුපියලක් හම්බෙලා නෑ) අවුලක් නැ රුපියලේ ටොපියක් දුන්නා. සිගා එක බොද්දි එකත් මරුනේ.

මොනා උනත් රජය හොද වැඩක කරලා සිගා බීම නවත්වන්න ගාන වැඩි කලා. ඔන්න ඔය වෙලාවේ තමා බූඩිට මතක් වුනේ රජය ලගදි රු. 3.50 පාන් ගෙඩියත් රු. 5 කින් වැඩි කලා කියලා. ඒත් පාරිභෝජනය අඩු කරන්නනේ. ඕගොල්ලොත් පාන් කන්න එපා, ශරීරයට හොද නෑ.

මෙලෙස නීති වලින් විතරක් මිනිසුන් පාලනය කිරීම සාර්තකද? ආකල්ප වෙනක් නොකර නීති පමණක් දැමීම සාර්තකද?

ඔහොම ඉද්දි බූඩිට මතක් වුනා හොද කතාවක්. මේකට ටක්කෙට ගැලපෙනවා. මේක වුනේ නසුරුදින්ගේ රටේ. නසුරුදින්ගේ රටනම් බූඩිට මතක නෑ. නසුරුදින්ගේ රටේ හිටියලු නරක මිනිසිසු එයාලා හුගාක් බොරු කියනවලු. විශේෂයෙන්ම වෙලෙන්දෝ. ඉතින් මේක නවත්තන්න රටේ රජා දැම්මලු අලුත් නීතියක්. ඒ තමා බොරු කියන සෑම මිනිහෙක්ම එල්ලා මරන්න ලු. ඉතින් බොරුවක් කිව්වද ඒ මිනිහව එල්ලුවාලු. ඉස්සර 1971 ලංකාව වගේ.

අන්තිමේ නසුරුදින්ට මල පැනලා මේක නවත්තන්න මොනා හරි කරන්න ඕනෙ කියලා හිතුනලු. ඉතින් පොර ගියාලු නගරයට. රාජ පුරුශයෝ හැම තැනමලු. නසුරුදින් ඉතින් යනවලු ඇවිදගෙන. ඔය අතරේ රාජ පුරුශයෙක් ඇහුවලු නසුරුදින් ගෙන් කොහෙද යන්නෙ කියලා. නසුරුදින් ඉතින් අන්නන්න බලාගෙනනේ හිටියේ, පැනපු ගමන් කිව්වලු “මං ආවේ එල්ලලා මරණ දඩුවම ලබන්න, හැබැයි මම මේ කියන්නේ බොරුවක් ” කියලා.

රාජ පුරුශයෝ අන්න කොරොස් වෙලා ගියාලු. මොකද මිනිහා කිව්වෙ බොරුවක් කියලා මිනිහව එල්ලන්නත් බෑ මොකද ඒක ඇත්ත වෙනවා. එල්ලන් නැතුව ඉන්නත් බැ, මිනිහා කිව්වෙ බොරුවට. එතකොට බොරු කිව්ව මිනිහෙක් නිදහස් කලා වෙනවා. අන්තිමේදි රජාට වුනා මේ නීතිය ඉල්ලා අස්කර ගන්න.

නීතියෙන් විතරක්ම මිනිස්සු හදන්න බැ කියලා තමා බූඩිත් හිතන්නේ . . . . .

Advertisements

4 comments

  1. ඕවා මිනිස්සු හිතල නවත්තන්න ඕනි දේවල් මිසක් මිල වැඩි කරල කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එතකොට කිරි පිටි.. සීනි… පාන් මිල එහෙම වැඩි කලේ… කුනුහර්ප තමා

  2. කවුරු මොනවා කීවත් බොන එකා කොහෙන් හරි හොයගෙන බොනවා…..ඕවයින් මතට තිත තියන්න බෑ…….ඒ වුනාට ආන්ඩුවේ ආදයම ඉහළයාම නම් ෂුවර්…..කසිප්පු නම් දැන් නෑ….ඒවුනාට අද බාර් වල තියෙන අරක්කු වලින් 50%ක්ම හොරෙන් පුරවාපුව…….දන්නෝ දනිති…..මතට තිත….!!!

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )