චොකලට් කැල්කුයුලේටරය

Posted on 2010 ජූනි 30

1


මේක නම් ටිකක් රසබර කතාවක් මොකද මේ චොකලට් ගැනයි. චොකලට් කිව්වට චොකලට්ම ගැන නෙමේ චොකලට් කැල්කුයුලේටරයක් ගැනයි. ඔයාලත් මේ වැඩේ ට්‍රයි කරන්න. ඊට පස්සේ මාර මැජික් එකක්නේ කියලා හිතන්න ගන්න. ඊටත් පස්සේ යලුවන්ටත් කියලා ඔයා පොර කියලා පෙන්නන්න. ඔය ඔක්කොම කරලා ඉවර වෙලා පැත්තකට වෙලා ඉන්න ගමන් මේකෙදි වෙන්නේ මොකක්ද කියලා හිතලා වෙන විදිහ ගැන කියලා කමෙන්ට් එකක් දාන්න. හරි විදිහ කියන කෙනාට බූඩි විසින් වටිනා තෑග්ගක් දෙනවා කියලා ආරංචියක් තියෙනවා.

pic 1

ඔන්න මේකයි සෙල්ලම.

#1) ඔයාලා සතියකට චොකලට් කී සැරයක් කනවද? අන්න ඒක හිතේ තියා ගන්න. සතියකට සැරයක්වත් චොකලට් කන් නැත්නම් මාසෙකට, මාස තුනකට සැරයක් හරි කන වාර ගණන හිතාගන්න.

#2) ඒ හිතා ගත්ත ගනන 4 න් ගුණ කරන්න.

#3) දැන් එන උත්තරේට 10 ක් එකතු කරන්න.

#4) ඊට පස්සේ එන උත්තරේ 25 න් ගුණ කරන්න.

#5) දැන් ඔබ ඔබේ උපන් දිනය මේ වන විට සමරා ඇත්නම් අවසානයේ ලද පිලිතුරට 1760 ක් එකතු කරන්න නැතිනම් 1759 ක් එකතු කරන්න.

#6) ඊට පස්සේ අවසාන පියවර ලෙස ලැබෙන පිලිතුර ඔබේ උපන් වර්ෂයෙන් අඩු කරන්න. (උදා: 1980)

#7) දැන් වැඩේ ඉවරයි, දැන් තමා මැජික් එක, ඔයාලට ලැබෙන පිලිතුරහි අවසාන අංක දෙක මගින් ඔයාගෙ වයස ලැබෙනවා. ඉතිරි මුල් ඉලක්කම් මගින් ඔයා චොකලට් කන වාර ගණන ලබා ගන්න පුලුවන්.

දැන් මම කියපු විදිහට මේ ගැන හිතලා වෙන්නේ මොකක්ද කියලා කමෙන්ට් කරන්න. වෙන විදිහ තව දවස් දෙක තුනකින් දාන්නම්. එදාට තමා කමෙන්ට්ස් අනුමත කරන්නේ ඉතින් පේන්නැති නිසා ඔයාලගේ උත්තරේත් දාන්න.

හිගින් එන්නාම් . . . . . .

Advertisements