පාපන්දු රසබර කතා

Posted on 2010 ජූලි 2

6


FIFA තරගත් මේ වන විට අවසන් අදියරට ඇවිල්ලා බූඩි නම් පාපන්දු ක්‍රීඩාව ගැන එතරම් උනන්දුවක් නෑ. ඒකට බූඩිගේ තාත්තා, ඉතාමත් තද පාපන්දු ලෝලියෙක්. මැච් එකක් තියෙන වෙලාවට එයාව ටීවී එක ලගින් හොල්ලනවා බොරු. බූඩිගෙ තාත්තා ඉස්සර ඒ කියන්නේ කොල්ලා කාලේ හොද පාපන්දු ක්‍රීඩකයෙක්, ඒ විතරක් යැයි තාත්තගේ අය්යා පාපන්දු පුහුණුකරුවෙක්. ඒත් ඉතින් අපරාදේ කියන්න බෑ බූඩි නම් පාපන්දු පිට්ටනියකට ගිහිල්ලා තියෙන්නෙත් අතේ තියෙන ඇගිලි ගාණටත් අඩුවෙන් (පහත සිද්ධියෙන් පස්සේ හැබැයි). ඒ වුනාට තාත්තා එක්ක මැච් බලපු බූඩි පාපන්දු ක්‍රීඩාව ගැන නම් හුගාක් දේ දන්නවා. කොහොම හරි බූඩිත් ටික කාලයක් පාපන්දු ක්‍රිඩාව කලා. ඒ ගැන තමා අද මේ සටහන.

ඊටත් කලින් කියන්න ඕනේ මේ පාර කුසලානය ලබා ගන්නේ ආජෙන්ටිනාව බව, ඒ බූඩිගේ මතයයි. ඒත් බූඩිගේ තාත්තා නම් ඉන්නේ බ්‍රසීලය පැත්තේ. බලමු තාත්තද පුතාද දිනන්නේ කියලා. ඔයාලා සප් එක දෙන්නේ කාටද කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න.

බුඩි පාසල් 3ක ආදි සිසුවෙක්. පහ වසර වෙනකන් ගියේ බිංගිරිය ජාතික පාසලට, ඊට පස්සේ මාදම්පේ සේනානායක විදුහලට, උසස් පෙල කරන්න තමා ජෝසප් වාස් විදුහලට ගියේ. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ තාත්තට ඕනේ කමක් තිබුනා මාව හොද පාපන්දු ක්‍රීඩකයෙක් කරන්න. ඉතින් පොඩි කාලේ ඉදලම සමහර සමහර දේවල් තාත්තා මට ඉගැන්නුවා.මම ඉස්කෝලෙ ගියාට පස්සේ තාත්තාට ඕනේ වුනේ මම පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන්නයි.

ඉතින් ඔන්න මම හතර වසරේ වගේ ඉද්දි තාත්තා මාව ක්‍රීඩා පුහුනූ වීම් වලට යැව්වා. ඉස්සර අපි බිංගිරියේ පදිංචිවෙලා හිටියේ. ඉතින් ඉස්කෝලේ ඉදලා ගෙදරට තිබුනේ මීටර් 200 ක් විතර. ඉතින් හැමදාම හවස 4 ට විතර මගේ සපත්තු දෙකත් අරගෙන පුහුණු වීම් වලට යනවා. මම තමයි එතන හිටපු පොඩිම කෙනා අනිත් අය ඔක්කොම හය හත වසර වල කට්ටිය. මාත් ඉතින් පොර වගේ ගිහින් ව්යායාම කරලා පුහුණු වීම් පටන් ගන්නවා. සමහර දවස් වලට අපි දෙපිල බෙදිලා සෙල්ලම් කරනවා. ඒ වෙලාවට තමා පුහුණුකරු අපිට නීති රීති හා එක එක ට්‍රික්ස් කියලා දෙන්නේ. අපි පොඩි සෙට් එක වෙනම පුහුනූ වෙද්දි ලොකු සෙට් එක වෙනම පුහුනූ වෙනවා. ඉතින් කොහොම හරි මාත් මාස 3 4 ක් පුහුනූ වීම් වල්ට ගියා.

එදත් අපි දෙපිල බෙදිලා සෙල්ලම් කරන්න ගත්තා, මුලින් කියන්න අමතක් වුනානේ මගේ පහුණුකරු මුල ඉදලා මගේ දක්ෂතා අදුන ගෙන මාව දැල් රකින්නෙක් විදිහට පුහුනූ කරමින් තමා ඉතින් හිටියේ. සාමානයෙන් එක කණ්ඩායමක දැල් රකින්නෝ අඩුම තරමේ දෙන්නෙක්වත් පුහුණු කරනවා. බැකප් එකක් විදිහට. ඉතින් එදා මැච් එකෙත් මම කලේ අපේ කණ්ඩායම වෙනුවෙන් දැල් රැකපු එක, තමා.

pic1

ඔන්න ඉතින් ගේම නැගල යනවා. එහා පැත්තේ පොරක් බෝලේ අරං අපේ ගෝලෙ ලගටම ආවා. මාත් ඉතින් දැන් පන්දුව රැක ගන්න සූදානමින්. අපේ දැල ලග ඉන්නෙත් දෙන්නෙක් විතර මාත් ඉතින් මැරුණත් ගෝල් එක දෙන්නෑ කියලා බොහොම ඇලර්ට් එකේ හිටියේ. කොහොමහරි ඔන්න බෝලේ ගෙනාපු පොර අනිත් පැත්තේ හිටිය කෙනාට පාස් එක දැම්මා.මං මේ වෙනකොට හිටියේ අනිත් පැත්තේ මේක දැක්ක මිනිහා තියෙන පිට් එක ඔක්කොම අරං බෝලේ ගැහුවා දැලට. මාත් ඉතින් අනිත් පැත්තට පිම්මක් දාලා පන්දුව රැක ගන්න උත්සහා කලා.

මේ වෙලාවේ තමා මරුම වැඩේ වුනේ පැනපු පාරට බෝලේ කෙලින්ම මගේ මූණේ වැදිලා ඉස්සරහට ගියා, අසරණ කොල්ලා බෝලේ වගේ ගෝල් එක ඇතුලේ. වැදුනු පාරට මම එහෙම්මම දොයි. වැදුනු පාරට නහයෙන් ලේත් එනවා. කට්ටිය දැන් එකසි ගානට බය වෙලා. තොල කටත් ඉදිමිලා. අන්තිමේදි ලග තියෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. දවසක් ඉදලා තමා ගෙදර ආවේ. ඒ වෙද්හි අම්මා එයගේ නිෂ්ශේද බලය භාවිතා කරලා මගේ පාපන්දු ගමනට තිත තියලා ඉවරයි.

ඊට පස්සේ ශිෂ්වත්වය හින්දා බෝලයක් වත් අල්ලන්න වෙල්ලාවක් නැති වුනා. අනික වෙච්ච්දේ මතක නිසා මටත් පාපන්දු ක්‍රීඩාව එපා වුනා. ඔන්න ඔහොමයි බූඩි පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ. දැන් මෙව්වා මතක් වෙද්දිත් හිනා.

බූඩිගේ ක්‍රීඩා ලෝකය ගැන තව විස්තර ඉස්සරහට කියන්නම් . . . . .

Advertisements