හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)

බූදිත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සබ්ජෙක්ට් එකක් නැතිව නන්නත්තාර වෙලා ඉද්දි මේ සැරේ බූඩිගෙ පිහිටට ආවේ අපේ හද මාමා. ඉතින් මේ ගැන ලියන්න බූඩි අද මේ ලිපිය වෙන් කරනවා. හද මාමා ගැන ඔයාලා දන්නවා නේද? අර ඕන්නැති දේවල් වලට කඩේ යන පොර. ඇයි අනේ ඕන්නැති දේවල් වලටම අත දාන හින්දා යතුර තහනම් කර ගත්තු මාමා. සිංහලෙන් කියනවා නම් බෑං කී මූන් මාමා. දැන් දන්නවා නේ. ඉතින් පොර ඇවිල්ලා මේ සැරේ අලුත් කඩේ යෑමක් කරන්න. ඒ තමයි ලංකාවට කොමිසමක් එවන්න කටයුතු ලෑස්ති කරන එක.

අනේ ඉතින් ඒකේ තියෙන වැරැද්ද මොකක්ද? ලංකාවේ තියෙන කොමිසම් වල හැටියට තව එකක් ආවම මොකද වෙන්නේ. හරියට ගහේ ගෙඩි ගහට බර නෑ වගේ. ඒත් ම්එතන තියෙනවා පොඩි අවුලක් ඒ තමා මේ කොමිසම එන්නේ ලංකාවේ යුද්දේ කාලේ වුන යුද අපරාධ ගැන හොයන්නලු. ඔන්න වැඩේ, බැරි වෙලා වත් මුං කිව්වොත් යුද අපරාධ වුනා කියලා මොන යකාට කියන්නද? ඒක හින්දා වෙන්න ඇති මහින්ද මාමා මේකට අවුල් අරන් හද මාමා එක්ක ගේම කෝල් කරලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ කොමිසමේ ඉන්න පොරවල් ඔක්කොම ලංකාවට චාටර් වෙච්ච වුන්නේ. ඉතින් අපරාද වුනේ නැතැත් මුන්ට වීසා නොදුන් තරහට අපරාද වුනා කියලා කියයි.

pic 1

ඇයි දෙය්යනේ මහින්ද මාමාට තේරෙන් නැත්තේ මේ මිනිස්සුන්ටත් ක්අරන්න වැඩක් තියෙන්න ඕනේ කියලා. කොමිසමකට රිංගං ඉන්න කාලේ කීයක් හරොඉ හොයා ගන්නැතියව කොහොමද ඒගොල්ලෝ එයාලගේ පවුල රැක ගන්නේ. එක අතකට හද මාමාත් වැරදියි. යුද්දේ කාලේ වුන යුද අපරාධ ගැන හොයන්න කොමිසමක් එවන් නැතිව ඇයි එයාට බැරි මෙගා ස්ටාර් තරගය හරිඅයට විනිශ්චය ක්අරනවාද කුයලා බලන්න කොමිසමක් පත් කරන්න. ඒක නැත්නම් සුපර් ස්ටර් තරගය ගැන.

ඒ එක්කොම පැත්තකින් තියමු. අපේ ඇහේ තියෙන පොල් කීර ගැන හෙව්වම උන්ගේ ඇහේ තියෙන පරාලේ ගැනත් හොයන්න වෙනවනේ. ඇමරිකාව එක එක රටවල කරන යුධ අපරාද ගැනත් හොයන්න කොමිසම් දාන්න වුනොත් කොමද කරන්නේ. එහෙම වුනොත් මේ ලෝකෙන් භාගයක් විතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට බදවා ගන්න වෙනවා. කොමිසම් වලට දාන්න (යකෝ බූඩිට තේරෙන මේ දේ ඔය මහ ලොකු ලේකම්ට තේරෙන් නැද්ද, බූඩිට මාර ප්‍රශ්නේ ).

ඇත්තටම යුද්දේ කාලේ යුද අපරාද වුනාද? බූඩිත් හරියටම දන්නෑ වුන දේ. ඒත් ඉතින් ඔය කියන තරම් ලොකු අපරාදයක් වුනා කියලා නම් කියන්න බෑ. ගුවන් ප්‍රහාර වල තිබුන නිවැරදිබව පසුව නියමෙට ඔප්පු උනානේ. ඉතින් මේ යුද්දේදි සාමානය වැසියන්ට නම් අපරාදයක් වුනේ නෑ. එහෙනම් වුනේ කාටද? ජෙනරාල් උන්නැහැ කිව්වේත් යටත් වෙන්න ආපු කොටින්ව මරපු එකනේ. ඉතින් ඕකද මේ කියන මහලොකු යුද අපරාදය. ඇමෙරිකාවෙ ප්‍රහාර වලින් මැරෙන්නේ සිවිල් වැසියෝ ඒක නිසා ඒවා යුද අපරාද නෙමේ. ලංකාවේ හමුදාව මැරුවේ කොටින්ව ඒක මහ පොලොව නුහුලන අපරාධයක්, ඒක නිසා තමා ඔය හද මාමලා මැරුනු කොටින්ට සාදාරණෙ ඉටු කරන්න යන්නේ. ඒකට ඉතින් අපේ ජෙරාල් උන්නැහෙත් එකතු වුනානේ. අනේ හැබෑටම යටත් වෙන්න ආපු කොටින්ව මරන්න ඇත්තටම අණදුන්න නම් ඒක කොච්චර වැරදිද? වෙඩි තියලා මැරුනම කොහොමද පොඩි නඩුවකින් පස්සේ හිරේ දාලා ආයේ නිදහස් වුනාම ආයේ ඊලම් හමුදාවට ගන්නේ. ඉතින් කොටි කොච්චර අහිංස මිනිස්සු මැරුවත් ඒකට කොමිසම් නෑ. අපේ හමුදාව කොටිනව මරපු එකට තමා කොමිසම්. හද මාමත් මාර ෂොක් පොර.

ජෙනරාල්ගෙත් ඔලමොට්ටල කමට ටොම් පචයක් ඇද බාලා දැන් දිරව ගන්න බැරිව ඉන්නවා. ඔහොම වෙලා මදි කියලා තමා බූඩිටනම් හිතෙන්නේ. අනික රට පාවා දුන්නු කෙනෙක්ට නම් ඔය සලකන විදිහ හොදටම හොදයි. වෙන රටක නම් මේ වෙනකොට වෙච්ච්දේ දෙය්යොත් දන්නෑ. එහෙම රටටනේ මානව අයිතිවාසිකම් නෑ කියන්නේ. ඒක පත්තරේ දාපු ගෑනු මනුස්සයත් කරලා තියෙන්නේ රට පාවා දුන් එකම තමා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මෙවැනි දෙයක් පල කෙරුවට එයාටත් දඩුවම් ලබා දෙන්න ඕනේ. ලංකාවේ නම් සුදු වෑන් යොදාගත්තට ඇමරිකාවේ මේ වගේ දේවල් වලට ගන්නේ කලු වෑන් නේ. මොන මානව අයිතිවාසිකමත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් අමු අමුවෙන් උල්ලංගණය කරන්න ඕනේ දුයුණු රටක් සූදානම්.

අපිට බණ දෙසන අනිත් රටවල් වල ඔය දෙයක් වුනොත් වෙන්නේ ඕකට සම්බන්ධ ඔක්කොටම ඇඩ්‍රස් නැති වෙන එක. ඒ කියන්නේ එලොව තමා. ඒත් ඉතින් මේ ලංකාවනේ.

නඩු විභාග ඕනෙ නෑ. ජෙනරාල් ගෙ කටින්ම කිව්වා . ඒක ටීවී එකෙන් අපි හැමෝම දැක්කා. අන්තිමේ මෙච්චර මෝඩ වැඩක් කරලා ලංකාවට කෙලෙව්ව ජෙනරල් හිරේ ඉන්න එකට අඩන වුනුත් ඉන්නවා කියලා දැන ගත්තම තම හිතෙන්නේ අපේ හමුදා එයාලගේ ජීවිත පරදුවට තියලා මුන්ට යහතින් ඉන්න රටක් හදලා දුන්නේ ඇයි කියලා . . . .

ප.ලි. – මේ වගේ ද්‍රොහින් පාර්ලිමේන්තු මන්ත්‍රීලා කරන අපෙ රටේ වුන් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද සිංහල කොටිත් අහු වුනානේ. රටට මොනා වුනත් තමන්ට හරියනවා නම් මොකද නේද?

Advertisements

10 comments

  1. හොඳ ගණිකාවක් රුපියල් 500ට සපයාගතහැකි කාලය වැඩි ඈතක නොවේ
    1.ජී ඇස් පී නොලැබෙයි..
    2.ගාමන්ට් කලාප වැසෙයි..
    3.විකල්ප ලෙස රැකියා නොමැති නිසා අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට පෙළඹෙයි..
    4.සැපයුම වැඩි නිසා මිල අඩුවෙයි…
    යුද්ධය අවසන්වී මාස 13ක් ගතවී රැකියා ජනිත කිරීමට අසමත් ආන්ඩුව ජී ඇස් පී නැති කල කුමක් කරයිද>>>??

  2. නියමෙට ලියලා තියනවා මචං. දේශපාලන කණ්නාඩි අයින් කරලා ජාතියක් විදිහටයි මේ ප්‍රශ්ණේ දිහා බලන්න ඕනෙ. කරැමෙට ඔය ඉන්දි ලා වගේ බත් කන හරක්ට ඕවා පේන්නේ නෑ. දැක්කත් තේරෙන්නේ නෑ.

  3. මේක ගැන කවුරුහරි පැහැදිලි කිරීමක් කරනවාද ?

    බැන් කී මූන්ගේ කමිටුවට ලංකාවට ඇවිත් පරීක්ෂණ කරන්න දුන්නාම මොකද වෙන්නේ ?

    යුධ අපරාධ වෙලා නැත්නම් ගැටලුවක් නැහැනේ.
    වැරැද්දක් තියෙන නිසාද කියන්නේ අපේ ප්‍රශ්න අපි බලාගන්නම් ජාත්‍යන්තර අත පෙවීම් ඕනේ නැහැ කියලා.

    මේක ගැන කාට හරි හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්……

  4. […] කරුණු මේ ලිපියේ ගොනු කොට ඇත. එම ලිපිය මෙතනින් බලන්න. කරුණාකොට මෙය තවදුරටත් කියවන්නේ නම් […]

    • බොරුවක් කියලා අපිව මාට්ටු කරන්න ඉන්න මනුස්සයෙක් ගෙදරට එනවා නම් අපිට පුලුවන්නේ එයා ගැන හොඳ අවධානෙන් ඉදලා මිනිහාට අපිව මාට්ටු කරගන්න ඉඩක් නොදෙන්න. ඒත් ඒ මිනිහාට එන්න නොදී ඉන්න එකෙන් හැමෝටම හිතෙන්නේ අපේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා නේද ?

  5. මේ එන මිනිහාට නැති දේවල් ඇතිකරන්න පුලුවන් නම් ඒකට ඉඩක් නොතබන්න කටයුතු කරන එක තමා ලංකා ආණ්ඩුවේ කාර්යය වෙන්න ඕනේ මම හිතන විදිහට.

    සදාම් හුසේන් පාලන කාලයේදී ඒ රටේත් යම්කිසි අර්බුදයක් ගැන නිරීක්ෂණ කටයුත්තකට එක්සත් ජාතීන්ට අවසර ලබාදීමක් සදාම් හුසේන් ලබාදුන්නා මට මතක විදිහට. නිරීක්ෂණයේ ප්‍රතිඵල විදිහට කිසිම ප්‍රශ්නයක් නොමැති බවටයි ඒ කණ්ඩායම ප්‍රකාශ කලේ.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w