දෙවියනී ඇයි මා (සිතන්නට යමක්)

Posted on 2010 ජූලි 6

0


අද කියන්න යන්නේ වැදගත් දෙයක් ගැන, ඒ කියන්නේ බූඩී අනෙක් දවස් වල කියන දේවල් වැදගත් නෑ කියලා නෙමේ මේකේ සිතන්නට ගොඩක් දේවල් තියෙන නිසා. ඉතින් ඔයාලත් මේ කතාවෙන් යමක් ජීවිතයට ලබාගත්තානම් බූඩීගේ සතුට ඒකයි.

අපිට කරදර වෙනවා. ලෙඩ හැදෙනවා. සමහර ඒවා එතරම් ලොකු දේවල් නොවුනාට සමහර දේවල් අපේ ජීවිතයට ගොඩාක් ලොකු ගැටලු ඇති කරනවා. ලෙඩ විතරක්ම නෙමේ අනෙකුත් සියලුම කරදර පොදුවෙ ගත්තාම. ඉතින් ඒ වෙලාවට අපි අපෙන්ම හා දෙයියන්ගෙන් අහනවා නේද ඇයි දෙයියනේ අනික් හැමෝම හොදට ඉද්දි මටම මේ දේ වුනේ කියලා . . .

බොරු මොකටද බූඩී නම් අනන්තවත් මේ මැසිවිල්ල නගපු කෙනෙක් . . .

ඉතින් මේ කට මරු උත්තරයක් තමා අද මම කියන්න යන්නේ, ආතර් ඈශේ (1943 -1993) ඇමරිකාවේ හිටිය ටෙනිස් සූරයෙක් ඒ කියන්නේ විම්බල්ටන් දිනපු කෙනෙක්. ඔහු ගෙන දැන ගන්න මේ පුරුක යොදාගන්න.

ඉතින් මොහුට ලේ පාරවිලනයක් මගින් ඒඩ්ස් රෝගය වැලදුනා, ඉතින් ඔහුගේ අවසන් කාලයේ ඔහුට ගොඩක් රසිකයෝ ලිපි එව්වා. සමහරෙක් මා ඉහත් කී මැසිවිල්ල ඉදිරිපත් කොට තිබුනා.

“ඔබ වැනි ලෝක සූරයෙක්ට ඇයි මෙවැනි දෙයක් වුනේ, වැඩකට නැති මිනිසුන් කීදෙනෙක් ලෝකයට බරක් වෙමින් ජීවත් වෙනවාද ඒත් ඇයි දෙවියන් ඔබවම මේ සදහා තෝරා හත්තේ . . . ”

මෙන්න ඔහු ඔවුන්ට දුන් පිලිතුර . . . . .

“ලෝකය පුරා මිලියන 50 ක් පමණ ටෙනිස් ක්‍රිඩා කරන්න ආරම්භ කරනවා, මිලියන 5 ක් පමණ් එය ක්‍රීඩාවක් ලෙස ප්‍රගුණ කරනවා, ලක්ෂ 5 ක් පමණ වෘත්තීය ලෙස ටෙනිස් ක්‍රීඩාව පුහුණු වෙනවා, ඒත් 50 දෙනෙක් පමනයි විම්බල්ටන් සදහා ලගා වෙන්නේ, එයිනුත් අවසන් තරගයට 2 යි, එදා මා විම්බල්ටන් සූරතාව උසුලාගෙන සිටින විට මා දෙවියන් ගැන් ඇසුවේ නෑ ඇයි මා කියලා, ඉතින් අද මා මේ ලෙඩින් දුක් විදින විට මට ඇයි මා යනුවෙන් දෙවියන්ගෙන් ඇසිය හැකිද?”

සිතන්නට යමක් . . . . . . .