හදමාමා නා ගනී (පැහැදිලි කිරීමක්)

Posted on 2010 ජූලි 7

2


හදමාමා ගේ නෑම ගැන පලවුනු ලිපි දෙක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමා මේ තෙවෙනි ලිපිය ලියන්න හිතුනේ. මුලින්ම කියන්න ඕනේ මම මේ ලිපිය ලිවීම සිදුකලේ කිසිම දේශපාලනික පක්ෂයක් අරමුණු කොට ගෙන නොවේ. මා මෙයින් අදහස් කලේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා කල මෝඩ වැඩක් නිසා ලංකාවට වන අපකීර්තිය පිලිබද කියවන්නං දැනුවත් කිරීමටයි.

මෙහි ලිපියක් සදහා පහත ප්‍රතිචාරයක් ලැබී තුබුණා ඒ සදහා පැහැදිලි කිරීමක් මේ ලිපිය තුල අඩංගු වෙනවා.

“”” මේක ගැන කවුරුහරි පැහැදිලි කිරීමක් කරනවාද ?
බැන් කී මූන්ගේ කමිටුවට ලංකාවට ඇවිත් පරීක්ෂණ කරන්න දුන්නාම මොකද වෙන්නේ ?
යුධ අපරාධ වෙලා නැත්නම් ගැටලුවක් නැහැනේ. වැරැද්දක් තියෙන නිසාද කියන්නේ අපේ ප්‍රශ්න අපි බලාගන්නම් ජාත්‍යන්තර අත පෙවීම් ඕනේ නැහැ කියලා. මේක ගැන කාට හරි හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්… “””

එක් ලාංකිකයෙකු (නම සිංහල නිසා කල අනුමානයක්) ” අපේ ප්‍රශ්න අපි බලාගන්නම් ජාත්‍යන්තර අත පෙවීම් ඕනේ නැහැ කියලා” යන්න පීපොයින්ට් “PPOINT” එකක් ලෙස හදුන්වා තිබුනා.

ඉහත් ප්‍රතිචාරය කලේ කවුරු වුනත් ඔහු සාදාරණ අවංක බුද්ධිමතෙක්, ලංකාවේ මිනිස්සු කොච්චර සාධාරණද කියන්න හොද නිදසුනක් මේක. වරදක් වෙලා නම් හොයන්න, අපි බය නෑ මොකද අපි අතේ වැරදක් නැ. ඔන්න ඔහොමයි නියම සිංහලයෝ.

හැබැයි මෙන්න මේ ගැනත් හිතලා බලන්න. අපේ රටේ ප්‍රශ්නයක් මේක, අපිට අපේ රටේ ප්‍රශ්න විසදගන්න පුලුවන්. අපි කොටි එක්ක දුක් විදිද්දි අපේ පැත්තට ඔය කට්ටිය කතා කලාද? අනික අමෙරිකාව, ඊශ්‍රායලය සිවිල් වැසියෝ කීයක් මැරුවද? කෝ ඔය කොමිසම්. මම කිව්වා වගේ අමෙරිකාව දෙවන ලෝක යුද්දෙන් පස්සේ කරපු යුද්ධ ගැන හොයන්න ඔහොම කොමිසම් පත්කලා නම් අද මේ ලෝකේ විරැකියාව කියලා දෙයක් බේතකටවත් හොයාගන්න හම්බෙන්නෑ. ඔක්කොම කොමිසම් වල.

දැන් මගේ යාලුවට තේරෙනවද මේ ලෝකේ සාදාරණයක් නෑ කියලා, අපිට එක විදිහක් ධනවත් අමෙරිකානු හිතවත් රටවල් වලට එක විදිහක්. ඉතින් අපේ රටට එන්න හදන්නේ ඇත්තම ඇත්ත පරීක්ෂණයක් කරලා ඇත්ත මුලු ලෝකයාටම කියන්නද නැත්නම් වෙනත් යටි අරමුණකටද කියලා දැන් ඔයාට තේරෙනවා නේද?

මේ කමිටුව ලංකාවට එන එක නවත්තන්න අපි වලි කන්නෑ. මේ කමිටුව මේ වන විටම පුස්සක් වෙලා ඉවරයි. ඒත් අපි මේකට විරුද්ද වෙන්නේ මේ නිසයි. මේ කමිටුව පත් කලේ කව්ද? මහලේකම්, ඔහුට බලයක් නෑ හිතුමතේ කමිටු පත් කරන්න. ඒකට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඕනේ. මේ යෝජනාව මුලදි පරාජයට පත් වුනා. ඒක මා පැහැදිලිව පෙර ලිපියේ සදහන් කලා. ඉරාකයට කමිටු යැව්වේ. ආරක්ෂක මණ්ඩලයේ ඒකමතික තීරණය ඇතිවයි. අනික මේ කමිටුවේ සාමාජිකයන් ගැන අපේ රටේ එකගතාවයක් නෑ. එහෙම එකගතාවයක් නැතිනම් මෙලෙස කමිටු පත් කරන්න ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යය වෙනවා. ඉතින් මේ මොනවත් නැති හදමාමාගේ කමිටු පිලිගත්තොත් අපේ ගවුරවයට මොකද වෙන්නේ. අපි ස්වාදීන රටක්. (මේ කමිටුව නීති විරෝදියි කියලා දැන දැනම මේක ලංකාවට එන්න ඉඩ දීලා ලංකාව නපුන්සක රටක් කරන්නද මේ ලංකාවෙම ඉන්න මිනිස්සු කියන්නේ)

pic 1

මේ කමිටුව ගැන බලන්න. අඩුම තරමේ ලංකාව ගැන හොද දැනුමක් තියෙන එකෙක් ඉන්නවද? අපක්ෂපාති? මේ වැඩි දෙනෙක් ලංකාව ගැන වැරදි ප්‍රචාර ඇරලා වීසා පවා ගන්න බැරිව චාටර් වුන අය මේ අයගේ මොකක්ද තියෙන සුදුසුකම මේ කමිටුවට එන්න. (ඉතින් යුධ අපරාද නැතැත් වීසා නොදුන් තරහවටම මේ ගොල්ලෝ කියයි අපි යුධ අපරාද කලා කියලා.)

හරි මේ ඔක්කොම දාන්න පැත්තකින්. අපි කරපු අපරාධය විදිහට ජෙනරාල්තුමා හා ඔය ජාතිඅන්තරය කියන්නේ මොකක්ද? සිදු කොඩි අරං ආපු කොටින්ට වෙඩි තිබබා කියලා නේද? ඉතින් මගේ යාලුවේ අපි සිවිල් වැසියෝ මරලා නෙමේ මේ චෝදනා කොටි මරලා හින්දා. ඔයාටම මතකයි නේද ගැබිනි කොටි කතක් අර ජෙනරාල් තුමාව මරන්න ආවා ඉතින් කව්ද දන්නේ ඔය සුදු කොඩි අරං ආපු පොරවල් ලග මොන බෝම්බ තිබුනද කියලා. ඉතින් කොටියා කොහොම ආවත් කොටියා නිසා වෙඩි තිබ්බ නම් ඒකේ වැරැද්දක් තියෙනවාද? සිංහලයා හිත්හොද අය කවදත් අනිත් අයව විශ්වාස කලා. කොටියව විශ්වාස කරලා අපි සාම සාකච්චා කලා වැඩැක් වුනේ නැ. කොටියා කොහොම ආවත් කොටියා කොටියාමයි. එනිසා යටත් වුනත් මරලා දාන එක හොදයි. නැත්නම් උන්ව හිර ගෙවල් වල දාගෙන අපිටමයි කන්න දෙන්න වෙන්නේ. ඒත් යාලුවේ සිංහල හමුදාව කියන්නේ ලෝකේ තියෙන ඉතාමත් හොද විනයක් තියෙන හමුදාවක්. කවදාවත් නිරායුද කෙනෙක්ට කරදරයක් කරන් නෑ. කොටියා වුනත් තුවාල වෙලා ඉද්දි අපේ කොල්ලෝ අහක බැලුවේ නෑ. ඉතින් මේ වගේ පිරිසක් සිදු කොඩි අරන් එන කොටො කොහොමත් වෙඩි තියන්නෑ. මොකද අපි ත්‍රස්තවාදීන් නෙමේ.

ඉතින් ඔය යුද අපරාද කියන්නේ අපිට ගේම දෙන්න හදපු හොද නාඩගමක්. ඒකට අහු වෙන්න දගලන්න එපා. අපි අපේ යුද්දේ ඉවර කලේ තනියම ඉතින් මේ ප්‍රශ්න අපි තනිව විසදගන්නම්. එහෙම කියන්න පුලුවන් කොන්දක් තියෙන නායකයෙක් අපිට ඉන්නවා. ඒකට සතුටු වෙන්න.

ප්‍රභාකරන් හිර වෙලා ඉන්න කාලේ යුද්දේ නවත්තන කියලා මිනිස්සු සිරුරට ගිනිතිය ගත්තා. ගැබිනි මව්වරු තම කැමැත්තෙන් බඩේ බෝම්බ බැදගෙන ආවා. ඒ බොරු ඊලමක් දිනාගන්න. මම කියන්නේ ඔයාලට ජීවිත පූජා කරන්න කියලා නෙමේ. අඩුම තරමින් මේ රට වෙනුවෙන් වත් මේ වගේ ප්‍රශ්න දිහා දේශපාලනික කෝණ වලින් බලන්න එපා.

අපිට තියෙන්නේ මේ රට විතරයි. ජෙන්රාල්ට අමෙරිකාවත්, හද මාමාට කොරියාවත් තියෙනවා. අපිට ශ්‍රී ලංකාව විතරයි.

ඊශ්‍රායලය ලගදි ගාසා තීරයට කෑම ගිනියපු නැවක් විනාශ කලා. අන්තිම පහත් ක්‍රියාවක්. අගමැතිතුමා සමාවවත් ගැනීම ප්‍රතික්ශේප කලා. කෝ හද මාමාගේ සාධාරනේ. ඉතින් ඒ රටේ මිනිස්සු දෙපිල බෙදිලා ඒක හොදද, නරකද, සමාව ගන්න ඕනෙද, ගත්තොත් මොකද වෙන්නේ කියලා වාද කලාද? ඇත්ත අපි ඒ තරම් පහත් නෑ ඒත් අපේ ගෞරවය රැක ගන්න අපි කරන්න ඕනේ මේ වගේ කමිටු වලට ඕන දෙයක් කරන්න දීලා බලා ඉන්න එකද?

අපේ රටේ විරෝදය ශතයකටවත් ගණන් නොගෙන පත්කරපු කොමිටියකට පහසුකම් සපයන්න, ලංකාවට එන්න ඉඩ දීම කෙතරම් නපුන්සක වැඩක්ද කියලා දැන් ඔයලාට තේරෙනවා ඇති. ඔය තරම් කොමිටි පත්කරන්න ඕනෙ නම් අපේ අවසරය අරං ඒක කරන්න තිබුනා, ඒත් හදමාමා ආවේ අපිට කොකා පෙන්නන්න. අන්තිමේදී මිනිහා හොදට නා ගත්තා. ඒ අපේ රටේ කොන්ද කෙලින් තියෙන නායකයෙක් ජනාධිපති වෙලා ඉන්න නිසා. කොටින්ම කිව්වොත් අපි නපුන්සක ජාතියක් නොවේ කියලා අපි මුලු ලෝකෙටම කිව්වා.

අපේ රටේ හමුදාවලින් ප්‍රශ්න කරන්න කොහෙවත් ඉන්න එකෙක්ට ඉඩ දෙන්න එපා. ඒක අපිට කරන නින්දාවක්. ජීවත පරදුවට තියලා සටන් කරපු අත් පා අහිමි කර ගත්ත අපේම මිනිස්සුන් ගෙන් ප්‍රශ්න කරන්න ඉඩ තියන්න එපා, ඒකේ හොද නරක ගැන කතා කරන්න එපා. ඒකෙන් හෑල්ලු වෙන්නේ අපේ රට.

කාටවත් දණ නොනමන, අභිමානවත් ජාතියක් ලෙස අපි නැවතත් නැගී සිටිමු. මේක අපිට කරන්න පුලුවන් හැබැයි එක එක පාට දේශපාලන කණ්නාඩි වලින් බලන්න ගියොත් ඒක අපේ අවසානය වේවී.