විනිවිද පේනදේවල් වලට ආස අයට

Posted on 2010 ජූලි 9

3


විනිවිද පේන දේවල් වලට කැමති අයට හොද ආරංචියක් තමා මේ ලියන්න යන්නේ.

ඇපල් අයි පෝන් එක පිලිබද පොඩි සෙවුමක් දාපු වෙලාවේ තමා මේ ක දැන ගන්න හම්බුනේ. ඉතින් බලන්න කියවලා, සමහර අයට අලුත් ඇති සමහරුන් මේ ගැන දන්නවා ඇති. කොහොම වුනත් ඔන්න මම පෝස්ට් එකක් දැම්මා, දන්න අය නොදන්න අය ඔක්කොම කියවන්න.

ඇපල් කියන්නේ කවදත් ඉතින් අලුත් අලුත් නිෂ්පාදන එලියට දාන තැනක් නේ. ඒත් ඉතින් ගාන තමා සැර. ලගදි ආපු අයි පෑඩ් එකත් ඇත්තටම හොද ගැජට් එකක් කියලා තමා බූඩි හිතන්නේ.

මේ තියෙන්නේ ඔවුන්ගේ අලුත්ම අදහසක්. විනිවිද පෙනෙන අයි පෝන් එකක්. සිත්ගන්නා සුලු අදහසක් ප්‍රායෝගිකත්වය ගැන හිතන්න එපා. 🙂

විනිවිද පෙනීම කොහොම වුනත් වහින දවසට වැහි බිංදු වැටිලා වගේ තියෙන එක නම් මරු අදහස. ඒ වගේ තීම් එකක් දන්නවා නම් මට කියන්න, නොකියා වලට.

pic 1

pic 2

pic 3

pic 4

Advertisements