නැවැරදි ලිංගික හැසිරීම් හා නිල් චිත්‍රපට . . . . .

Posted on 2010 ජූලි 10

4


පෙ.ලි. – මේ ලිපිය තුල “ලිංගික” යන වචන අඩංගුවන මුත් මෙය අසැබි ලිපියක් නොවේ. එනිසා ප්‍රසිද්ධ ස්තානවල කිවවීමට බිය නොවන්න.

ඊයේ දිවයින පත්තරේ කියවන් යද්දි හම්බෙච්ච ලිපියක් තමා අද මම ලියන්න යන පෝස්ට් එකට වස්තු බීජය වෙන්නේ. ලිපියෙන් කියවුනේ තම සැමියාගෙන් ඇතිවන අස්වාභික ලිංගික තාඩන පීඩන නිසා ඔහුට විරුද්ධව පැමිණිලි කල කාන්තාවක් ගැනයි.

pic 1

බූඩිත් ඉතින් මේ ටිකක් හිතද්දි තමා මේක ලියන්න ඕනෙ කියලා හිතුනේ. ඕගොල්ලෝ හැමෝම දන්න විදිහට මේ වන විට නිල් චිත්‍රපට භාවිතය ඉතාමත් ඉහලයි. අන්තර්ජාලය හරහා මීට ලැබෙන්නේ නොමද පිටිවහලක්. බොහොමයක් පිරිස් මේවා හුදෙක් වින්දනය සදහා නරඹන අතරතුර ඊට ඇබ්බැහි වී ඒ ලෝක තුලම ජීවත් වන ඉතාමත් සුලු පිරිසක් සිටිනවා. මෙවැනි පිරිස් විවාහ වූ පසු සිදුවන්නේ මේ ලිපියේ සදන් වූ දේ හා සමාන දෙයක්. තමා ජීවත් වූ අසැබි චිත්‍රපට වල වූ ක්‍රීයාකාරකම් සිදුකිරීමට තැත් කිරීම නිසා මෙවැනි දේ සදහා මුහුණ දීමට සිදු වෙනවා.

අසැබි චිත්‍රපට කියන්නේ හොද වෙලද භාන්ඩයක්. බිලියන ගණන් මුදල් මේ සදහා යෙදවෙන ක්‍රියාවලියක්. ඉතින් මේ චිත්‍රපට සදහා පෙනී සිටින අය මේ සදහා පුරුදු පුහුනු වූ අය, ඇත්තටම ඔවුන් වෘතීය පුද්ගලයින්. ඉතින් මෙම පෙන්වන දර්ශන සමහර් විට ඇත්තම වෙන්නෑ. ආකර්ෂනය වැඩි කර ගන්න විවිධ උපක්‍රම යොදනවා. ඉතින් මෙවැනි දැ ක්‍රියාත්මක කිරීමට ගොස් මෙම මානසික අසහනකරුවන් අමාරුවේ වැටෙනවා. කොටින්ම කියනවනම් හොලිවුඩ් වල මේ නිල් චිත්‍ර පට සදහා චිත්‍රපට උලෙලවල් පවා සංවිධානය වෙනවා. අපේ පොඩි වුන්ට ලොකු වුනාම දොස්තර, ගුරුවරු වෙන්න තියෙන හීන වගේම ලොකු වුනාම හොද “පෝන් තරුවක්” වීමට බලාපොරොත්තුවන්නන් ඇමෙරිකාව වැනි රටවල දුලබ නෑ.

මා මේ කියන්නේ ඒවා නවත්තන්න තහනම් කරන්න කියලා නෙමේ, හරියට ලිංගික ක්‍රීයාකාරකම් වල යෙදීම පිලිබදව දැනුවත් කිරීමක් කිරීම අවශය බවයි. පවුල් සංවිධානය ම්අගින් මේ සදහා අවශය උපදෙස් ගන්න පුලුවන්.

www.fpasrilanka.org, මේ ඔවුන්ගේ වෙබ් ලිපිනය. ඕන තොරතුරු ඔක්කොම ගන්න පුලුවන්. ඕන කෙනෙකුට මේ හා සම්භන්ධ ප්‍රශ්න විසදගන්න හොදම ක්‍රමය.

එහෙනම් ඕනේ අය දැනුවත් වෙන්න, ගිහින් එන්නම් . . .

Advertisements