වැසී තිබූ මුට්ටි හදයාගේ කට ඇමති විමල් අරී

දැන් ලොකුම ප්‍රශ්නයක් වී ඇත්තේ විමල් ලෙමන් පෆ් කෑවද නැද්ද යන්නයි. සමහරුන්ට මෙය විහිලුවකි. විමල් ලෙමන් පෆ් කකා හෝ දවසක්, දෙකක්, තුනක් සිටියේය. ඒ අර මුට්ටි හදයාට විරෝධය පෑමටය. ඔච්චර අමාරුවෙන් හොයන්න යන ලෙමන් පෆ් කතාව ලියන අය අඩුම තරමින් විරෝධය පල කරමින් එක බ්ලොග් පෝස්ට් එකක් හෝ ලිව්වද?

ඒ පිංතූරයේ පොඩියට තියෙන ඔය කෑල්ල අල්ලන් දගලන උන්ට ඇයි දෙයියනේ අර බිම නිදාගෙන ඉන්න, ඒ රූපේ හොදටම පේන විමල් ගැන හොද වචනයක් පිටවෙන් නැත්තේ. “මේ යකානම් මාර පොර ලෙමන් පෆ් කකා හරි දවස් තුනක් හිටියනේ”, “පිස්සුද, එයා ලෙමන් පෆ් කෑවනම් ඒක ඔහොම අහු වෙන්න කරයි ද?” , “හරි ලෙමන් පෆ් කෑවමයි කියමුකෝ ඒත් වතුර බිව්වේ නෑනේ” ඇයි මේ වගේ දෙයක් කටින් පිට වෙන් නැත්තේ. ඇයි හත් දෙයියන් මෙච්චර උබලා කුහක වෙන්නේ. ඇයි අපේම ජාතියෙ උන්ට මෙහෙම කරන්නේ. අඩුම තරමේ විමල් වැටිලා ඉන්නේ අපිට කොකා පෙන්නන්න ආපු හදයට පාඩමක් උගන්නන් නේද කියලා වත් විමල් ගැන දුකක් හිතෙන් නැද්ද?

pic 1

අනේ සිහලුනේ මේ පක්ෂ බේද ගැන සොයන වෙලාවක් නොවේ. විමල්ගේ කැරුවාව පැත්තකින් තබා අඩුම තරමින් ඔහු කල ක්‍රියාව ගැන පැහැදීමක් නැතිනම් කටවහන් ඉන්න, මුකුත් නොලියා ඉන්න. විමල් මෙය සිදු කරන්නේ ඇත්තටමද, කඩේ යෑමක්ද, ලකුණු දාගන්නද, කෑම කකාද, මෙවැනි දෑ සෙවීම ෆන් එකක් වන්නේ ඇයි දැයි මා නොදනිමි. කරුණාකර මෙවැනි දෑ වලින් වැලකී ඉන්න. රට හෑල්ලු කරන්න එපා.

මොනවා උනත් විමල් ගේ ක්‍රියාව නිසා හදයා බය වුනා. කොන්ගෝවේ ඉදන් කටවහන් හිටපු හදයා කට ඇරියේ ඒකයි. බය වෙලා නෙමේ නම් අරක මේක ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ නිකුත් කලේ ඇයි. මොනා වුනත් මේක සටහන් වෙන්නේ ලංකා ඇමතිවරයෙක් හදයාට විරුද්ධව කල මාරාන්තික උපවාසයක් හැටියට. ඉතින් ඒක ලොකු දෙයක් නොවේද? ඇත්තටම අපේ සමහරුන්ට තේරෙන් නැති වුනාට ඒකේ ලොකු හයියක් තියෙනවා.

හුගක් අය කියන්නේ මේ ප්‍රශ්නය රාජ තාන්ත්‍රිකව විසද ගන්න ඕනෙ කියලා. ඉතින් කිව්වත් නැතත්මේ මේක විසදෙන්නේ එහෙම තමා. ඒත් අපි හොද පණිවිඩයක් දුන්නා ලෝකෙට. මේ වගේ නොවැදගත් කොමිටියකට මේ වගේ ප්‍රතිරෝදයක් දක්වනවානම් හරියට වැඩේ කලොත් කොහොම වෙයිද කියලා හදයට දැන් දෙපාරක් හිතන්න වෙනවා. ඒක ඉතාමත් වැදගත් මතයක්. අපි නපුංසකයන් නොවේ, වෙන ඕන දෙයක් කට ඇරන් බලන් ඉන්නෑ කියන පණිවිඩේ අපි ලෝකෙටම දීලා තියෙනවා. කියන කියන දෙයට අපි නටනවා කියලා හිතන් හිටපු අදහස අපිට වෙනස් කරන්න පුලුවන් වුනා. ඒකයි වැදගත්. ඉතින් ඒ ආකල්පය දෙන්න පුලුවන් වුනානම් ඒක ලෙමන් පෆ් නෙමේ කුකුල් මස් කකා කලත් කම් නෑ.

මොනා වුනත් විමල් වැඩක් කලා. අපිට විමල් පොරක්. ඒ කෙන් අදහස් වෙන්නේ නෑ අපි ඔහුට චන්දෙදි සහය දෙනවවත් ඔහුගේ මතයත් එක්ක ඉන්නවා කියලා. මේ වෙලාවෙ විමල් කරපු දේ වීර කමක්.

බූඩි හිතන්නේ එහෙමයි, ඔයලා මොකද කියන්නේ . .. .

Advertisements

10 comments

  1. මාත් මෙතනදි බුඩී එක්ක එකඟයි. ස්වෛරී රාජ්‍යක කටයුතු වලට ඇඟිලි ගහන්න බෑන් කී මූන්ට අයිතියක් නෑ. එහෙම පුළුවන්නම් මුලින් ඇමරිකාව වියට්නාමෙ ඇෆ්ගනිස්ථානෙ අමු අමුවේ මිනී මරාපුවා හොයල ඉවර කරල එන්න. මොනව උනත් විමල් දෙයක් කලා. ලොකු ලොකු රටවල් මේකෙන් හෙල්ලුනා කියල අපි දන්නව. ලංකාව දැන් උන් කියන කියන දේට වැඳගෙන ඉන්න රටක් නෙවෙයි කියල උන්ට තේරෙනවා. අපි දන්නව සමහරුන්ට නම් කමිටු පත්කලා නෙමෙයි මුළු හමුදාවම දං ගෙඩියට දැක්කුවත් ජාත්‍යන්තරය අමනාප කරගන්න අකමැතියි. නැත්තනම් මොනව කරත් තමන්ගෙ බෙල්ල යන්නැත්තම් කමක් නෑ. අන්න එහෙම එවුන් තමයි ඔය ලෙමන් පෆ් කතා, ආතල් උපවාසෙ කියල කියවන්නෙ. මේ මනුස්සය මොන හේතුව නිසා හරි තමන්ගෙ රට වෙනුවෙන් දෙයක් කලා. ඒකට කෑ ගහන ඔය අනිත් නරි රැල මොනවද කරල තියෙන්නෙ.

  2. ඔයාගෙ කතාවට සම්පූර්ණයෙන් මම එකඟයි. පක්ෂ දේශපාලනය ඔලුවට දමාගත්තු ඔලමොට්ටලයන්ට රටයි ආණ්ඩුවයි කියන දෙකවත් වෙන්කර හඳුනාගන්න බැරුව බොරුවට නන් දොඩවනවා. අන්තිමේ බලද්දි ගරහල තියෙන්නෙ තමන් පය ගහල ඉන්න තමන්ගෙ රටට.
    මොන පක්ෂෙක කෙනෙක් උනත් අපිට ඕන රටට සේවයක් ඉටුකරන කෙනෙක් නෙවෙයිද.

  3. wimalge waden loke helluna kiyala ubala hithagena nam inne aulak ne.ubalage fun ekane.eth liden eliyata awith balanna hithunoth therei loke hellunad nedda kiyala.mewain wenne maranthika upawasa wage satan krama joke wena eka.meka oya vidihata iwara wenawa kiyala hemoma danan hitiya.a kiyanne pora marenakam oka karanne nehe kiyana eka.dayan jayathilaka kiyanne yudde iwara una gaman HRC ekedi lankawata viruddawa apu yojanawa paraddanna weda karapu pradana niyojithya.a minissu monawada mewa gena kiyanne kiyala kiyawala balapalla.meken une rate nama ketha una eka.joker kenekta political marks dagana oni una hinda godin visadagana puluwan sarala prashnayak thawa sankeerna una.oka thamai aththa

  4. උපවාසේ මග නැවත්තුවාම උඹලා හිතන්නේ ලෝකේ අපි හෙන පොරවල් කියලා හිතයි කියලාද? කියන දේ කරන්න බැරි නිවට බලු රැලක් කියලා තමයි හිතන්නේ.

    බැංකියා ඕක තඹ සතේකට ගනන් ගත්ත කියලා හිතනවා ද?

    ඔය ජෝකර් වැඩෙන් ලංකාවේ නමට හානියක් වුනා මිසක් වෙන කිසිම දෙයක් උනේ නැහැ.

    ප.ලි – අර UN එකේ කාර්යාලය වට කරපු එක ගැන මේ ‘දේශප්‍රේමීන්’ මොකද කියන්නේ. ඒකෙනුත් පෙන්නුවේ අපි නැවෙන්නේ නැති ජාතියක් කියලද? අනේ මගේ කට. උඹලගේ මොලේ තරම.

  5. කිසිසේත්ම එකග නැ.
    මේ කරපු දෙයින් විදේස රටවල් අවදි වුනා. බැංකිමුන් හැරිලා හරි බැලුවා කියලා හිතනවානම්
    ඒක ඔබගේ දැනිම හා තේරුම අතර තියන දෙයක්. එක්සත් ජාතින්ගේ සංවිදානයේ අරමුන හා ඒ හරහා බැදි
    ඇති සංවිදාන ගැන අවබෝදයෙන් බැලුවොත් ඒක මේතාක් ලංකාවට ඇති පල ප්රනයෝජන තේරුම් යාවි.
    ඒකෙන් අදහස් වෙන්නෙ නැ බැංකි මුන්ගෙ ක්රිොයාව අනුමත කලයුතුයි කියලා. ලොව පිලිගත් විරෝදතාවය
    දැක්විමේ පිලිවෙතක් තියනවා. ඒ පියවර අනුගමනය කලානම් -මේක අවසාන ජවනිකාව වුනානම්
    තරමක් හරි පැහිදිමක අනෙකුත් රටවල්තුලින් බලාපොරොත්තු වෙන්න තිබුනා.
    කමිටුවට රාජතාන්ත්රිඅකව විරෝදය පලකරන්න නොදන්නා කමට ජනපති දැනුවත්ව කල නාඩගමක් බව ලොකයට පෙන්විමක් තමා වුනේ. ඒ අස්සෙන් පෝස්ටර් ගහලා මෙන්න මගේ ජාතික ආලය කියලා විමල් පෙන්නන්න හදපු
    හැටි විමසිමට ලක්කලාම කරුනු තේරුම් යාවි.
    මැරෙන කල් වැතිරුන දමිල ජාතික තිලිපන් තමන්ගේ අරමුනේ හිටපු හැටියට දවස් 3ක්වත් ඉන්න බැරිවෙන බව රට දැනගෙන හිටියා. කට තරමට හිත හයිය තිබුනනම් අඩු තරමේ උසස් පෙල වත් කරලා තිබුන නම් ඉගෙන ගන්නවා එක්සත් ජාතින්ගේ සංවිදානය හරහා දැනට හා යුද්දය තොර රටකට ලබා ගත හැකි ප්රාතිලාබ.
    මම මෙතන ප්රනතිලාබ බලාගෙන රට පාවාදෙන්න හදන්න කියන්නේ නැ. වැරදි නොකලනම් පරික්සන වලින් පලා
    යන්නේ ඇයි කියාල විදේස ද්රටවිඩ ජනතාවගේ සරල ප්රකස්නයට උත්තර දෙන්න තියන අවස්තාව මග හැරිය යුතු නැ නේද.
    (ඔබගෙ හරවත් ලිපි නිතර කියවන්නෙක් වන මම මෙවන් අදහසකින් ප්රසතම වරට ඇමතිමට ලැබිම කනගාටු වෙමි)

    • @ප්‍රබාත් – ඔබ නැවතත් ප්‍රශ්නය මුලටගෙන යනවා. කෙසේ වුවත් මා කීවේ මාගේ අදහසයි. එයට එකග වීම හෝ නොවීම අයිතිය ඔබ සතුයි. එ. ජා. සංවිධාන ගැන මාගේ දැනුම ඉතාම අල්පයි. එනිසා මා මේ ගැන වාද කරන් නෑ. මම කියන්නේ මෙලෙස ජාතියක් වශයෙන් කුහක විය යුතු නෑ කියලයි. කෙසේ වුවත් පරීක්ෂණ කරන්න දීම ගැන නම් මාගේ විරෝධයක් තියෙන්නේ. කෙසේ වුවත් එ. ජා. සංවිධානය දැන් මධයස්ත නෑ. ඉතින් එවැනි ආයතනයකින් සාධාරණය බලාපොරොත්තු වෙන්න බෑ. මේ වුන දේවල් වලින් අනික් රටවල් අප ගැන කලකිරුනා කියන්න බෑ. කොහොමත් අමෙරිකානු විරෝධි රටවල් අප සමගයි. අප ධනවත් රටවල්ට ඊනියා වාදී ලෙස විරුද්ධ විය යුතු න්ඈ. ඒත් කිසිම අයුරකින් ඔවුන් කියන ලෙසකින් නටන්න දෙන්න බෑ. අපේ රට තුල ප්‍රශ්නයක් වුනා නම් එය අපි විසදගන්නවා එය තමා අපේ ප්‍රතිපත්තිය. උදව් ඕනෙ නම් ගන්නවා. ඔයා කියන විදිහට එ. ජා. සංවිධානය තුල පවා අපිට ප්‍රශ්නයක් වී නෑ. මේ පිලිබද චන්ද විමසීමක් සිදුවුවහොත් එය ප්අශුවෙන් ජය ගන්න පුලුවන්. එනිසා විමල් ගේ වැඩෙන් කිසිදු ප්‍රශ්නයක් වුනේ නෑ. එ. ජා. සංවිධාන කාර්යයාලයට පහර් දීම පිලිබද වුවද තත්වය එසේමයි. ඕන්නැති වැඩ නොකර සිටියා නම් මෙවැනි ප්‍රශ්න සිදු නොවන්න තිබුනා. මීට පසු දෙයක් කරන්න කලින් මේවා ගැන හිතන්න වෙයි ඔය කට්ටියට.

  6. නැ මම ප්ර-ශ්නය මුලටගෙන යනවා කියන එක වැරදියි. මන්ද තාමත් ප්රාශ්නය තියෙන්නේ මුල.තවද මෙය මාගෙ පුද්ගලික අදහස වුවද කල අදහස් දැක්විම හුදු හිතලුවක් නොවන බව පෙන්විම මෙය අවස්තාවක් කර ගනිමි.
    1- ඊනියා ක්‍රියාමාර්ග අරගෙන ලංකාව තුල පිබිදිමක් ඇති කලා කියාල විදේස වලට ඒක දැනෙන්නෙ නැ.
    එක්සත් ජාතින්ගේ ප්රකකාශකයාගෙ උපවාසයට පසුව කල වාර්තාව නිසි ලෙස හැදැරුවානම් විමල් තව පැයක් හරි නිරාහාරව සිටිම ගැන පසුතැවිලි වේවි.
    ගිය සතිය තුල විදේහ වාර්තාකල අන්දමට එය පැහිදිලියි. මේ ක්රිෙයාව ගැන රජය හා අදාල ඇමති වරයා අතර අදහස් වල පරස්පරය ඒ අය අපිට අවාසි වෙන විදයටයි පාවිච්චි කලේ (මම අදහස් කරන්නේ නැ බිබිසි සි.එන්.එන්. විතරක්. අල් ජසිරා සහ ඉන්දියවෙ දේසපාලන විචාරයන් සියල්ල සමස්තයක් ලෙස) නමුත් මේ ගත්ත ක්රිපයාමාර්ග වලින් ලංකාවෙ ජනමාධය තුල නම් විරෝදාර චරිත බිහිවිම හරහා ඒ අයගේ දේසපාලන චරිත තහවුරු විමක් තියනවා සමහර ජනකොටස් අතර. වි‍සේසයෙන් ජාති මාමක යැයි ලේබල් කරගෙන රටට පෙන්විමට කැමති උදවිය අතර (ගිය සතියේ අයිලන්ඩ් පත්තරේ හොදම නිදසුනක්)
    කොහොමත් අමෙරිකානු විරෝධි රටවල් අප සමගයි – කියන දේ බොහොම පටු විදිහට මේ ගැන බැලිමක්.මෙ කාරනේදි රුසියාව තරමක අවදියක් අප වෙත දැක්වුවත් ඔවුනුත් විදෙශ ඇමතිතුමා රාජතාන්ත්රරක ආමන්ත්ර නයක් නැ මේ ගැන. ලෝකයේ අප ධනවත් රටවල්ට ඊනියා වාදී ලෙස විරුද්ධ විය යුතු නැ. සිදුකල යුත්තේ ධනවත් රටවල අවදානය ගන්න මේ වගෙ සංවිදාන සමග සම්මුතියෙන් කටයුතු කිරිමයි.
    අනෙක් කාරනය මේ කමිටුවේ අන්තර්ගතය රාජතාන්ත්රි කව විවේචනය තුලින් අපිට මෙ ගැන බහුතර රටවල් වල සහයෝගය ගන්න පුලුවන් කම තිබුනා. අපිට හිතවාදි සහ දේසපාලනිකව යම් අයිතියක් සහිතව මේ ප්රසස්නයට මැදිහත් වන ලෙස ඉන්දියාවට ආරාදනා කරන්න. ඒ හැර වියානා සම්මුතිය තුලින් අප සතු අයිතින් හා ස්වාදිනත්වය රැකගෙන රාජතාන්ත්රිලකව අප සතු ශක්තිය පෙන්වා ඉන් පසු තනි තනිව නොව සාමුහිකව රජයක් ලෙස මේ ගැටලුව කෙරෙ මැදිහත් වුවානම් බැංකි මුන් පමනක් නොව අනෙකුත් මානව හිමිකම් කඩකිරිමි ගැන අපිට විවේචන කරන සංවිදාන වලට නිසි පිලිතුරක් වනු නොඅනුමානයි.
    කල යුතුවන්නේ නිදාසිටින මිනිසුන් අවදිකිරිමට පෙර අවදිකල යුතු වන්නේ කුමකටද යන්න සිතා එය සැලසුම් සහගතව හා අරමුනු සහගතව කිරිමයි. මන්ද නිදා සිටි අය අවදි වු විගස සුලු මොහොතක් ගත වන තුරු ප්රසකෘති තත්වයට පත්වෙන්නෙ නැ.මෙම ලිපියට ප්රනතිචාර දැක්විමේ මගේ අරමුන ඔබගේ අදහස් වෙනස් කිරිම නොව මෙ ගැන වෙනත් කෝනයකින් දැකිමට කරන ආරාදනයක් පමනි.
    ඔබ–අඩුම තරමේ විමල් වැටිලා ඉන්නේ අපිට කොකා පෙන්නන්න ආපු හදයට පාඩමක් උගන්නන් නේද කියලා වත් විමල් ගැන දුකක් හිතෙන් නැද්ද?
    මම–දුක හිතුනා විතරක් නෙවි ගෙදර තියන මුව හමට තඩිබාපු ගමරාල මතකවුනා.

  7. විමල් උපවාසයෙන් මැරෙනකම් බලාගෙන හිටපු උන් තමයි මේ දැන් ලෙමන් පෆ් කතා කිය කියා අපහාස කරන්නේ…

    විමල් කතා කරද්දි කන් වලට උල් වලින් අනිනව වගෙයි මේ රටේ ඉන්න සමහර උන්ට… උන්ට කඩේ යන උන් තමයි මේ දැන් කෑගහන්නේ…

    බූඩි… උඹ හොඳ වැඩක් කළේ… ජය!

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )