පෞද්ගලික විශ්වවිද්දයාල හා ඇමති ඇස්. බී.

උසස් අධයාපන ඇමති ඇස්. බී. පුද්ගලික විශ්ව විද්දයාල හදන්න යයි. ඉතින් මේක හොද වැඩක් නේ. අපිත් එහෙම හිතනවා. ටියුෂන් කඩ නොවෙන ප්‍රමිතියක් ඇති පුද්ගලික විශ්විද්දයාල පද්ධතියක් මෙරට ආරම්භ කරන්න යන එක ගැන සතුටුයි. හැබැයි ඉතින් ප්‍රමිතිය අඩු වුනා කියලා කමකුත් නෑ එතකොට ඒ විශ්විද්දයාලය මගින් බිහි වෙන උපාධිධාරින්ට වෙන්නේ රක්ෂා ඉල්ලලා උපවාස කරන්න. ඉතින් ඒක නිසා තමන්ගේ ප්‍රමිතිය ඉහල දාගන්න විශ්විද්දයාල වලට සිදුවෙනවා. මේ නිසා මේවල ප්‍රමිතිය ගැන බය වෙන්න ඕනේ නෑ. මොකද පලමු ශ්‍රේණි උපාධි උනත් වැඩ බැරි වෙද්දි නිකම්ම එලියේ. ඇස්. බී. ත් ඉතින් ලංකාවේ විශ්විද්දයාලයකම උපාධිය ගත්ත පොරක් විදිහට හොද නරක දෙකම බලලා හොද වැඩක් කරන්න පුලුවන් කෙනෙක්.

හැබැයි ඉතින් අපේ ජේ. වී. පී. රූකඩ මේකට විරුද්ධ වෙලා දගලයි, ඒත් ඉතින් කව්ද ගනන් ගන්නේ නේද? වැරදුනා දැන් ජේ. වී. පී. කියලා එකක් නෑනේ. දැන් ඒකේ නම මොකක්ද ඇත්තට. අනේ මන්දා බූඩී ඔව්වා දන් නෑ.

pic 1

ඇමති ඇස්. බී. – “”මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි විශ්ව විද්‍යාල පිහිටුවා මෙරට සිසුන් 20%කට පමණ ශිෂ්‍යත්ව යටතේ ඒවායේ අධ්‍යාපනය ලැබීමට පහසුකම් සලසන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2009 වසරේ බාහිර උපාධි ප්‍රධානෝත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ තවත් විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමෙන් සිසු ගැටලු සඳහා කෙටිකාලීන විසඳුම් ලබා ගත හැකි බව දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේය. වෙළඳපල ඉල්ලා සිටින, දැනුමෙන් සමන්විත උපාධිධාරීන් පිරිසක් බිහිකිරීම සඳහා විශ්ව විද්‍යාල පද්ධතිය කඩිනමින් වෙනසකට ලක්කරන බව ද අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළා.
“” – උපුටා ගැනීම lankatruth.com

Advertisements

One comment

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w