හදමාමාට සමු දෙන්නම් ඉතින් ගරු . . . .

Posted on 2010 ජූලි 13

6


මෙම ලිපිය ලියන්න සිදු වුනේ මගේ ලිපියකට ලැබුණු ප්‍රතිචාරයක් නිසයි. ඒ ලිපිය තමා වැසී තිබූ මුට්ටි හදයාගේ කට ඇමති විමල් අරී යන ලිපිය.

අදාල ප්‍රතිචාරය –
“කිසිසේත්ම එකග නැ.
මේ කරපු දෙයින් විදේස රටවල් අවදි වුනා. බැංකිමුන් හැරිලා හරි බැලුවා කියලා හිතනවානම්
ඒක ඔබගේ දැනිම හා තේරුම අතර තියන දෙයක්. එක්සත් ජාතින්ගේ සංවිදානයේ අරමුන හා ඒ හරහා බැදි
ඇති සංවිදාන ගැන අවබෝදයෙන් බැලුවොත් ඒක මේතාක් ලංකාවට ඇති පල ප්රනයෝජන තේරුම් යාවි.
ඒකෙන් අදහස් වෙන්නෙ නැ බැංකි මුන්ගෙ ක්රිොයාව අනුමත කලයුතුයි කියලා. ලොව පිලිගත් විරෝදතාවය
දැක්විමේ පිලිවෙතක් තියනවා. ඒ පියවර අනුගමනය කලානම් -මේක අවසාන ජවනිකාව වුනානම්
තරමක් හරි පැහිදිමක අනෙකුත් රටවල්තුලින් බලාපොරොත්තු වෙන්න තිබුනා.
කමිටුවට රාජතාන්ත්රිඅකව විරෝදය පලකරන්න නොදන්නා කමට ජනපති දැනුවත්ව කල නාඩගමක් බව ලොකයට පෙන්විමක් තමා වුනේ. ඒ අස්සෙන් පෝස්ටර් ගහලා මෙන්න මගේ ජාතික ආලය කියලා විමල් පෙන්නන්න හදපු
හැටි විමසිමට ලක්කලාම කරුනු තේරුම් යාවි.
මැරෙන කල් වැතිරුන දමිල ජාතික තිලිපන් තමන්ගේ අරමුනේ හිටපු හැටියට දවස් 3ක්වත් ඉන්න බැරිවෙන බව රට දැනගෙන හිටියා. කට තරමට හිත හයිය තිබුනනම් අඩු තරමේ උසස් පෙල වත් කරලා තිබුන නම් ඉගෙන ගන්නවා එක්සත් ජාතින්ගේ සංවිදානය හරහා දැනට හා යුද්දය තොර රටකට ලබා ගත හැකි ප්රාතිලාබ.
මම මෙතන ප්රනතිලාබ බලාගෙන රට පාවාදෙන්න හදන්න කියන්නේ නැ. වැරදි නොකලනම් පරික්සන වලින් පලා
යන්නේ ඇයි කියාල විදේස ද්රටවිඩ ජනතාවගේ සරල ප්රකස්නයට උත්තර දෙන්න තියන අවස්තාව මග හැරිය යුතු නැ නේද.
(ඔබගෙ හරවත් ලිපි නිතර කියවන්නෙක් වන මම මෙවන් අදහසකින් ප්රසතම වරට ඇමතිමට ලැබිම කනගාටු වෙ ”

මුලින්ම මගේ ලිපි කියවීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඔබගේ මතයට ගරු කරන අතර මාගේ පිලිතුර පහත යොමුකරනවා.

“ඔබ නැවතත් ප්‍රශ්නය මුලටගෙන යනවා. කෙසේ වුවත් මා කීවේ මාගේ අදහසයි. එයට එකග වීම හෝ නොවීම අයිතිය ඔබ සතුයි. එ. ජා. සංවිධාන ගැන මාගේ දැනුම ඉතාම අල්පයි. එනිසා මා ප්‍රතිලාභ මේ ගැන වාද කරන් නෑ. මම කියන්නේ මෙලෙස ජාතියක් වශයෙන් කුහක විය යුතු නෑ කියලයි. කෑවේ ලෙමන් පෆ්ද, නැතිනම් මාරි බිස්කට්ද, කෑවා නම් බිස්කට් කීයක්ද මෙවැනි අයුරින් මෙම ක්‍රීයාව පහත් කොට සැලකීම පිලිබදව මාගේ විරෝධය පලකලා.

කෙසේ වුවත් පරීක්ෂණ කරන්න දීම ගැන නම් මාගේ විරෝධයක් තියෙන්නේ. කෙසේ වුවත් එ. ජා. සංවිධානය දැන් මධයස්ත නෑ. ඉතින් එවැනි ආයතනයකින් සාධාරණය බලාපොරොත්තු වෙන්න බෑ. මේ වුන දේවල් වලින් අනික් රටවල් අප ගැන කලකිරුනා කියන්න බෑ. කොහොමත් අමෙරිකානු විරෝධි රටවල් අප සමගයි. අප ධනවත් රටවල්ට ඊනියා වාදී ලෙස විරුද්ධ විය යුතු නෑ. ඒත් කිසිම අයුරකින් ඔවුන් කියන ලෙසකින් නටන්න දෙන්න බෑ. අපේ රට තුල ප්‍රශ්නයක් වුනා නම් එය අපි විසදගන්නවා එය තමා අපේ ප්‍රතිපත්තිය. උදව් ඕනෙ නම් ගන්නවා.

එ. ජා. සංවිධාන රටක ස්වයිරීභාවය රැකීමට ක්‍රියාකරන අයුරු අනුව මේ ක්‍රියා පරස්පර විරෝදීයි, රට ප්‍රශ්නයකට මැදිහත් වියයුතු ආකාරය හා උපදේශක කමිටු පත්කල යුතු අයුරු පිලිබද පවතිනි නීති කියවන්න, එවිට ඔබටම වැටහෙයි. මා කියාවා ඇති නිසා මෙලෙස සදහන් කරන ලදී. එහෙත් මේවා හරිහැටි ක්‍රයාත්මක නොවන්නේ බලවත් ජාතීන් කිහිපයකගේ ආශිර්වාදය ලැබීම නිසාය.

ඔබ කියන විදිහට එ. ජා. සංවිධානය තුල පවා අපිට ප්‍රශ්නයක් වී නෑ. මේ පිලිබද චන්ද විමසීමක් සිදුවුවහොත් එය පහසුවෙන් ජය ගන්න පුලුවන්. එනිසා විමල් ගේ උපවාසයෙන් කිසිදු ප්‍රශ්නයක් වුනේ නෑ. එ. ජා. සංවිධාන කාර්යයාලයට පහර දීම පිලිබද වුවද තත්වය එසේමයි. ඕන්නැති වැඩ නොකර සිටියා නම් මෙවැනි ප්‍රශ්න සිදු නොවන්න තිබුනා. මීට පසු දෙයක් කරන්න කලින් මේවා ගැන හිතන්න වෙයි ඔය රටවලට. හදයා විධිමත් ක්‍රියා පටිපාටියට අනුවද මේ කමිටුව පත්කලේ, නෑ එහෙනම් අපි ඇයි විධිමත් විදිහට මේකට විරෝධය පාන්නේ. බල්ලෙක් සපා කෑවට අපි හපාකන්න ඕනේ නෑ. ඒත් අපිව හැපුවොත් අපි නපුංසකයෝ වගේ බලා ඉන්නේත් නෑ කියන පණිවිඩය අපි දෙන්න ඕනේ.”

මෙලෙස ලිපි හතරක් පුරා දික් ගැස්සුනු හදමාමා හා ජෙනරාල්ගේ නාඩගම මෙයි හකුලා ගන්නවා. හද මාමා බූඩි ගැන සෙවීමට කමිටිවක් පත්කිරීමට කලින් මෙය සිදුකිරීමට ලැබීම බූඩිගේ සතුටට හේතු වුනා. එ.ජා. සංවිධානය සතුව ඇති මුදල් ඉතිරි කර දීම ප්‍රධාන අරමුනයි. නැති නම් ඒ කමිටුවටත් $ ලක්ෂ ගණන් වැය වේවී.

හමුවෙමු ලිපියකින් යලිත් . . . .

Advertisements