දුරකතන ගාස්තු නගී, II වන කොටස

Posted on 2010 ජූලි 14

7


මේ ලිපිය කලින් ලියන ලද දුරකතන ගාස්තු නගී, අවම මිල රු. 2 යි යන ලිපියෙහි දෙවන කොටස වේ. පලමු ලිපිය කිවෙවේ නැත්නම් ඉහත සබැදුමට පිවිසෙන්න.

ඔන්න හෙට එනම් ජුලි 15 ඉදලා ඩයලොග් හා මොබිටෙල් මගින් පිලිවෙලින් බ්ලාස්ටර් හා උපහාර යන පැකේජ ලබා දීම හා අක්‍රීය පැකේජ නැවත සක්‍රීය කිරීම නවත්වලා තියෙනවා. මේ පිලිබද ආයතන දෙකම ප්‍රසිද්ධ ප්‍රකාශ මේ වන විට නිකුත් කොට අවසන්.

ගියවර ලිපියට ප්‍රතිචාරයක් ලෙස දුරකතන නියාමන කොමිසමේ ක්‍රියාව පාරිබෝගිකයන්ට සිදුවන අයහපතක් බව ඇතමුන් කියා සිටියා. මේ පිලිදව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. සමහරු ඉතින් රජයටත් බනින්න ගත්තා.

pic 1

දුරකතන නියාමන කොමිසම විසින් අවම ගාස්තුව රු. 2 ක් වැනි මට්ටමක පවත්වාගන්න ක්‍රියාකරන ලද්දේ පවතින පාඩු ලබන තත්වයෙන් මේ සමාගම් මුදවා ගන්නටයි. ඉතින් පාරිබෝගිකයා ආරක්ෂාකිරීමට ඇති ආයතනයක් මෙලෙස සමාගම් ආරක්ෂාකරන්නේ ඇයි දැයි සමහරු ප්‍රශ්න නගනවා.

දුරකතන නියාමන කොමිසම පිහිටවා ඇත්තේ විදුලි සංදේශ කටයුතු නියාමන කිරීමට වන අතර පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නොවේ. එහෙත් පාරිඟෝගික පැමිනිලි සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරනවා. මෙහිදී දුරකතන නියාමන කොමිසම සතු වගකීමක් තමා විදුලි සංදේශ සේවා ලබා දෙන සමාගම් රැක ගනිමින් සේවා වන්හී තත්වය හා කල්පැවැත්වම තහවුරු කිරීම.

ඉතින් මෙලෙස පාඩු ලබන තත්වයක් මත දුරකතන නියාමන කොමිසමට සිදු වෙනවා යම් සහනයක් සමාගම් වෙත ලබා දීමට. නැතිනම් මෙලෙස දිගටම පාදු විදිමින් ගියහොත් ඉදිරියේදී සමාගම් වැසී යාමට පවා සිදු වෙනවා. ට්ගෝ සමාගම විකුණනු ලැබුවේ මෙහි එක් අවස්තාවක් ලෙසයි. ලංකාවේ සිටින ග්‍රාහක ප්‍රමාණයට සරිලන ලෙස ජංගම දුරකතන සමාගම් 5 ක් හා ස්ථාවර දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම් 4 ක් පවතිනවා. ඉතින් මොවුන් අතර වූ තරගය නිසා දිගින් දිගටම ගාස්තු අඩු කලා. මේවා කෙටි කාලීන තීරණ ලෙස තමා කිරයාත්මක කලේ පවතින තරගයට මුහුණ දීමට. මෙනිසා සමාගම් සියල්ලම පාහේ දැවැන්ත ලෙස පාඩු ලැබුවා. මේ තත්වය පැවතුනහොත් සමාගම් වැසී යාමට පවා ලක්විය හැකි යන තත්වය තේරුම් ගත් දුරකතන නියාමන කොමිසම මේ තීරනය ගෙන තිබෙනවා.

ඇත්තමටම දුරකතන සමාගම් විශාල පාඩුවක් ලැබූ බව සේවක වැටුප් හා සේවක කපා හැරීම් මගින් පෙනෙනවා. ගණන් මිමි අනුව එය රුපියල් කෝටි 3600 ක්. දුරකතන සමාගමක අනුග්‍රහය ලැබූ බූඩීටත් ලැබුනේ හොද අනුග්‍රහයක් නොවේ. ඒ ගිය වසරේ.

සමාගම් වල පැවැත්ම නැතිවී ගියහොත් වක්‍රව එයින් කරදරයට පත් වනුයේ පාරිභෝගිකයාමයි. එවිට තරගය අඩුවී දුරකතන ගාස්තු වැඩි වීමට පුලුවන්. මෙනිසා ටික කලකට මෙලෙස දුරක්තන ගාස්තු නියාමනයක් අවශයයි.

එයා ටෙල් සමාගම මෙරටට පැමිණිමට ඉඩ නොදුන්නා නම් මේ ප්‍රශ්නය මෙතරම් උග්‍ර නොවෙන්න තිබුනා. බූඩී දරන්නේ එවැනි මතයක්. මේ ගැන ඉදිරියට ලියන්නම්.

මෙම නව ගාස්තු බලපාන්නේ නව සබදතා සදහා වන අතර ජංගම හා ස්ථාවර දුරකතන සදහා අදාල වෙනවා.

Advertisements