බෝඩිමේ අන්දරේ – ඊබේ ගතවූ ඇදුම්

Posted on 2010 ජූලි 16

6


මේ ලගදි පින්තූර වගයක් හොයද්දි හම්බුනා ගිය අවුරුද්දෙ පුරාම ගත කල බෝඩිමේ දි ගත්ත “සිහිවටන” වගේ පින්තූර ටිකක්, මේවා සිහිවටන වෙන්නේ මේ හැම පින්තූරයක් එක්කම කතා එකක් හෝ කිහිපයක් තියෙනවා. ඉතින් ඉඩ ලැබෙන විදිහට මේ කතා ටික ලියන්නම්. මේ ජීවිතේ ගෙවුන හැටි මතක් වෙනකොට නම් ඉතින් කියලා වැඩක් නෑ. ඒ තරම්ම ජොලි.

ඉතින් මෙන්න වුන දේ.

ඔන්න ඉතින් මගේ රූමා තමා මේ කතාවේ නායකයා. මගේ රූමා මං වගේ නෙමේ බොඩිමේ අයිතිකාර පොරට ණයක් වෙලා වගේ පුලුවන් හැම වෙලාවෙම ගෙදර දුවනවා. ඉතින් හැම දාම සති අන්තෙටයි නිවාඩුවටයි මිනිහා ගෙදර. ඉතින් හැම දාම එද්දි සතියට ඕන කරන ඇදුම් අරං එනවා. රූමාගේ මාමා කෙනෙක් ඉන්නවා ඉතාලියෙ, ඉතින් පොර හැමදාම වගේ මාමා එවන ඇදුම් තමා අරන් එන්නේ. කොහොම හරි ඔන්න ගෙදර ගිහින් එද්දි අරං ආව අදුම් අතරේ තිබුනා එක කොට කලිසමක්. ඒකේ පිටිපස්සේ පොඩි හිලක් තිබුනා.

ඕක ඉතින් බෝඩිමේ ඉන්න පොරවල් වලට මාර ෆන් වැඩේ වුනා මගේ රූමාව බයිට් එකට ගන්න. බූඩී ඉතින් රූමාට විරුද්ධව වචනයක් වත් හෙල්ලුවේ නෑ. 😉

ඉතින් කෝම හරි ඩෙඩ් වීක් එකේ දවසක අපේ රූමයි තව පොරකුයි ගියා කෑම ගේන්න දවල්ට කන්න, ඔන්න ඒ අතරේ අපේ බෝඩිමේ හිටියා යටට දාන යට කලිසම පවා ඊබේ එකෙන් ගන්න පොරක් ඉතින් පොරට ආවා මරු අඩියා එකක්. ඒ අයිඩියා එක තමා පහත පේන්න තියෙන්නේ.

pic 1

මේක දැම්මා මුහුනු පොතට දාලා මේ හිලට මගේ රූමාව ටැග් කලා, මරු තමා ඉතින්, පස්සේ පොරගේ යාලුවෝ එහෙම ඉතින් කමෙන්ට් එහෙම දාලා තිබුනා. මේක දැකපු දා ඉදලා මේ කලිසම අදිනවා තියා ඒක බෝඩිම පැත්ත පලාතෙවත් ගෙනාවෙ නෑ.

මේ වගේ එක එක පොරවල් වලට වෙච්ච ෆ්න් සීන් ගොඩයි. බූඩිටත් ඉතින් පොඩ්ඩක් විතර එක එක සීන් වුනා කියන්නේ. අපි ඉස්සරහට කියෝමු. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලත් බිඩ් එකක් දාලා යන්න. 🙂

මං නම් මේ මුකුත් දන්නෑ. 😉

Advertisements