ෆෝන් හවුසින් මාරු කරන්න

Posted on 2010 ජූලි 17

3


පෙ. ලි. – මෙය හුදෙක් මාගේ අත්දැකීමක් විස්තර ක්ඉරීම සදහා ලියන ලදී. ෆෝන් ෂොප් හිමියන් සමග ගේමට නොවේ 😀

ඔන්න ඊයේ මම මගේ ෆෝන් එකේ හවුසින් එක මාරුකලා, නොකියා 73 එකක්. මුලු එකම මාරු කලා රු. 450/= ක් විතරයි ගියෙ. හවුසින් එක ගත්තත් ඊබේ එකෙන් සති දෙකක් යන්න ඉස්සෙල්ලා ආවා. මාරු කර ගන්න ෆෝන් ෂොප් එකකට යන්න කියලා තමා මට කලින් මාරු කරපු යාලුවෙක් කිව්වේ.

මෙයා තමා සෙලර්, සේවය හා මිල අඩුයි, තැපැල් ගාස්තු නොමිලේ

මේ තියෙන්නේ ආපු බඩු ටික.

pic 1

ඒත් ඉතින් මොකටද කාගාවටත් යන්නේ කියලා මම වැඩේට බැස්සා. ඔයාලත් හවුසින් එකක් ගද්දි ඔයාලා ලග ආයුධ නැතිනම් ආයුධ සෙට් එක දෙන සෙලර් කෙනෙක් ගෙන්ම ගන්න. නිවැරදි ආයුධ නැතිනම් වැඩේ අමාරු වෙනවා.

මාරු කරන්න විඩියෝ එකක් හොයා ගෙන ඒක හොදට බලලා වැඩේට බැස්සා.

මේ ඔක්කොම එව්වා පහල තියෙනවා. මොනවා වුනත් සෑහෙන කාලයක් යනවා ඉතාමත් සියුම් පුංචි කොටස් ටිකක් තියෙනවා. ඉතා කල්පනාවෙන් හා ඉවසීමෙන් වැඩේ කරන්න. මම පලවෙනි සැරේට කලේ පැය 2 ක් විතර ගියා.

විඩියෝව

ලිපිය

එහෙනම් ගිහින් එන්නම් . . . .