ටෙස්ට් ක්‍රිකට් ඉඩෝරය ඉන්දියාව අවසන් කරයිද ?

Posted on 2010 ජූලි 18

0


හෙට ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද ඉතා වැදගත් වේ.

ඉන්දියාව අවු. 17 කින් ලංකාව තුල ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් දිනා නැත. ඉතින් දෝනි මේ සදහා කුමක් හෝ කරනු ඇත. ඔහුගේ කණ්ඩායමද ඒ සදහා මනාව ගැලපේ. 1993 මොහොමද් අසුරුදීන් ගේ නායකත්වයෙන් 1-0 ලෙස ඉන්දියාව ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර ඇත. ලංකාව තුල පැවැත්වූ තරගාවලි 9 න් 8 ක් ම දිනා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

pic 1

ඒ සමගම මේ මුරලිගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වේ. කඩුලු 800 කරා යාමට ඔහුට තව කඩුලු 8 ක් අවශය වේ.

ඉන්දියා කණ්ඩායම :
දෝනී, ශෙවාග්, ගම්බීර්, රයිනා, ඩ්‍රාවිඩ්, තෙන්ඩුල්කා, ලක්ෂ්මන්, යුවරාජ්, විජේ, සහා, ෂර්මා, පටෙල්, හර්බජාන්, මිශ්‍රා, ඕජා, මිතුම්

ලංකා කණ්ඩායම :
කුමාර් සංගක්කාර, මුරලිදරන්, ඩිල්ෂාන්, තරංග, මහේල, තිලාන්, මැතිව්ස්, ප්‍රසන්න, මාලින්ග, රංගන, දිල්හාර, ධම්මික, රංදිව්, කණ්ඩම්බි, වෙලගෙදර, තිරිමාන්න

ලංකා පිල ඉඩෝරය දිගටම පවත්වා ගනී යැයි බූඩී පතනවා හා සිතනවා . . . . .

බූඩීගේ ක්‍රිකට් ක්‍රීඩා මතකයන් සමග ලගදීම හමුවෙමු . . . . .