ගණිත විෂයට ඇන්. හා ඇන ගැනීම

Posted on 2010 ජූලි 19

8


පහුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වුනා. මේක ගෙනල්ලා තිබුනේ අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා. කරන්න ගිහින් තියෙන්නේ සාමානය පෙල ගණිතය විෂයට නව සාමාර්ථයක් එකතු කරන එක. ඉතින් ඕකේ තියෙන වැරද්ද මොකක්ද? වැරැද්දක් නෑ නේ. බූඩි නම් කැමතියි.

pic 1

මොකද ගණිතයට මාර සෙට් එකක් ලකුණු 10 කටත් අඩුවෙන් ගන්නවා. ඉතින් ලකුනු 30 ක් ගත්ත කෙනත් 10 ගත්ත කෙනෙත් දෙන්නම ගන්නේ ඩබලිව්. වැඩේ කැතයි නේ. මේක සම්මත වුනා නම් එක්කෙනෙක් ඩබලිව් ගනිද්දි අනිකා ඇන් ගන්නවා. කොහොමත් අන්තිමේදී දෙන්නම ඇන ගන්නවා.

හැබැයි ඉතින් අලුත් සමාර්ථය පාස් ලකුන කරන එකට නම් බූඩි කැමති නෑ. ආට්ස් නෙමේ පොලොවෙ ජීවත් වෙන්න නම් ගණිතය නැතිව බෑ කියලා තමා බූඩි හිතාගෙන ඉන්නේ.

ඇත්තෙන්ම කලා විෂයන් හදාරණ සිසුන්ට සරල ගණිත විෂයයක් හදුන්වා දීම දැනටමත් සිදුකලා තියෙන්නේ. බූඩී නම් කියන්නේ මේ සරල ගණිතය අනිවාර්යය කරන්න ඕනේ කියලා. මොකද කිසිම තර්කනයක් නැතිව උසස් පෙල ඉවර කලාම බුද්ධිය කියන එක ඉතාම අඩු තත්වයකට වැටෙනවා. ඒක නිසා සරල ගණිතය අනිවාර්ය කරන්න කියලා බූඩී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඉන්නේ.

ඔයාලා කියයි එහෙම ඕනේ නෑ කියලා ඒත් බූඩී තමා ඒකේ රගේ දන්නේ. බූඩි ඉස්සර අගනුවර ප්‍රසිද්ධ පරිඝනක උගන්නන ආයතනයක උගැන්නුවා. බී. අයි. ටී. පලවෙනි වසර ගණිතය, අනේ දෙයියනේ ඒකට ආපු උසස් පෙල ඉවර වෙච්ච කලා කරපු නංගිලා කිහිප දෙනෙකුට මුල ඉදලා ගණිතය කියලා දෙන්න බූඩීට සිද්ධ වුනා. බූඩී දැගලුව දැගලිල්ලක්. ඒ තමා බූඩිගේ ප්‍රතම හා අවසාන කලා සිසුන්ගේ අත්දැකීම.

දැන් කියන්න එපා පරිගණක ගැන ඉගෙන ගන්න ඕනේ අය ගණිතය කරන්න කියලා. උසස් පෙල ඉවර වෙලා කරන දේ මුලින්ම කියන්න බෑ. අනික කලත් නැතත් අඩුම තරමේ ලංකාවේ ඊලග පරම් පරාවේ ඔය අයි. කිව්. කියන එක වැඩි වෙයි.

එතකොටවත් මේ අය ඔය කැබිනට් එකට හොද සෙට් එකක් තෝරලා යවයි නේද? එතකොට වෙන දේ දැකලා දැන්මම ඇන් එකක් දීලා ඇන කරලා දැම්මම වැඩේ ඉවරයි. දැක්කා නේද වැඩේ හැටි . . .

Advertisements