පරිප්පු, සම්බෝල හා බත් (බාගෙට තැම්බුන)

කාලෙකින් පෝස්ට් එකක් දන්නනත් බැරි වුනා (දවස් දෙකකින් 🙂 ) ඉතින් පොඩි කතාවක් කියන්න තමා මේ හදන්නේ. මේ කතාව මට මතක් වුනේ අද උදේට කද්දි. ඉතින් මේක හැමෝටම කියන්න ඕනේ කියලා හිතුන නිසා තමා පෝස්ට් එකක් දාන්න හිතුනේ. මේ කියන්න යන කතාව වෙලා දැනට අවු. 10 ක් විතර වෙනවා.

බූඩී ඉතින් පොඩි කාලේ, පොඩි කියන්නේ හත වසරෙ වගේ ඉද්දි, බූඩී පාසල් බාලදක්ෂ කණ්ඩායමේ හිටියා. ඉතින් මේ කියන්න යන්නේ බූඩී ගේ පලවෙනි කදවුරේදී වෙච්ච දෙයක්, ඒක ඉතින් ඇත්තටම නව අත්දැකීමක් වුනා. බාලදක්ෂයෙක් විදිහට ලබා ගත්ත අත්දැකීම් නම් අති විශාලයි. ඒ ඔක්කොම පුලු පුලුවන් හැටියට ලියන්නම්.

පික් 1

ඔන්න කියන්න ආපු කතාව.

බාලදක්ෂයින්ට තමන් දක්වන දස්කම් මත පදක්කම් ලැබෙනවා. එව්වා ඉතින් නිල ඇදුමේ පලදවා ගන්න පුලුවන්. ඉතින් මේ විදිහට පුලුවන් තරම් පදක්කම් ගන්න තමා කොයි කව්රුත් බලාගෙන ඉන්නේ. දන්නවනේ ඉතින් ඔය කාලේ තියෙන පිස්සුව. ඉතින් මේ කදවුර සංවිධානය කලේ ඇවිදීම සදහා වන පදක්කම් ලබා ගන්නයි. ඇවිදීමට පදක්කම් දෙකක් තියෙනවා. එකක් තමා හැතැප්ම හතක් ඇවිදීම, අනිත් එක තමා හැතැප්ම 26 ක් ඇවිදීම. බූඩිත් කණ්ඩායමට එකතු වෙලා වැඩි කාලයක් තිබුනේ නෑ. ඉතින් මුලින්ම අත ගහපු වැඩේ තමා හැතැප්ම 26 ක් ඇවිදින එක.

ඉතින් දවසක් ඇතුලත් හැ. 26 ක් ඇවිදලා රෑට කදවුරක ඉදපුවාම අපිට මේ පදක්කම ලැබෙනවා. ඉතින් පලවෙනි එක කිය කියා බලන්නැතිව පදක්ක්ම ගන්න ඕනේ නිසා මේ කට එකතු වුනා.

ඔන්න ඉතින් කට්ටියම එකතු වෙලා සෙනසුරාදා උදේ හැ. 26 යන්න සෙට් වුනා. කොහොම හරි ඉතින් අපිට කියලා තිබුන මාර්ගයේ අපි ගිහිල්ලා හවස 6 විතර වෙද්දි නැවත පාසලට ආවා. අපි 10 ගානේ වෙන කණ්ඩායම් 3 කට බෙදලා තිබුනේ. අපි හරියට මාර්ගයේ යනවද කියලා බලන්න අපිට දෙනවා පොතක් ඒ පොතේ හැම තැපැල් කාර්යාලයකින්ම සීල් එක ගන්න ඕනේ. ඉතින් ඔහොම තමයි වැඩේ බලන්නේ. අන්තිමේ දී පොත බලලා පදක්ක්ම දෙනවා.

ඉතින් හවස එද්දි හොද ගණන් ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා පරිප්පු හොද්දක් හදලා පාන් කෑවා. කකුල් නිකන් නෑ වගේ. රෑ ගිනි මෙලයක් ගහන් සිංදු කියලා විනෝද වුනා. ඒත් ඉතින් කොයි වෙලාවෙද නිදාගන්නේ කියලා තමා බලාගෙන හිටියේ.

අන්තිමේ ඔක්කොම ඉවර වෙලා නිදා ගත්තා පහුවදා 5.30 වෙද්දි නැගිටලා (මනෝ කායා කියන එක ගැන ඇත්තටම දැන ගත්තේ එදා තමා, හරියට කකෞල් දෙක නෑ වගේ, පාවෙනවා වගේ ඇවිදිද්දි) කණ්ඩායම් තුන උදේ කෑම හදන්න පටන් ගත්තා. ආ ඊට ඉස්සෙල්ල පැය භාගයක් වයායාම කරන්න සිදු වුනා. නිකන් ඉන්න බැරි අපිට මෙව්වත් කරන්න වුනා. දැන් ඉතින් යම රජ්ජුරුවොත් කන්න පුලුවන්. ඒත් ඉතින් මොනවා කරන්නද, ගෙදර වගේ කෑම හදලා නෑ නේ. ඉතින් අපි 10 දෙනා සෙට් වෙලා උයන්න ගත්තා. එකෙක් වත් මීට ඉස්සෙල්ලා උයලා තිබුනේ නෑ. කොහොම හරි කට්ටිය සෙට් වෙලා සම්බෝලෙයක් හැදුවා, පරිප්පු එකත් හැදුවා. වැඩියේ තම්බන්න දාන ඕනේ වතුර ගාන ගැන අවබෝධයක් තිබ්බේ නැති නිසා ඉව්ව පරිප්පු එක හොදට තැම්බිලා තිබුනේ නෑ. ඒත් වෙලාවේ හැටියට මරු. බත් එකනම් ගන්න දෙයක් නෑ. හුගක් ඇට අමුයි. කරන්න දෙයක් නෑ. වැඩිය තම්බන්න ගිහින් බෙරි වුනොත් කියලා බයට වැඩේ බේර ගත්තා. ඉතින් කෝම හරි අපි 7.30 වෙද්දි කන්න ගත්තා. ඔන්න ඉතින් පිගන් වලට බත් බෙදනවා, යටට යද්දි බත් එකේ වතුර පොඩ්ඩක් ඉතිරි වෙලා. මොනවා කරන්නද ඒ වෙලාවේ හිටපු බඩගින්නට ඒකත් එක්කම කෑවා. බඩ පිරෙන්න. පිගානා ඇල කරපුවාම වතුර ටික එකතු වෙනවා, පරිප්පු හොදි ඒකත් එක්ක සෙට් උනාවම් හොයන්න බෑ, ඒක නිසා ජාමේ බේර ගත්තා අනිත් අයගෙන්. කද්දි ටිකක් විතර අමාරු වුනත් බඩගින්න නිසා ඒකේ අවුලක් වුනේ නෑ.

ඔන්න ඔහොම තමා එදා උදේට කෑවේ.

කතාව කියෝපු අය කියන්න බලන්න මං අද උදේට කෑවේ මොනවාද කියලා ???

Advertisements

5 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w