ෆොස් කියන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකක්

Posted on 2010 ජූලි 30

4


තාමත් සමහර අය හිතන් ඉන්නෙ FOSS (Free and open source software) විතරක් පාවිච්චි කරන්න ගීක්ල වෙන්න ඕන කියල ඒත් ඇත්තටම බැලුවොත් ෆොස් පාවිච්චි කරන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. දැන් තියෙන සෑම විවෘත මෘදුකාංගයක් වගේම සරල පරිශීලක අතුරු මුහුණත් පාවිච්චි කරනව වගේම මෙතනදි පරිශීලකයට මෘදුකාංගයෙ පූර්ණ නිදහස අත්විදින්න පුලුවන්. ඒ වගේම තවත් ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි FOSS කියන්නෙ ලිනක්ස් විතරයි කියන එක ඒත් ලිනක්ස් කියන්නෙ FOSS වල ප්‍රමුඛස්තානයක් ගන්න නිදහස් වගේම අංග සම්පූර්ණ විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් විතරයි. ඒත් ඕන කෙනෙක්ට ලිනක්ස් වෙනුවට මැක් හරි වින්ඩෝස් හරි
පාවිච්චි කලත් ලේසියෙන්ම විවෘත මෘදුකාංග වල සහය ලබා ගන්න පුලුවන්.

ඉතින් මෘදුකාංග නිකන් කියල හිතාගෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා වලින් කම්පියුටර් එක පුරවගෙන හිටපු ගොඩක් දෙනා හොර බඩු අයින් කරල නිදහස් මෘදුකාංග පාවිච්චි කරන තැනට ඇවිල්ල තියෙන්නෙ. කොටින්ම දැන් ෆොස් කියන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් ඉතින් නිදහස් හා විවෘත මෘදුකාංග තවත් අපිට තවත් සමීප කරමින් FOSS User Magazine (fossuser.com) මංගල කලාපය ජුනි මාසෙ එළිදැක්වුනා. සගරාවෙ දෙවන කලාපය අගෝස්තු මාසෙදි නිකුත්වෙනවා.

සගරාවෙන් නිදහස් මෘදුකාංග ලෝකයේ අලුත්ම සිදුවීම්, අලුත් පුවත්, පාඩම්, මෘදුකාංග හදුන්වාදීම් වගේ විශාල අන්තර්ගතයන් ප්‍රමාණයක් නවමු ආරකින් ඉදිරිපත් කරල තියෙනව පළමු කළාපයෙ සම්පූර්ණ සගරාවම ඉන්ග්‍රීසියෙන් තිබ්බත් දෙවන කලාපයෙ ඉදල සිංහල ලිපිත් ගොඩක් ඇතුලත් වෙනව වගේම ඕනම කෙනෙක්ට සගරාවට ලිපිවලින් දායක වෙලා FOSS ට්‍රෙන්ඩ් එක ලංකාව පුරාම පතුරවන්න උදව් වෙන්නත් පුලුවන් ඔයාලත් සගරාවට ලිපිවලින් දායක වෙන්න කැමතිනම් info@fossuser.com ලිපිනය ඕනම වෙලාවක විවෘතයි ඒ වගේම FOSS User Magazine එකේ ටී ශර්ට් එකක් ඕන් නම් මෙතනින් ඒ ගැන සේරම විස්තර ලබා ගන්නත් පුලුවන්. ඔයාලටත් ටී ශර්ට් එකක් ඕන නම් අගෝස්තු 2 වෙනිදට කලින් ඒ බව දන්වන්න වෙනව වගේම විශේෂම දේ තමයි ඕනම කෙනෙක්ට මේක ගන්න පුලුවන් වෙන එක ඉක්මන් කලොත් ඔයාලටත් ගන්න පුලුවන්.

අගෝතු මාසෙ එළිදක්වන සගරාවෙ දෙවන කලාපයෙ ඉදල නව වෙනස්කම් රාශියක්ම සිදුවෙන්න නියමිතයි. ඉතින් ඔයාල සගරාවෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියල වගේම ඔයාලගෙ අදහස් info@fossuser.com ලිපිනයට ඉදිරිපත් කරන්න පුලුවන්. මොකද ඔයාලගෙ අදහස් සගරාවෙ ඉදිරි දියුණුව්ට ගොඩක් වැදගත් වෙනව

සැවොම එක් වෙමූ – එකව නැගිටිමු
මහා බලයක් – විහිදුවාලමූ
අපේ රට හෙට
එකම එක FOSS පුරයක්

[හසිත් මල්ලිගේ බ්ලොග් එකෙන් උපුටා ගන්නා ලදී . . . . . තවත් කැමති අය ඉන්නවා නම් උපුටා ගන්න සීමා මායිම් නෑ, ]