ජාවා හා ජාවා පොරවල්

අද මාසේ පලවෙනිදා, ඉතින් දෙය්යනේ කියලා පෝස්ට් එකක් දාන්න ඕන නිසා ලියන්න හිතුනා. බූඩිට කල්පනාවක් තිබුනේ නැති වුනාට දැන් නම් බූඩිගේ පෝස්ට් ගාන හාප් සෙන්චරි එකත් ගහලා ඉන්නේ. ඒවා ගැන පස්සේ කතා කරමු නේද?

අද ලියන්න හිතුනේ පොඩි කතාවක් ගැන. මේ කතාව ජාවා ගැනයි. ඔයලා හුගක් අය IJTS මේ ආයතනය ගැන අහලා ඇති, සමහරු ඉගෙන ගෙනත් ඇති. දැන් අවු. 6 කට විතර ඉස්සෙල්ලා ලංකාවට SCJP විභාග ක්‍රමය ජනප්‍රිය වෙන්න ගත්ත ගමන් වැඩේ පටන් ගත්ත ආයතනයක් තමා ඕක. SCJP කියන්නේ සන් ආයතන මගින් පවත්තපු විභාගයක්. ඒ කාලෙ මේ වගේ ලංකාව පුරා IT උපාධි ආයතන පිරිලා තුබුනෙත් නෑ. ජාවා ලංකාව තුල ජනප්‍රිය වීමට පටන් ගත් අලුත් නිසා පුහුනූ ක්‍රමලේකකයින් හිටියෙත් නෑ. ඉතින් ඔන්න ඔය කාලේ තමා මේ ආයතන මේ විභාග සදහා ඉගැන්වීම් ආරම්භ කලේ.

ක්‍රමලේකනය සදහා අසාවක් ඇති කට්ටිය උසස් පෙල ඉවර වෙලා මේ විභාග කලා. හුගක් පිරිසක් මේ ආයතනයට ගියා. ටිකෙන් ටික ජාවා මේ විභාගය ජනප්‍රිය වෙන්න ගත්ත නිසා මේ විභාගයට ඉදිරිපත් වෙන පිරිස වැඩි වුනා. සමහරු කැමැත්ත නිසා, සමහරු පාට් ටයිම්, සමහරු වෙන කරන්න හොද දෙයක් නැති නිසා. ඉතින් මේ ඔක්කොම පන්ති වලට සහභාගී වුනා. සමහරු මගදි නැවතුනා, සමහරු විභාගේ අසමත් වුනා. සමහරු සමත් වුනා. සමත් වුන අයට පොඩි පොඩි ජොබ් සෙට් වුනා, ඔහොම ඉන්න ගමන් අනිත් විභාගත් කරන්න ගත්තා, පස්සේ ඒවායිනුත් සමත් වෙලා, අත්දැකීමුත් එක්ක හොද තැන් වලට ගියා.

කොහොම හරි පස්සේ හැමෝම මේක කරන්න ගත්තා සමහරු සා.පෙ. ඉවර වෙලා මෙම විභාග දෙකක් විතර ඉවර කරලා ජොබ් වලට ගිය අයත් ඉන්නවා.

pic 1

කොහොම හරි SCJP කියන්නේ ජාවා ක්‍රමලේකන භාෂාවේ මූලික දැනුම පරික්ෂාකරන විභාගයක්. ඉතින් මේක පාස් වුනත් ප්‍රායෝගිකව මුදුකාංග නිෂ්පාදනය කරන හැටි උගන්වන්න ඊලගට අමතර කෝස් හදුන්වා දුන්නා. ඔන්න ඔහොම තමා මේ ආයතනය ජාවා දැනුම ලබා දුන්නේ.

කොහොම හරි මේ ආයතන ජනප්‍රිය වුනා වගේම කෝස් එකක් සදහා හොද මුදලක්ද අය කරා. ආයතනයක් හැටියට ඔවුන්ගේ වරදක් නෑ.

ඒත් SCJP විභාගය හුදෙක්ම තියරි මත පමනක් සීමා වුන විභාගයක්. මෙම විභාගය සමත් වීම මගින් ක්‍රමලේකනයට පිවිසීමට හැකියාවක් පවතින්නේ නෑ. එහෙත් ක්‍රමලේකනයේ යෙදී පලපුරුද්දක් ලබා ඇති අයටතම දැනුම පිලිබද සහතිකයක් මෙයින් ලබා ගත හැකියි.

SCJP මගින් පමනක් කර්මාන්තය සදහා අවශය දැනුම නොලැබෙන නිසා කර්මාන්ත සදහා අවශය ප්‍රායෝගිම දැනුම ලබා දීම විවිධ කෝස් මගින් මෙම ආයතන සිදු කරනවා. එයට විකල්පයක් ලෙස තමා ජාවා වෘත්තිකයන්ගේ සංගමය පවා සහතික ක්‍රමයක් හදුන්වා දී තිබෙන්නේ.

නමුත් මෙම ආයතන වල ඉගෙනුම ලබන සිසුන් සිතන්නේ SCJP නිම කල සැනින් තමා ක්‍රමලේකනය ගැන සියලු දේ දන්නා බවයි. නමුත් පසුව විවිධ චෝදනා එල්ල වෙනවා හරියට වැඩක් කර ගන්න බෑ, මේ කට වග කියන්න ඕනේ ඉගැන්වූ ආයතනය කියලා. ඔන්න ඕකයි සැබෑ තත්වය. සමහර ආයතනත් මේ සිසුන්ව පොර කරන්න මාර ගේමක් දෙනවා. ඒ අය තමා හොද කියලා තව කට්ටිය ගෙන්න ගන්න මාර මවා පෑමක් කරනවා.

සමහර සිසුන් කොච්චරද වැරදි වැටහීමකින්ද ඉන්නේ කියලා මට බලාගන්න හම්බුනා යම් ආයතනයක් මගින් නුවර තිබ්බ ප්‍රද්‍ර්ශනයකදි.

SCJP, PCJT හා අනෙකුත් විභාග නිම කිරීමෙන් ක්‍රමලේකනයට පිවිසිය නොහැකි බව මතක තබා ගන්න. ඒ සදහා ප්‍රායෝගික දැනුමද අතාවශයයි. තවද ජාවා යනු තවත් එක් පරිගනක භාෂාවක් පමණයි. පරිගනක භාෂාවක් ඉගෙනීම එහි ඇති මෙතඩ්ස් කටපාඩමින් කීම ක්‍රමලේකනය නොවේ. භාෂාව හරි හැටි හැසිරවීම සිදු කල යුතුයි, ඒ සදහා සංවර්ධකයෙකු ලෙස ලබා ගන්නා පලපුරුද්ද ඉතා වැදගත්. පරිගනක භාෂාවක් ඉගෙනීම ඉතාමත් පහසු දෙයක් හරි හැටි දින තුන හතරක් අධයනය කල පසු ඕනෑම පරිගනක භාෂාවක් ඉගෙන ගන්න පුලුවන්. ඒත් එය හරි හැටි හැසිර වීම තරමක් අපහසුයි.

අවසානයේ කියන්න තියෙන්නේ මේ පරිගනක ලෝකය ඉතාමත් විශාලයි. එක් පරිගනක භාෂාවක් දැන ගත් පමනින් සියල්ලම දැන ගත්වුන් ලෙස හැසිරෙන්න එපා. එය ඔබගේම ඉදිරි ගමනට බාධාවක් මිස තල්ලුවක් නම් නොවේ.

පණ්ඩිත කමට නෙමේ සියල්ලන්ගේ දැන ගැනීමට ලිව්වේ අවු. 2ක් පුරා SCJP කෝස් එක ඉගැන්වීමෙන් බූඩි ලබා ගත් අත්දැකීම් භාවිතා කරලයි. ආයතනයට හෝ සිසුන්ට අවමන් කිරීමට නොව උපදෙසක් දීම සදහා ලියන ලදී.

නැවතත් කියන්න ඕනේ ආයතනයක් ලෙස IJTS හා අනෙකුත් මගින් වරදක් සිදු නොවුනත් සමහර සිසුන් ගේ අදහස මෙවැනි ආකාර බවය.

Advertisements

19 comments

  1. කතාව නම් සම්පූර්ණ ඇත්ත, IJTS ජාවා වවාගෙන කනවා, ඒකෙ ඉගෙන ගන්න උන් හිතා ඉන්නේ උන් තමා පොරවල් කියලා උන් ජාවා හොයාගත්තා ව්අගේ තමා කතාව, එල ඔයාගේ බ්ලොග් එක මම නිතර කියෝනවා, නියමයි දිගටම වැඩේ කරන් යන්න . . .

  2. IJTS ඉගෙන ගන්න උන් නම් හිතා ඉන්නේ උන් තමා ජාවා හොයා ගත්තේ කියලා. මෝඩ රැල නියමයි මචෝ ඔන්න ඔහිම තමා මෙව්වා ගැන ලියන්න ඕනේ ඔක්කොටම දැන ගන්න.

  3. කතාව නම් සම්පූර්ණ ඇත්ත, IJTS ජාවා වවාගෙන කනවා, ඒකෙ ඉගෙන ගන්න උන් හිතා ඉන්නේ උන් තමා පොරවල් කියලා උන් ජාවා හොයාගත්තා ව්අගේ තමා කතාව, එල ඔයාගේ බ්ලොග් එක මම නිතර කියෝනවා, නියමයි දිගටම වැඩේ කරන් යන්න . . .

  4. කතාවට සම්පූර්ණයෙන් එකඟයි.
    කිසියම් language එකක syntax ටිකයි methods ටිකයි ඉගෙනගත්තට තමන්ට හිතලා දෙයක් කරන්න අමාරුයි. එහෙම පරිගණක භාෂා ඉගෙනගෙන පුහු මාන්නයක් ඇතිකරගත්තොත් හැමදාම වෙන කෙනෙක් හදලා දෙන design එකක් program කර කර ඉන්න පුලුවන්. මේ ආයතන වලට මේකෙ වැරැද්දක් කියන්නත් බැහැ ඔවුන් උගන්වන්නේ අදාල පාඨමාලාවේ අරමුණු වලට අනුවනේ. ඒවායේදී අදාල භාෂාව ගැන පුලුල්ව ඉගැන්වූවත් තමන් ප්‍රායෝගිකව ලබාගන්නා දැනුම අනිවාර්‍යයෙන් වැදගත්.
    මේ ආයතන වලින් සිසුන් මුරුංගා අත්තෙ තියන්නෙ නැතුව තව ඉස්සරහට ඉගෙනගන්න තියෙන දේවල් පෙන්වලා දෙනවා නම් තමයි හොඳ.

  5. අයියගේ කතාවට මම 100% ඒකඟයි.IJTS ජාවා කන එක විතරක් නෙමේ අලුතින් SCJP වෙනුවට CCJP කියලා මඟුලක් හඳුන්වලාදීලා,මේ ලින්ක් එකට ගිහින් බලන්නකො.http://www.ccjpint.org
    මුන් එකේ ඉගෙනගන්න එවුන්ගේ මොළ හොඳලා හොඳ තෙලක් ගහලා තියෙන්නේ.
    මේ තියෙන්නේ එළකිරී එකේ මුන් කියන කතා
    http://www.elakiri.com/forum/showthread.php?t=561029&page=3

  6. IJTS ලොක්කා (Dr. Ishantha Siribaddana) බොරුවේ උපත වුවත් එතැනින් වැඩකාරයෝ බිහි වුනේ නෑ කියන්න බෑ. ඔතන මහා ජරාවක් වෙලා තියෙන්නේ 2009 ඉඳන් වැඩියෙන් හම්බ කරන්න ගිහින්. ජාවා ශ්‍රීලංකා එකේ සාර්තකත්වය වැරදියට යොදාගත්ත එක තමා උනේ.
    ඔය ලංකාවේ තියන මොන මොන ලොකු කැම්පස් වලට වඩා සිය ගුණයකින් හොඳ ජාවා වැඩකාරයෝ එකෙන් බිහිවෙලා තියනවා.
    ලංකාවේ ලොකුම IT කැම්පස් එකේ 2වන වසර ප්‍රොජෙක්ට් එක ජාවා වලින් කරන්න ගියාම ලැබුන උත්තරේ තමා “වරද්දගත්තොත් කියල දෙන්න අය මෙහෙ නෑ”

    ඔන්න ඕකයි තත්වේ ලංකාවේ අනිත් තැන් වල.

  7. This is interesting…. I was just going through Dr. Siribaddana’s profile in his site (http://ijts.academia.edu/IshanthaSiribaddana) and found many ‘first ever’ events he initiated. One of them is ‘2004 January: He produced the second Sun Certified Java programmer in Sri Lanka. He was one Dilruk Daminda‘.

    I do not think this is true, because by 2004, Java was well-known among every body and i’m sure there had been many SCJP guys. Any idea?

    • IJTS කියන්නෙ අනාගත සක්විති කෙනෙක් වෙන්න මාර්ගය හදා ගන්න පුද්ගලයෙකුගේ වාසභූමියක් කියල කෙටියෙන් කියන්න පුළුවන්.
      (http://ijts.academia.edu/IshanthaSiribaddana) ඕකේ තියෙන
      2003 February: He guided to published first ever paper advertisement on Sunday Observer news paper to promote Java Technology in Sri Lanka.
      ඔන්න ඔය ලිපිය ලිව්වෙ මම. දිනේ නම් ඕක නෙවෙයි. මොකද මම SCJP එක ගොඩ දැම්මේ 2004-1-19. දිල්රුක් අපිට කලින් බැච් එකේ.
      ඉෂාන්ත සර් ඔය වැඩේ පටන් ගත්ත නිසා අපි ගොඩක් කට්ටිය SCJP ගැන ඒ දවස් වල දැන ගත්තා. එතකොට SCJP කරන තැන් හරි කරන්නේ කොහොමද කියන එක හරි දැන ගන්න විදියක් තිබුණෙ නෑ. ඉෂාන්ත සර් Distance Learning Centre (DLC) එකේ පටන් ගත්ත ක්ලාස් එකේ ඉඳන් IJTS එකට එනකම් විස්තර ඔය ගොඩාක් කට්ටිය දන්නේ නෑ.
      ඉෂාන්ත සර්ගෙන් ඉගෙන ගත්තේ නෑ කවුරුවත් මොකද එයා කරන්නේ බොරුවක් බව ඕනේ කෙනෙකුට තේරෙන නිසා. හැබැයි වැදගත් ම දේ Java උණ තියෙන කට්ටිය එකට සෙට් කරල තම තම්න් ගොඩ යන මාර්ගය ඉෂාන්ත සර් හැදුවා. ඒක විතරයි කරපු එකම දේ.

      සල්ලි තණ්හාව, බල තණ්හාව සහ පොරක් වීමේ උණ නිසා අද ඔය තත්වෙට ඉෂාන්ත සර් ඇවිත් ඉන්නවා.
      ඒක පිටිපස්සෙ හිටපු බොහෝ දෙනෙක්ව මහා ජරා විදියට අයින් කරල දැන් මමයි පොර කියල හෙන ආතල් එකක් ගන්නවා.

      වවනයක් හරි ඉගෙන ගත්ට ගුරුවරයෙකුට මෙහෙම කියන්න හොඳ නෑ… නමුත් තව අහිංසක මිනිස්සු දහස් ගානකට සෙතක් වෙයි කියල හිතලයි මෙහෙම ලියන්නෙ.

      “පැතුම්, මට ඕනේ ඉෂාන්ත සිරිබද්දන කියන නම් එළියට දාන්න. ඔයා ලියන දේවල් මගේ නමින් දාමු.”

      ඔය තියෙන්නෙ මට ඉෂාන්ත සර් ව එපා වෙච්ච කතාව.

  8. oya CCJP kiyanne loka boruwak..(Chamber certified Java Proffesionals …. ane mage kata..:) ) Ishantha Siribaddana hadanne Sun Exams walatath KOKA pennala SCJP wage exams walata gewana exam fee ekath uge namata ganna … ekata thama chamber kiyala ekak hadagena thiyenne.oya chamber eke lankawe loketa lokka Ishantha Siribaddana kiyalane… ane anichchan wena aya lankawe nane…….
    IJTS A/L karala inna asarana yo allagena tela bedala. Oya CCJP eka kohewat piliganne ne … ookata ahuwenna epa …. Do the SCJP dan OSJP .
    okata ithin class yanna salli naththan net eken ebooks tikak ehema bagena tikak self study kalanan oka nikamma goda daganna puluwan .
    ex- head first Java …. -www.4shared.com

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w