ලංකාවේ කැම්පස් වල ඉන්න අය ජාවා දන්නෑ ???

Posted on 2010 අගෝස්තු 4

24


. . . . .(යම් ආයතනයක් නමක්) එතැනින් වැඩකාරයෝ බිහි වුනේ නෑ කියන්න බෑ. ඔතන මහා ජරාවක් වෙලා තියෙන්නේ 2009 ඉඳන් වැඩියෙන් හම්බ කරන්න ගිහින්. ජාවා ශ්‍රීලංකා එකේ සාර්තකත්වය වැරදියට යොදාගත්ත එක තමා උනේ. ඔය ලංකාවේ තියන මොන මොන ලොකු කැම්පස් වලට වඩා සිය ගුණයකින් හොඳ ජාවා වැඩකාරයෝ එකෙන් බිහිවෙලා තියනවා. ලංකාවේ ලොකුම IT කැම්පස් එකේ 2වන වසර ප්‍රොජෙක්ට් එක ජාවා වලින් කරන්න ගියාම ලැබුන උත්තරේ තමා “වරද්දගත්තොත් කියල දෙන්න අය මෙහෙ නෑ” . . . . .

මම ලගදි ලියපු ජාවා හා ජාවා පොරවල් පෝස්ට් එකට ලැබුනු ප්‍රතිචාරයක් නිසා තමා මේක ලියන්න හිතුනේ. ඉහත මුලින්ම සදහන් කරලා තියෙන්නේ ඒ ප්‍රතිචාරය.

(යම් ආයතනයක් නමක්) එකෙන් ජාවා වැඩ කාරයන් බිහි වුනේ නෑ කියන්න බෑ. ගොඩාක් බිහි වුනා. ජාවා ප්‍රචලිත කිරිමේ පුරෝගාමියෝ වුනේ ඔවුන්. තවද කැම්පස් වලින් ජාවා වැඩ කාරයෝ බිහි නොවුනා කියන්න බෑ. ඔවුන්ට වඩා අර ගොල්ලෝ හොදයි ද නැද්ද කියලා මම නම් දන්නෑ. ගුනාකාරය මම දන්නෙත් නෑ.

මුලින්ම කියන්න ඕනේ ඔබ ඔය කියන ලොකුම IT කැම්පස් එක මොකක්ද කියලා දැන ගන්න මාත් ආසයි.

picm1

ඔන්න මේ ටික අහගන්නකෝ.

ලංකාව කියන්නේ ඉතාමත්ම අසංවිධානාත්මකව ගොඩනැගුනු අධාපන ක්‍රමයක් සහිත රටක්. කොහොම හරි උසස් පෙල සමත් වන සිසුන් ලංකාවේ විශ්ව විද්දයාල වලට ඇතුල් වෙනවා. ඊට පස්සේ ලැබෙන විෂය ධාරාව තෝර ගන්නවා. මම කලේ ගණිතය ඉතින් මම කතා කරන්නේ ඒපැත්තෙන්, මම දන්න දේ ගැන කතා කරන්න මම කැමතියි. කාරනා කිහිපයක් උඩ මේ විෂයයන් වලට සිසුන් තේරෙනවා. බහුතර සිසුන් ගණනාවක් තමා අසාකරන විෂය ධාරා පසෙක තබා ලැබෙන දේ කරගෙන යනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉතාමත් අඩු අවස්තා ගණනක් තිබීම තමා මෙයට ප්‍රධාන හේතුව. හරි මම ගන්නම් නියම උදාහරණයක්.

මොරටුව, පේරාදෙණිය ඔන්න ඔය වි.වි. වලට ඉන්ජිනේරු විද්දයාව හදාරන්න සිසුන් පිලිවෙලින් 650 හා 420 ක් පමණ ඇතුලත් කර ගන්නවා. ඔන්න ඔය ගනනින් 100 ක් හා 60 ක් තමා පරිගනක ඉන්ජිනේරු විද්දයාව හදාරන්න තෝරා ගන්නේ. ඔන්න ඔය ගනනින් මුල ඉදන්ම පරිගනක ඉන්ජිනේරු විද්දයාව හදාරන්න එන අය ඉන්නේ අතලොස්සයි. අන්න ඔය ගනනින් ජාවා ඉගෙනගෙන තවත් ඉදිරියට යන්නේ ඉතාමත් සුලු පිරිසක්. අනිත් අය යන්තම් කෝස් යුනිට් එක ගොඩ දානවා. ඉතින් ඔන්න ඕකයි කතාව. ඒත් හැම විටම ජාවා වැඩකාරයින් ගොඩක් ඉන්නවා. ජාවා වලට කැමති ජාවා ඉගෙන ගන්න අයත් ඉන්නවා.

නමුත් (යම් ආයතනයක් නමක්) එකට එන්නේ හුගාක් වෙලාවට මේ ක්‍රමලේකනයට ආසාව තියෙන අය. ඔවුන් බලන්නේ පුලුවන් තරම් ඉදිරියට යන්න ඒ ජාවා වලින් ඉතින් අර වි.වි. වල ඉන්න පිරිසට වඩා වැඩි පිරිසක් ඉන්නවා ජාවා ඉහලටම ඉගෙන ගන්න. ඒ වුනත් ජාවා කියන්නේ භාෂාවක් පමනයි. බොහෝ විට කාර්යක්ෂම ක්‍රමලේකනය අතින් වි.වි. වල ඉන්න පිරිස ඉතාමත් ඉදිරියෙන් ඉන්නේ කියලා කියන්න ඕනේ.

තව දෙයක් වි.වි. පිරිසට වඩාත් එකම දෙයක් එක්ක ඔට්ටු වෙන්න වෙලාවක් හම්බෙන්නෑ. ඉතින් ඔවුන් නිරායාසයෙන්ම එක් කොටසකට සීමා වෙනවා. මේක නිසා සමහර වෙලාවට ජාවා පිලිබද දැනීම හුගාක් මොට වෙන්න පුලුවන්. මෙවැනි දෑ මගින් කැම්පස් වල තත්වය මනින්න බෑ. IT කියන්නේ ජාවා නෙමේ ජාවා එක් භාෂාවක් පමණයි, එනිසා කැම්පස් වල තත්වය පහත හෙලා කතා කිරීම මා අනුමත කරන්නෑ. ජාවා පමණක් නොවේ IT ඩිග්‍රී එකකට ඊට වඩා දේවල් තියෙනවා ඉගෙන ගන්න. තවත් දෙයක් ඔය ආයතනය තුල මුලින්ම උගන්නපු බොහෝ දෙනෙක් වි.වි. වල ඉගෙන ගත්ත අය කියලා අමතක කරන්න එපා.

ජාවා ප්‍රොජෙක්ට එකක් කරන්න උදව් කරන්න කෙනෙක් නෑ කියලා කියපු කැම්පස් එක ගැන නම් මට හිතාගන්නවත් බෑ. ඒක ලොකුම IT කැම්පස් එක උන එක නම් හිතා ගන්නවත් බෑ. මට නම් හිතෙනේ මේක ගල් පැලෙන අතේ පත්තුවෙන බොරුවක් කියලා නැතිනම් අදාල ආයතනයේ නම දාන්න පුලුවන් ඔහුට මොකද කෙලින්ම වි.වි. නම දාන්න බැරි වුනේ (ඔරිජිනල් කමෙන්ට් එකේ ආයතනයේ නම සදහන් මෙතනින් බලන්න). තවත් එක්ක ඊලග පාර ඔය වගේ දෙයක් ඇහුනොත් මාව සම්බන්ධ කර ගන්න මම උදව් කරන්නම්. මොකද කැම්පස් වල ඉන්න ජාවා කාලා වතුර බීපු අය බොහොමයක් මම දන්නවා. කොලබ, මොරටුව ඔය හැම එකේම ජාවා කාලා ඉන්න අය නෑ කියන්නේ අමූලික බොරුවක්, මේක කියවන අය කරුනාකරලා මේකේ ඇත්ත නැත්ත ගැන ලියලා යන්න. මම කියන්න ඕනේ නෑ නේ ඔක්කොම.

බූඩී කියන කතාව ඇත්තද? සංවාදයට ඉඩ . . . .