අපි හදපු අපේ එන්ජිම

Posted on 2010 ඔක්තෝබර් 3

8


කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා වෙන මොනවා හින්දවත් නෙමේ වැඩ ටිකක් තිබුන නිසා. ගොඩාක් වැඩ තිබුනු නිසා වෙලාවක් හොයා ගන්න බැරි වුනා. ඒ දවස් වල කරපු දේවල් පස්සේ වෙලාවක කියන්නම්.

දන්නවනේ පේරාදෙණියේ ඉංජිනේරු ප්‍රදර්ශනයක් තිබ්බා කියලා ඉතින් ඔන්න ඕකට මමත් තව මගේ යාලුවෙකුත් එකතු වෙලා එන්ජිමක් හැදුවා. එන්ජිමක් කියන්නේ වාෂ්ප එංජිමක්. යාලුවා තමා මාත් එක්ක රූම් එකේ ඉන්න මගේ රූමා නම නම් ගංගානාථ, ආදරේට ගංගා කියලත් කියනවා බක්කා කියලත් කියනවා. කොහොම වුනත් මේ යාලුවා ගැන ඉස්සරහට හොද කතා ටිකක් කියන්නම් :).

ඔන්න ඉතින් ආයෙත් එංජිමට . . . .

අපි දෙන්නා සෙට් වෙලා කරපු තවත් එක ප්‍රොජෙක්ට් එකක් තම මේ එංජිම.

ඔයාලා ඔක්කොම දන්නවානේ වාෂ්ප එංජිම ගැන ඉතින් ඔය ඉස්සර වාෂ්ප එංජිමෙන්නේ කෝච්චි දිව්වේ.(මල කෙලියයි අමතක වුනා, අපි දෙන්නට කෝච්චි අරහං වුන සිද්ධිය ලගදිම කියන්නම් . . .)

කොහොම හරි ඔන්න වතුර උනු කරලා සාදාගන්න ජල වාෂ්ප වල පීඩනය වැඩි කරනවා ඊට පස්සේ ඒ අධි පීඩිත වාෂ්පය අපි එංජිම වෙත ලබා දෙනවා. ඔන්න ඔහොම තමා එන්ජිම වැඩ කරන්නේ.

මම ගත්ත ෆෝටෝ ටිකක් ඇමුනුවා බලන්න.

පික් 2

පික් 3

පොඩි ඇඩ් එකක් දාද්දි ගත්ත ෆොටෝ එකක්

පික් 1