FOSS User අඩපණ කිරීමට ගත් අසාර්ථක තැතක්

Posted on 2010 ඔක්තෝබර් 9

13


සැප්තැම්බර් මස 08 වනදා රාත්‍රියේ FOSS User සගරා (http://fossuser.lk) වෙබ් අඩවිය වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වීම තරයේ හෙලා දැකීම සදහා සහ මෙම සිද්ධිය පිලිබද ප්‍රජාව දැනුවත් කිරීමට මෙම ලිපිය පල කරන ලදී. කරුණාකර මෙවැනි ප්‍රහාර හෙලා දැකීමට සහාය දක්වන්න.

සැප්තැම්බර් මස 08 වනදා රාත්‍රියේ FOSS User සගරා වෙබ් අඩවිය වෙත හැකර් ප්‍රහාරයක් එල්ල විය. වෙබ් අඩවියේ ප්‍රධාන පිටුව වෙනස් කිරීමකට භාජනය කොට තිබූ අතර වෙබ් අඩවිය ප්‍රකෘති තත්වයට ගැනීමට මේ වන තෙක් (2010 සැප් 09, 09.30 IST) හැකියාවක් ලැබී නොමැත. එනමුත් http://fossuser.lk/en මගින් වෙබ් අඩවිය ප්‍රවේශ කරවිය හැක. fossuser.lk එලිදැක්වීමට පෙර භාවිතා කල fossuser.com ලිපිනයද තවමත් සක්‍රීයව පවතී.

පික් 1

කාලයක් මුලුල්ලේ එල්ල වු ප්‍රහාර ගණනාවත් වලකා ගැනීමට හැකියාවක් ලැබුනද සිදුවූ දීර්ඟතම අඩපණවීම මෙම ප්‍රහාරය මගින් සිදුවූ බව පිලිගත හැක.

FOSS User හි facebook පිටුවටද spam ගණනාවක් පසු කාලය තුල එල්ල විය. ඒ අනුව පෝස්ට් පල කිරිම පිලිබද වැඩි අවධානයක් යොමු කරමින් එම ප්‍රහාර වලකා ගැනීම හැකි විය. වෙබ් අඩවිය හා email සදහා spam ප්‍රහාරද අවම කර ගැනීම සදහා වැඩ පිලිවෙලවල් කිහිපයක් සිදු කරමින් පවතින අතරතුර මෙම ප්‍රහාර එල්ල විය. එහෙත් එමගින් මුලු අඩවියම අඩපණ කිරීමට අවස්තාවක් නොවීය. නමුත් මේ වනවිට සියලුම ගිනුම් අඩපණ වී ඇත. FOSS User සගරාව මුලුන් භාවිතා කල fossuser.com සදහා වූ ලිපිනද තවමත් ක්‍රියාත්මකව පවතින අතර දිනෙන් දින ඒ වෙත විශාල spam ප්‍රමාණයක් ලැබෙමින් පවතී.

මෙමස 15 වනදා FOSS User සගරාවේ මීලග කලාපය නිකුතු කිරීමට කටයුතු යොදා ඇති මොහොතක සිදුවූ මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ එම නිකුතුව කඩාකප්පල් කිරීමද යන්න සැක සහිත වේ. හැකි ඉක්මනින් වෙබ් අඩවිය යතා තත්වයට ගෙන ඒමට සියලු කටයුතු සිදු කරමින් පවතී. FOSS අනාගතය වෙනුවෙන් ඉතා විශාල කැප කිරීම් කරමින් සිදුකරන මෙහෙවර කඩාකප්පල් කිරීමට මෙම දරණ උත්සහයන් ඉතා පිලිකුලෙන් අප හෙලා දකින අතර මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට එක් වන ලෙස FOSS සදහා ආදරය කරන සැමගෙන් ඉල්ලා සිටිනවා.

FOSS User Magazine හි ප්‍රධාන කතෘ

Advertisements