ඉරාජ් බයිට්ද? නැද්ද?

Posted on 2010 ඔක්තෝබර් 19

6


කාලෙකින් නිවාඩුවක් හම්බුන නිස අන්තර්ජාලය පැත්තේ රවුමක් දාලා බ්ලොග් ටිකක් එහෙම කියවන්න වෙලාව හම්බුනා. ඉතින් ඔහොම කියවන් යද්දි එක එක හැගීම් හිතට එනවා. හුගාක් දේවල් ඊලග පෝස්ට් එක කියවල ඉවර වෙද්දි අමතක වෙනවා. ඒත් සමහර එව්වා නම් මතකයේ හිටිනවා. ඉතින් ඒ වගේ එකක් ගැන මගේ මතය ලියන්න හිතුවා අද බ්ලොග් එකේ.

මෙන්න මේකයි මේක ලියන්න හේතු වුන බ්ලොග් පෝස්ට් එක. කියවලම බලන්නකෝ.

කොහොමහරි ඉතින් ලංකාව සිංහල වුනු පලියට සිංහල සිංදු මැද්දට ඉංග්‍රීසි කෑල්ලක් දාන එක මහ ලොකු දෙයක් නෙමේ ගනන් ගන්න. අනික වීඩියෝ එකක අදුම් නැති හරි තියෙන හරි සුද්දියෝ දාන එකෙත් මහ ලොකු අවුලක් මම දකින් නෑ.

මේවා හැදුවේ ඉරාජ් වුනාට මේ දේවල් විකාශනය කරන්න කලින් ඒ ඒ මාධයය තම තමුන්ගේ රසිකයන්ගේ මට්ටම මත ඉදලා තීරන ගත්තනම් මේක මහ ලොකු දෙයක් වෙන්නෑ. ඉතින් මේ හඩ පටයේ ඉන්න කෙල්ල හිතාමතා හරි බොක්කෙන්ම හරි ඉරාජ්ව බයිට් කරලා මාර ෆන් එකක් දෙනවා. හැබැයි එයාගේ තර්ක නම් මහම මහ ගොන් පාට්.

මොනවා වුනත් ඕන කෙනෙක්ට තමන් කැමති විදිහට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. ඒකේ හොද නරක තීරනය කරන්නේ ප්‍රේක්ෂකයො. හොද නැතිනම් ඒවා ප්‍රතික්ෂේප වෙනවා. නමුත් තාමනම් ඉරාජ් හොදට හිටි වෙන පොරක්. ඒ ලංකාවේ ඉන්න බහුතරය වන ධනවත් නොවන පිරිසට ඕන කරන දේ ඉරාජ් දෙන නිසාද?

ජනතාවට, ලමයින්ට ගැලපෙනවද නැද්ද කියලා හොයලා ප්‍රචාරය කරන එක සිංදු හදන අයගේ වැඩක් නෙමේ ඒකට වග කියන්න ඕනේ මාධ්යය.

Advertisements