වයින් හා සම්බන්ධ පිලිවෙත්-කෑම මේසය II

මෙය මීට පෙර පලවූ ලිපියේ ඊලග කොටසයි, මෙම කොටස මගින් කෑම මේසය ම්අත වයින් භාවිතා කිරීම ගැන දැන ගනිමු.

පෙර සදහන් කල පරිදි අවම ලෙස වයින් වර්ග දෙකක් පමණක් හෝ කෑම මේසය මත වේ. එලෙසම කෑම වේල ආරම්භ කීරීමට වාඩි වන විට සංග්රහ කරන සේවකයා විසින් රතු වයින් වීදුරු වෙත පුරවනු ලබයි. ඔබ වයින් පානය කරන්නේ නැති නම් වයින් පිරවීමට කලින් එය කාරුනිකව ප්රතික්ෂේප කරන්න. ඉන්පසු ඔබට අවශය වෙලාවක එය පානය කල හැක. වයින් අවසන් වූ විට සේවකයා විසින් නැවත වයින් පුරවනු ලබන අතර ඔබට වයින් අනවශයය නම් කාරුණිකව එය ප්රතික්ෂේප කරන්න.

සුදු වයින් ශීතලව පානය කරනු ලබයි. එනිසා එය බීමට අවශයය විට පමණක් ලබා ගන්න. නැතිනම් එහි ශීතල බව අඩු විය හැකි නිසාය. සුදු වයින් වීදුරුව එහි අඩුව මගින් අල්ලා ගන්නේද අතෙහි රස්නය වයින් වෙත යෑම වලක්වා ගැනීමටයි.

සුභ පැතීම සදහා භාවිතා කරනුයේ රතු වයින්ය. යම් අයෙක් යම් කාරණයක් සදහා සුභ පැතීමක් සිදුකරන්නේ නම් එයට සවන් දී එය වසන් වූ පසු තම වයින් වීදුරුව මදක් ඉහලට ඔසවා සුභ පැතීමට තරම් කාරුණික වන්න. ඔබගේ රතු වයින් අවසන් වී ඇතිනම් ඔබට සුදු වයින් වීදුරුව ඒ සදහා යොදාගත හැක. නැතිනම් හිස් රතු වයින් වීදුරුව ඔසවා ගරු කර සිටින්න. වයින් වීදුරු එකිනෙක හා වැදීමට සැලැස්වීම නොකරන්න.

සංග්රහ කිරීමට සේවකයෙකු නැතිනම් වයින් වත් කර ගැනීමට සිදු වන්නේ ඔබටමය. එවිට මේසය මත වයින් ඇති වයින් බෝතලය ගෙන වීදුරුව අනිත් අතින් ඔසවා වයින් වත්කර ගන්න. වයින් වීදුරුව මේසය මත තබා වයින් පුරවා ගැනීම එතරම් ශෝබන නොවේ. තවද වයින් බෝතලය අල්ලා ගැනීම සදහා ඔබට පුරුදු අතක් භාවිතා කල යුතුයි. වයින් මේසය මත නොවැට්ටීමට තරම් කල්පනාකාරීවන්න. තවද වයින් මගින් වීදුරුව පුරවා ගැනීමෙන්ද වලකින්න. සාමානයයයෙන් වීදුරුවෙන් තුනෙන් එකක් පමණ පිරෙන සේ වයින් වත් කර ගන්න.

සුදු වයින් බෝතල ඉතාමත් පරිස්සමින් භාවිතා කල යුතුයි. එය බොහෝ විට පැසක් තුල අයිස් සමග තබා තිබේ. බෝතල ඉන් ඉවතට ගෙන ඉක්මනින් වීදුරුවට දමා බෝතලය නැවත පැස තුල තබන්න. සුදු වයින් බෝතල අසල අත්පිස්නාවක් තබනු ලැබේ. එසේ තබන අත් පිස්නාව ගෙන එය බෝතලය වටා ඔතා එම එතූ කොටසින් බෝතල අල්ලා ගත යුතුය. එසේ ක්අරනු ලබන්නේ අතෙහි ඇති රස්නය බෝතලය වෙත යාම වලක්වාලීමටය.

සෑම විටම ඔබ වයින් දමා ගැනීමට පෙර ඔබට වම් පසින් හෝ දකුනු පසින් සිටින අයගෙන් වයින් අවශයයද යන්න විමසා සිටින්න. ඔවුන් ප්රතික්ෂේප කලහොත් ඔබඔබගේ වීදුරුව පුරවා ගැනීම ආරම්භ කරන්න. නැතිනම් ඔවුන්ගේ වීදුරුව පිරවීමෙන් පසු ඔබගේ වීදුරුව පුරවා ගන්න. ඔබ වයින් දමා ගැනීමට සැරසෙන විට එය තවත් අයෙක් අල්ලා සිටියහොත් තම වීදුරුව පිරීව පසෙකින් තබා ඔහු වෙත වයින් බෝතල ලබා දෙන්න. එමගින් ඔබ අන් අය වෙත ගරු කරන බව ප්රදර්ශනය වේ. නමුත් යම් අයෙක් වයින් වත්කර ගන්නා විට හෝ වයින් වත් කරගැනීමට සැරසෙන විට වයින් බෝතල නොඉල්ලීමට තරම් කාරුණිකවන්න. ඔහු වත් කරගෙන ඉවර වුනු විට කාරුණිකව බෝතලය ඉල්ලා ගන්න.

කාන්තාවක් වයින් ගැනීමට සැරසුනහොත් එය ඉටු කිරීමට අවසර පතන්න ඇය අවසර දුන් විට පමණක් එය ඉටු කරන දෙන්න. වීදුරුවට වයින් වත් කරන විට එය සෙමෙන් කරන්න. මන්ද එවිට අවශයය පමණින් දැමූ විට ඇයට නතර කරන ලෙස පැවසීමට වේලා ඇති නිසාය.
බොහෝ වේලාවට කාන්තාවන් ඔබෙන් කාරුනිකව වයින් බෝතලය ලබා දෙන මෙන් පමණක් ඉල්ලා සිටිය හැක. එවැනි මොහොතක වයින් බෝතල තම අතට ගෙන ඇයගේ වීදුරුව පුරවා දෙන්න දැයි අසන්න. ඇය අවසර ලබා දුන හොත් පමණක් පෙර ලෙසම වයින් වත් කරන්න. නැතිනම් ඇය එය කාරුනිකව ප්රතික්ෂේප කරනු ඇත.

සේවකයෙකු විසින් වයින් සංග්රහ කරන්නේ නම් එය කරනුයේ ඔඅබට දකුනු පස සිටය. වයින් සංග්රහ කර අවසන් වූ පසු සේවකයාට ස්තූතිය පුද කර සිටීමට තරම් කාරුණිකවන්න.

ප්‍රතිචාර 9ක්

  1. ලංකාවේ කැම්පස් කාලේ නම් කොල්ලො එක්ක ටීචර්ස් විස්කි බොන තරඟ හිටන් තිබ්බට දැන් නම් මත්පැන් බොන්නෑ. කවුරුත් කියපු නිසා නෙමේ, මගේ තීරණය. තීරණය පවත්වා ගන්නවා ද වෙනස් කරනවා ද යන්න අයිතිය මගේ. මම දකින විදියට පිටරටක දී කාන්තාවෝ වෙතින් පමණක් නෙමෙයි පිරිමි අයටත් අහලා මිසක් තව ඕන ද කියලා වීදුරුව පුරවන එක සිරිත ය. වයින් වීදුරු හඳුනාගන්න හැකි ආයිත්තම් ගැන විස්තර අඩවි පහත. නත්තල් කාලේ උත්සව මේසවලටත් සාද වලටත් ගෙදර දී ම හදාගන්න ඇහැකි යි. තෑගි හැටියට ගෙනියන්නත් පුළුවන්.
    http://www.allfreecrafts.com/homemade-gifts/wine-charms.shtml
    http://www.notmartha.org/tomake/winecharms/
    http://www.winecharmthemes.com/wineglasscharms.html

arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න