මුහුනුන් පොතේ පුද්ගලික නෙට්වර්ක් සෑදීම

Posted on 2010 ඔක්තෝබර් 24

0


කාලෙකින් තාක්ෂණය සම්බන්ධ ලිපියක් ලියන්න හිතුනා. ඉතින් මේ වෙන මොකවත් ගැන නෙමේ ෆේස් බුක් හෙවත් මුහුනු පොත ගැනයි.

ඔයාලා දන්නවනේ මුහුනු පොතේ තියෙන නෙට්වර්ක් ගැන ඔයාලා හැමෝම එක නෙට්වර්ක් එකකට හෝ කිහිපයකට අයිතියි නේ. ඒත් සමහර වෙලාවලට දැකලා ඇති සමහර අය පුද්ගලික නෙට්වර්ක් වලට පවා අයිති වෙලා තියෙනවා. ඉතින් මේ පුද්ගලික නෙට්වර්ක් එකකට අපිත් එකතු වෙන්නේ කොහොමද?

මුලින්ම කිරන්න තියෙන්නේ අපේ කාර්යයට සම්බන්ධ නෙට්වර්ක් එක හදන එක. මේක අපිට සෘජුව කරන්න බෑ. අපිට කරන්න තියෙන්නෙ ඒක හදන්න කියලා ඉල්ලා සිටින එකයි.

පහත ලින්ක් එකෙන් එම පිටුවට යන්න පුලුවන්.

ඔබ රැකියාව කරන ආයතනයට සම්බන්ධව හෝ යම් ආයතනයකට සම්බන්ධව තමා මේක හදන්න ඕනේ. ඉල්ලන විස්තර ලබා දෙන්න. ටික දවසකට පසු නෙට්වර්ක් එක අනුමත් වෙයි.

මෙහි ඊමේල් එකට ආයතනය මගින් ලබා දුන් ඊමේල් එක යොදන්න. උදා:- bckurera@fossuser.lk

කරල බලන්න එහෙනම් මම යනවා . . . .

Advertisements