ගෙදරදිම වයින් හදන හදාගන්න

මීට පෙර ලිපි වලින් වයින් බොන හැටි දැන ගත්තනේ ඉතින් මේ පාර කියන්න හදන්නේ වයින් හදාගන්න හැටියි. නත්තල ලග එන නිසා කොහොමත් මේක ගොඩක් අයට ඕන වෙයි. ඒත් ඉතින් මේ පාර නත්තලට නම් බොන්න වෙන්නෑ. ඊලග පාර තමා. ඒ උනත් අවශයය නම් මාස දෙකකින් වයින් හදන ක්‍රමත් ඒ වගේම ක්ෂණික වයින් හදන හැටිත් පසුව කියලා දෙන්නම්. අද ඔරිජිනල් විදිහට වයින් හදන හැටි තමා කියන්න යන්නේ.

අපේ ගෙදර සමානයයයෙන් නත්තලට ගන්න වයින් හදන්නේ මේ මාසේ ඒ කියන්නේ ඔක්තෝබර් වල. ඒ කියන්නේ මේ සැරේ හදපු වයින් ගන්නේ 2011 නත්තලට අවු. 1 කටත් වඩා පරණයි. වයින් හදන්න ගන්න ඕන පලතුරු වර්ග ගොඩක් තියෙනවා. සාමානයයෙන් ගොඩක් පලතුරු වලින් වයින් හදන්න පුලුවන්. තව තැබිලි වතුර, කිරි වලිනුත් වයින් හදන්න පුලුවන්.

මම පහත කියන්නේ කරන ක්‍රමේ විතරයි. මේක අහගත්තේ අපේ අම්මගෙන් එයා අවශයය දෙවල් දාන්නේ පුරුද්දට නැතිව මිම්මකට නෙමේ. හරි පදම ගන්න නම් පලපුරුද්ද කියන එක ඉතාමත් වැදගත්. වයින් හදන එක හරිම ලේසියි. බලන්නකෝ නැද්ද කියලා.

අපිට තියන පලතුරු වලින් බීට්, දොඩම්, කැරට්, චෙරි, රාස්බෙරි, ඇපල්, අඹ වලින් වයින් හදන්න පුලුවන්, ඒ වගේම තැඹිලි වතුරත් වයින් හදන්න බහුලව භාවිතා කරනවා. මිදි හොයාගන්න පුලුවන්නම් වඩාත් හොදයි. කැරට් වයින් එක ඉතාමත් හොදයි, ලස්සන පාටක් තියෙනවා. රසත් හොදයි. පලතුර්ය් මිස්‍ර කරලා හදන වයින් වර්ගත් තියෙනවා.

එක එක පලතුරු වලින් වයින් හදන එක ටිකක් වෙනස් වුනත් මූලධරමය ඉතාමත් සරලයි.

මුලින්ම කරන්න ඕනෙ පලතුරු යුෂ ලබා ගන්න එකයි, මේ සදහා මිරිකීම, කුඩා කැබිලි වලට කපා තැම්බීම ආදී ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.
ඊට පස්සේ මෙම පලතුරු යුෂ පැසීමට ලක් කල යුතුයි. ඒ සදහා යීස්ට යොදා ගන්නවා. යිස්ට් එක් කලපසු එම භාජනය කට හොදින් වසා තැබිය යුතුයි. පැසීම නිසා එකතුවන වාතය මගින් ඉහල පීඩනයක් ඇති කරනවා. ඉන්පසු පැසීමට තබා (වැඩි කාලයක් හා වැඩි යීස්ට් භාවිතා කලහොත් ඉතාමත් සැර වයින් සදාගත හැකියි) පසුව පෙරා යීස්ට් ඉවත් කල යුතුයි. දැන් පැසුනු යුෂ විතරක් ඉතිරි වෙනවා. ඒක නැවත ටික කලක් පැත්තකට කර තැබිය යුතුයි. එම කාලය තුල එහි මන්ඩි තැන්පත් වීමක් දක්නට ලැබෙනවා. යම් කාලයක් ගිය පසු පෙරා මෙම මණ්ඩිය ඉවත් කල යුතුයි. මෙයද පලතුරින් පලතුරට වෙනස් වෙනවා. ඉතාමත් ගොඩක් මන්ඩි සෑදෙන වයින් වර්ගය වන්නේ තැබිලි වලින් සදා ගන්නා වයින් එකයි. මිදි කැරට් වල නම් දෙපාරක් පමන පෙරූ පසු නැවත් මන්ඩි ඇති වීමක් සිදුවන්නේ නෑ. ඊට පස්සේ මේ වයින් බෝතල් තුල අසුරලා අදුරු කාමරයක පුලුවන් තරම් කාලයක් තියාගන්න තමා තියෙන්නේ. මතක තියාගන්න කාලය වැඩිවන තරමට වයින් එකහි ඉස්තරම් ගතිය වැඩි වෙනවා. මීට අමතර වයින් වල රහ වැඩි කර ගන්න විශේෂයෙන්ම පැනිරහ වැඩි කර ගන්න සීනී යොදාගන්නවා.

වියලි වයින් වලට නම් සීනී එක් කරන්නෑ. එහෙත් ලංකාවේ හදන ගොඩක් වයින් වලට සීනී එකතු කරනවා. වයින් වියලි විට එය වයිට් වයින් ලෙස භාවිතා කරනවා. මෙහි යම් ඇඹූල් ගතියක් සහිතයි.

වයින් කියන්නේ ඉතාම පුලුල් පරාසයක විහිදුනු මාතෘකාවක්. විවිධාකාර වයින් වර්ග හා ක්‍රම පවතිනවා. එක් එක් පවුල් වලින් පවුල් වලට වයින් රස වෙනස් වෙනවා. එය ඒ පවුලටම ආවේනික වුනු දෙයක්. ඉස්සරනම් ලංකාවේ කතෝලික ගෙවල් වල වයින් හා ජාඩි තියන්න වෙනම කාමර පවා වෙන්කරලා තිබුනා. ඒත් කාර්යය බහුලවෙන්න ගිහිල්ලා මේ ඔක්කොම වෙනස් වෙලා.

නත්තලට පවුලේ ඔක්කොම එකතු වෙලා වයින් හදන එක මම ආසම දෙයක් ඒත් මම මේ සැරේ ගෙදර වයින් හදන්න එකතු වුනේ අවුරුදු 2 කට පස්සේ. හදිසියේ ලැබුනු නිවාඩුවක් නිසා, නැත්නම් ඒකත් නෑ. සාම්ප්‍රධායන් කොයිතරම් වටිනවද කියලා දැනෙන්න ඒවා නැති වෙන්නම ඕනේ කියලා බූඩි කියන්නේ ඒකයි.

වයින් හා බැදිච්ච සම්ප්‍රධායන් එමටයි. වයින් හා පවුල් අතර ඇත්තේ ඉතාම තද බැදීමක්. හැම වැදගත් අවස්තාවක් සැමරීමටම වයින් යොදාගන්නේ ඒ නිසයි. මේ වෙලාවේ වයින් හා අපේ පවුල ඇති බැදීමක් ලියලා ලිපිය ඉවරකරන්නම්.

වලට වැඩ කිඩ දාලා රස කරන එක, වයින් අයිසිං කිරීම ඉදිරියේදී බූඩිගෙන්.

Advertisements

5 comments

  1. nice blog post! I don’t even like wine but this post makes me want to try it! 🙂

    Kochchara kal yanawada mewatakiyanna puluwang nang wine gana danneyma nathi ayata wadagath wewi – “ඊට පස්සේ මෙම පලතුරු යුෂ පැසීමට ලක් කල යුතුයි. ඒ සදහා යීස්ට යොදා ගන්නවා. යිස්ට් එක් කලපසු එම භාජනය කට හොදින් වසා තැබිය යුතුයි. පැසීම නිසා එකතුවන වාතය මගින් ඉහල පීඩනයක් ඇති කරනවා. ඉන්පසු පැසීමට තබා (වැඩි කාලයක් හා වැඩි යීස්ට් භාවිතා කලහොත් ඉතාමත් සැර වයින් සදාගත හැකියි) පසුව පෙරා යීස්ට් ඉවත් කල යුතුයි. දැන් පැසුනු යුෂ විතරක් ඉතිරි වෙනවා. ඒක නැවත ටික කලක් පැත්තකට කර තැබිය යුතුයි. එම කාලය තුල එහි මන්ඩි තැන්පත් වීමක් දක්නට ලැබෙනවා. යම් කාලයක් ගිය පසු පෙරා මෙම මණ්ඩිය ඉවත් කල යුතුයි. මෙයද පලතුරින් පලතුරට වෙනස් වෙනවා”

    Nice post! 🙂 Thanks for sharing.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w