සංවාදයේ යෙදීම – කෑම මේසය V

කෑම මේසය V නිකුත් කලත් කෑම මේසය IV තවමත් නිකුත් කලේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ පෝස්ට් එක ඉක්මනින්ම දානවා බය වෙන්න එපා. මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ කෑම මේසයේ කෑම ගන්නා අතරතුර කතා කිරීම ගැනයි.

මම මේ සියල්ල එකතු කරලා පොඩි පොතක් හදන්න උත්සහ කලා(පාඨක ඉල්ලීමක්). අද ඉදලා එම පොතේ කොටස් තමා පෝස්ට් ලෙස මෙහි පල කරන්නේ. මෙවර නත්තල සදහා එම කුඩා පොත ඔබ සැමට තිලිණයක් ලෙස ඔබ අතට පත් කරන්නම්. ඒකට දාන්න නමක් කරුනාකර යෝජනා කරන්න කියලා (කමෙන්ට් එකක්) මේ පොස්ට් වලින් පොඩි හරි දෙයක් ගත්ත හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

කෑම මේසය මත සංවාදයේ යෙදීමට අවසර තිබෙනවා. නමුත් එය සිදු කිරීමේදී කල්පනාකාරී විය යුතුය. ප්රධානතම කරුණ නම් අන් අයට බාධාවක් සිදු නොවිය යුතුය.

කෑම මුව තුලට ගෙන හපන විට කිසිම හේතුවක් නිසා කතා කිරීමට යාමෙන් හැකි තාක් වලකින්න. එය ගිලීමෙන් අනතුරුව කතා කිරීමට කට විවෘත කරන්න. මෙමගින් කට ඇති ආහාර එලියට විසිවීම සිදු විය හැකියි. එය ඉතාම චාටර් වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. තවද ඔලුව සෙලවීම මගින් පිලිතුරු ලබා දීම හැකිතාක් සීමා කරන්න.

ඔබ අසල සිටින පිරිස සමග කතා කරන්නේ නම් ඉතාමත් පහත් හඩින් ඔවුන්ට පමණක් ඇසෙන අයුරින් එය සිදු කරන්න. කෑම මේසයේ සිටින පිරිසෙන් සියල්ලම අමතන විට පමණක් ශබ්ධ නගා කතා කරන්න එහෙත් එමගින් අවට මේස මත සිටින පුද්ගලයින් හට බාධා නොවිය යුතුය.

තවද ශාලාවේ සිටින සියලු දෙනා අමතන විටදී මේසයෙන් නැගී සිට සැමගෙන් අවසරගෙන ශබ්ධ නගා සිදු කරන්න. ශාලාවේ සිටින සියලු දෙනා හටම ඇසෙන සේ ශබ්ධ නගා අමතන්න. එසේම යම් අයෙක් එලෙස නැගිට කතා කරන විට එයට බධා නොකරන්න, තවද එවිට තම අසල සිටින අය සමග කතා කිරීමෙන් වැලකී අමතන්නාගේ කතාවට අවධානය යොමු කරන්න.

සංවාධයහි පමණක් යෙදෙන්න, විවාද වල නොයෙදෙන්න. කිසිම අවස්ථාවක කෑම ගන්නා උපකරන අන් අය දෙසට යොමු නොකරන්න. ඔබ නොදැනුවත් වම අත ඇති හැදි, ගෑරුප්පු අන් අය වෙත යොමු විය හැක. එය ඉතාමත් පහත් අශෝබන ක්රියාවක් ලෙස සැලකේ. ශබ්ධ නගා සිනාසීම එතරම් හොද පුරුද්දක් නොවේ. එහෙත් තම සතුට පලකිරීමට අත්පොලොසන් දීමට හැකියාවක් ඇත. එය රිද්මයානු කූලව ඉතා කුඩා ශබ්ධයක් නැගෙන සේ සිදු කරන්න. බොහෝ විට කතාව සිදු කරනු ලබන්නා හට පනෙන පරිදි ශබ්ධ නොනැගෙන සේ අත් මේසයෙන් මදක් ඉහලට ඔසවා අත්පොලොසන් දීම බහුලව සිදු කරයි.

හැකි සෑම විටම අන් අයට ඔබ ගවුරව කරන බව පෙනෙන ලෙස හැසිරීමට උත්සහ කරන්න. කාන්තාවන් ඉදිරියේ හැසිරීම ඉතාමත් වැදගත්ය.

මේවා අනුඅගමනය කිරීම හොද දෙයක් වන්නේ එමගින් අන් අය ඔබ ගැන යම් යම් කරුනු ඉගෙන ගන්න බැවිනි. ඔබ පිලිබද පැහැපත් රූපයක් අන් අය ගේ සිත් තුල ඇති වන්නේ මෙලෙස හැසිරුනහොත් පමනයි. වයාපාර හමු හෝ අනෙකුත් වැදගත් අවස්තාවල මෙවැනි දෑ ඉතාමත් වැදගත් වන්නේ එනිසාය.

Advertisements

5 comments

  1. හරි දැන් කොහොමද හැන්ද ගෑරුප්පුව යොදා ගෙන කන්නේ අපේ මගුල් ගෙවල් වල තියෙන කෑම. (බත් එක)
    අයියෝ මේකට සිංහල නමක් දාන්න හොදේ
    ටටා

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )