ලංකාවේ හොදම ජාවා කෝස් එක මා තෝරා ගත්තා – වි.වි. අධයාපනයට තිත

මුහුනූ පොතේ පහල වූ දැන්වීමක් අහම්බෙන් නෙත ගැටීම නිසා මට ඉතාමත් වටිනා කතාවක් (වීඩියෝ එකක්) බැලීමට අගනා අවස්තාවක් ලැබුනා. මෙමගින් මගේ මුලු ජීවිතේම වෙනස් වුනා. මා මගේ වි. වි. අධයාපනයට තිත තබන්න තබා මෙම පාඨ්මාලාව තෝරා ගන්න සූදානම. මාගේ කාලය නිකරුනේ නාස්තිවීම ගැන මට නම් මාරෙට දුකයි.

රටේ අනෙකුත් තරුන තරුණියන්ට ඉතාමත් වැදගත් පණිවිඩයටක් මෙමගින් ලබා දෙනවා.

PCJT පාඨමාලාව හදාරා මාස 6 කින් තමාගේම ආයතනයක් ආරම්භ කල කනිෂ්ක මහතා ගේ කතාව පහත වේ. ඔහුගේ වයස අව්. 22ක්.

ඔහු පාඨමාලාවට සැකසු ම්රුදුකාංගය රු. 60,000/= අලෙවි කර ඉන් තමා ආයතනය ආරම්භ කල බව ඔහු මුලින්ම සදහන් කලා. අදාල පාඨමාලාව සදහාද ගෙවා ඇත්තේද ඊට වඩා අඩු මුදලක්. ඉතින් මෙම පාඨමාලාවේ සර්ථකතවය ගැන ඔප්පු කිරීමට තවත් කරුනු අනවශයයැයි සිතමි. ඔහුගේම පන්තියේ සිටි ලමයින් සමග ඔහු මෙම ආයතන ආරම්බ කරලා තිබෙනවා. මේ වන විට ඔහුගෙන් පඩි ලබන 5 දෙනෙකු මෙම ආයටනයේ සේවය කරනවා.

ඔහුගෙ සිතට එකගව ඔහු ගොඩාක් සාර්තක වයාපාරකයෙකි. තවද මෙතරම් කලක් පුද්ගලික අංශයට ප්‍රොජෙක්ට්ස් කල ඔහු දැන් රජයටත් ප්‍රොජෙක්ට්ස් කිරීමට යයි.

තව මාස 1.5 කින් ඔහුගේ මෙම තනි පුද්ගල ව‍‍යාපාරය ඔහු සමාගමක් බවට පත් කරනවා. එමගින් ඔහු බලාපොරොත්තු වන්නේ එම ආයටහනය පිලිගැනීමක් ලබා ගැනීමට හා ඔහුගේ සේවකයන් හට පිලිගත් ආයතනයක් සේවය කල බවට සහතිකයක් නිකුත් කිරීමටය. මෙලෙස තමාගේ සමාගමක් ආරම්භ කිරීමට ඔහු දකින ලද සිහිනය අවු. 1.5 කින් ඉටු කර ගැනීමට ලැබීමට තරම් ඔහු දක්ෂයෙකි විය.

ඔහු මේ වන විට ලක්ෂ 7.5 ක් (මුදලින්) පමණ සොයාගෙන ඇති අතර තවත් 1,26,000 පමණ මුදලක් ඔහුට ලැබීමටද තිබෙනවා. ඒ එම ම්රුදුකාංග පසු ගෙවීමේ ක්‍රමයට ලබා දී ඇති නිසාය. PCJT පාඨමාලාව තුල Software Marketing උගන්වා ඇති නිසා අනෙක් අයට විකිනීමට බැරි ම්රුදුකාංග පවා විකිනීමේ හැකියාවක් ඔහු සතු වෙනවා. ඉෂාන්ත සර් උගන්වපු මාර්කට් මෙතඩ්ස් ඔහු භාවිතා කරමින් තමා ඔහු එය සිදු කරන්නේ.

ඔවුන්ගේ සමාගමේ අරමුණ වන්නේ වෙනත් සමාගම් වල ඇති ම්රුද්කාංග ඉවත් කර ජාවා වලින් නිර්මාණය කල ම්රුදුකාංග ඒ වෙනුවට යෙදවීමයි. මොකද ජාවා යනූ ලෝකයේ ඇති ඉහලම තාක්ෂණයයි.

ඔහු මුලින්ම ඉගෙන ගෙන ඇත්තේ VB ය. එවිට ඔඅහු සිතා ඇත්තේ එය ඉතාමත් ඉහල භාෂාව බවයි. පසුව ඔහු හැම භාෂාවක්ම ඉගෙන ගෙන ඇත. ඉන්පසුව ජාවා ඉගෙන ගත් පසු තමා ඔහු දැන ගෙන ඇත්තේ ජාවා යනු ඉහමල භාෂාව බව. මොකද ජාවා වලින් ඕන දෙයක් කරන්න පුලුවන් ලු.

ඔහු කලින් වැඩ කරපු ආයතනයක ම්රුදුකාංගයක් රු. 50,000 කට 60,000 කට ඔහු ගසා දී ඇත. තවද එට දත්ත ඇතුලු කිරීමට ක්‍ර්මයක්ද එහි ඉංජීනේරු වරයාට කියා දී ඇත්තේ ඔහුය. එලෙස දත්ත ඇතුලු කිරීමට ම්රුදුකාංගයක් හැඩීමට ඔහුට විනාඩි 5 ක් ගත වෙයිලු.

ඔහුගේ මුලු කතාව ඔහුගේම හඩින්

මෙවැනි රන් පුතුන් ජාතියට දායාද කල ඉෂන්ත සර්ට නිවන් යාමට හැකියාව ලැබේ වායි මා ප්‍රාර්තනා කරනවා.

ඉතින් මා PCJT හැදෑරීමට ගත් තීරනය වැරදිද? ඔබේ අදහක් මට දෙන්න අමතක කරන්න එපා.

Advertisements

16 comments

  1. මේ ලංකාවෙ නේ, මෙහේ පුලුවන් මාර්කට් කරන්න බැරි ඒවා මාර්කට් කරන්න, මාස 1.5 න් සමාගම් ස්ථාපනය කරන්න, software ගහනව කියන්නෙ මෙහේ කජු කනව වගේ වැඩනේ. ඉතින් වි.වි අධ‍‍යාපනයට වඩා හොඳ අධ්‍යාපනයක් මාස 6න් ලබාදෙන්න බැරිද. ඔක්කොම වැඩ නවතලා බූඩි කරන්න බූඩි ඔය pcjt එක මොකටද අවුරුදු ගණන් කාදමන්නේ.
    තව එකක්,
    ඉෂාන්ත මහඇදුරු තුමාට දැන් කාලෙ හරි “මම ජාවා ඉගැන්වීමටම උපන්නෙමි” කියල ලොවම පිලිගත් pcjt එකට හොඳ marketing පාරක් දෙන්න.

  2. I’m worried about the fact that, the guy dropped out from the university wasted a chance of another student who could have used that opportunity. One thing even many IT undergraduates in sri lanka don’t understand, until they get matured is that, universities are not for teaching one particular technology or language. They are supposed to teach the concepts, so that the students are able to learn any language quickly. See the future instead of stuck in as just a programmer for entire life.

  3. ඇත්ත මේකනේ ඹය කනිෂ්ක කියන‍ කෙනට ඔය කතාව වෙනුවෙන් රු. 60,000/= ගෙවලා එක තමයි ඔහු එ කතා වෙන් කියන්නෙ. ඇයි දන්නැ PCJT අයතනය උගන්වන එක නවත්තලා software ගහන්ට පටන් ගන්නෙ නැත්තෙ එකෙන් හෙන මුදලක් හොයන්න පුළුවන්නෙ

  4. උඹ නම් කොල්ලෝ අනාතයි..
    ඉෂාන්තයාගෙන් හොද තෙලක් කාලයි උඹ ඔය ඉන්නේ…අනේ අනිච්චන්….
    PCJT කරලා ගොඩ යන්න පුලුවන් නම් හෑමෝම අද Software කොම්පෑනි කාරයෝ

  5. සක්විති :- “මම ඉංග්‍රීසි ඉගැන්වීමට උපනෙමි”
    ඉෂාන්ත :- “මම ජාවා ඉගැන්වීමට උපනෙමි”

    අනාගතයේදී දෙකම සමාන වෙන්න ඉඩතියෙන්නත් පුළුවන් නේද ?

    අපි ඉතින් විජය පරිගනකත් එදා ඉඳන්ම ගන්න නිසා ඔය පොරටෝක් හොඳට දැකල පුරුදුයි.
    ඒත් ඕව දැකල ඇන්දිච්ච අය මේ පැත්තෙනම් එච්චරම නෑ.

    හැබැයි මට ස්ලිට් කෝස් එක සෙට් උනේ නැත්නම් මමත් බූරුවෙක් වගේ ඔය මනුස්සයින්ට ගාණක් පුදනව

  6. අඩේ හප්පා මුං software design කරන්නැ මුං software ගහනවා කොහොමද දන්නැ ගහන්නෙ මමත් සෙට් කරගන්න කියනවාකො ඔය කොම් පැණියකට මටත් ඔය software design පුළුවන් හැබයි ගහන්ට කරන්න බැ මුංගේ කයි වාරුව දැක්කාම මේවට ඇවිල්ලා ඉගෙන ගන්ටමයි හිතේන්නෙ හික් හික්……………

  7. යකෝ මුන් software ගහනව කියන්නේ හරියට ආප්ප ගහනව වගෙනේ , එහෙම පුලුවන් නම් virtusa ,MIT, IFS,Mphasis වගෙ Multinational Companies වහල අපේ දේශීය “Java software ගහන” කොම්පැණි පටන් ගන්න පුලුවන් . Analysts ලා Designers ලා එහෙම ඕනි නැති නිසා වැඩෙත් ලාබයි

  8. මාත් ඔය වීඩියො එක බැලුවා. ඇත්තටම දුක හිතෙනව මේ මනුස්සයා මොන තරම් හීන්මානයකින් පෙලෙනවද කියන එක ගැන. Software Engineer කියල කියාගත්තට ජාවා කියන තවත් එක් පරිඝණක භාෂාව පමණක් දැනගෙන එහෙම වෙන්නෙ කොහොමද කියන එකයි මට තියන ප්‍රශ්නෙ. මෙයාල දන්නෙ codings කරන්න විතරයි. Software Development Life Cycle එක ගැන කිසිම දැනුමක් නෑ.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )