Browsing All Posts published on »නොවැම්බර්, 2010«

චේ(che) දෙවියෙක් වුනු හැටි . . . . .

නොවැම්බර් 27, 2010

7

චේ ඉපදුනේ 1928 දීය මරන ලද්දේ 1967 දීය, ඒ බොල්වියාවේදීය. චේ චේ කිව්වට මේ කියන්න හදන්නේ චේ ගුවේරා ගැන. බූඩි ඉපදුනේ මේ අවුරුදු එකක්වත් අහලකවත් නොවේ, චේ ගැන කතා කිරීමට මහ ලොකු දෙයක් දන්නෙත් නෑ. දන්නා තරමද දන්නේ අනෙකෙකු චේ ගැන ලියූ දෙයකිනි. නමුත් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය භාවිතා කරලා මේ කරන්න යන්නේ චේ […]

අහවල් එකක් පෙන්නන අහවල් ඈයෝ . . . . . . .

නොවැම්බර් 20, 2010

1

දේශපාලනය හා මාධ්‍යයය අතර සම්බන්ධය අහවල් එකක් වගෙයි කියලා කව්දෝ කිව්වා කියලා බුඩී කොහෙදි හරි කියෝලා තිබුනා ඉතින් මේ කියමන මතක් වෙන වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. දේශපාලනය කියන්නේ හැමෝටම තිත්ත වුනු දෙයක්, ඒත් ඉතින් උනු කැද වගේ තමා උනු හින්දා බොන්නත් බෑ, කැද හින්දා අහක දාන්නත් බෑ. ඉතින් කැද මේ අහවල් දේත් එක්ක තියෙන […]

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට වෙරදරන එයින් වැඩක් නොගත් ප්‍රේමියා

නොවැම්බර් 15, 2010

14

මුලින්ම මේක කියවලා ඉන්න, මට එවපු මේල් එකක තමා මේක තිබුනේ. හරිම හැගීම් බරයි . . . . ලස්සන වචන වලට රැවටෙන සැමට නැවත වරක් රැවටීමට හැකියි . . . . 😀 දිනකට විනාඩි 90 ක්‌ පමණක්‌ ඉර එළිය දකින අඳුරු සිරකුටියේ සිට ලියමි…. තෙවන වරටද මා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන ලදී. මෙවරද පැරැණි චෝදනාමය. […]

වයින් හා ෂැම්පේන් ගැන තවත් – කෑම මේසය IV

නොවැම්බර් 9, 2010

4

ඔන්න පොරොන්දු වුන විදිහට කෑම මේසය ගැන 4 වන කොටස ලියන්න තමා සැරසෙන්නේ. මේ පෝස්ට් එක දාන අද දවස වනවිට කෑම මේසය ගැන කතා කරලා ඉවරයි. ඒත් ඉතින් ඕඩර් එකට පිට පැන්නට කමක් නෑ කියලා වෙච්ච පොරොන්දුව ඉටු කරන්න තමා මේ සැරසෙන්නේ. කෑම මේසය III වන කොටසේ කිව්වෙත් වයින් ගැන ඉතින් මේ කොටසෙත් කියන්නේ වයින් […]

හරස් පද ප්‍රහෙලිකා පුරවන්න කෙටිම කෙටි ක්‍රමේ I

නොවැම්බර් 5, 2010

4

අපේ ලොකු අම්මා ඒ කියන්නේ අම්මාගෙ අම්මා එයාගෙන් තියෙනවා හොද විනෝදංශයක් ඒ තමා හරස්පද පුරවන එක. හරස් පද කියන්නේ මොනවද කියලා දන්නවනේ “Crosswords”. ඉතින් ඔය පත්තර වල යන ඒවා පෙන්නන්න බෑ. අතට අහු වෙන හැම එකම පුරවනවා. යවන දවස පහු වෙලා හම්බවුනත් එහෙමයි. මගේ ඕකට මහ කැමැත්තක් නෑ. ඒත් මේ ලගදි ගෙදර ඉන්න ගමන් මට […]

කාමුක වෙබ් අඩවි වසා ගණිකා ව්‍යාපාර ඇරඹීම

නොවැම්බර් 3, 2010

17

මේ පිලිබද ලියන්න ගොඩක් කල් ඉදන් හිතාගෙන හිටියත් අද තමා මේක ලියන්න පුලුවන් වුනේ. ඉතින් කොහොම හරි මේක ලියන්න ප්‍රධාන හේතුවක් වුනේ රජය විසින් කාමුක දර්ශන අඩංගු වෙබ් අඩවි තහනම් කිරීමයි. අනගත ලමා පරපුර බේරා ගැනීමට හා මෙම ධර්මදීපය රැක ගැනීමට මෙවැනි තීරණයක් ගැනීම ඉතාමත් අගනා බව කිව හැකියි. ලංකාවේ බොහෝ දේවල් සිදුවන්නේ හරහටය. යමක් […]

( ) බෑනා ගේ නාටකය – ( ), ( ) හා ( ) රගයි.

නොවැම්බර් 2, 2010

2

( ) ගේ නඩුවක් ඉවරය ඔහුට දඩුවම් ලැබිනි. තවත් නඩු ඇත. ඒවාට වැරදිකරු නම් ඒවාටද දඩුවම් විදිය හැක. නිදොස් නම් මෙම දඩුවමින් පසු නැවතත් ගෙදර යා හැක. මේ සැරසෙන්නේ ඔහු ගැන කීමට නොවේ. ඇත්තෙන්ම ඔහු ගැන කීමට දෙයක් නොමැත, අනුකම්පාවකට වඩා කිසිවක් නැත. ඔහුට සමාව ලැබේනම් හොදය එනමුත් කල කම් පල දිය යුතුමය, ඉතින් අප […]