( ) බෑනා ගේ නාටකය – ( ), ( ) හා ( ) රගයි.

( ) ගේ නඩුවක් ඉවරය ඔහුට දඩුවම් ලැබිනි. තවත් නඩු ඇත. ඒවාට වැරදිකරු නම් ඒවාටද දඩුවම් විදිය හැක. නිදොස් නම් මෙම දඩුවමින් පසු නැවතත් ගෙදර යා හැක. මේ සැරසෙන්නේ ඔහු ගැන කීමට නොවේ. ඇත්තෙන්ම ඔහු ගැන කීමට දෙයක් නොමැත, අනුකම්පාවකට වඩා කිසිවක් නැත. ඔහුට සමාව ලැබේනම් හොදය එනමුත් කල කම් පල දිය යුතුමය, ඉතින් අප බලා සිටිමු.

පසු දිනක හයි කෝප් නඩුවේ 33% ක තීන්දුව ලැබුනි, විත්තිකරුවන් තිදෙනෙකුගෙන් 1 ක් අයෙකුට අවු. 5 ක සිර දඩුවම් ලැබිනි. මෙහිදී අපූරු සිද්ධියක් විය. ( )ගේ බෑනා තවමත් උසාවිය පැත්ත පලාතක නැත. මොහු වරෙන්තු පිට සිටින්නෙකි, එනම් උසාවිය මග හරිමින් සිටින්නෙකි. ඉතින් ඔහු ඔහු වෙනුවෙන් පෙනීසිටීමට නීතීවේදියෙකුට (=lawyer) බලය පවරා ලියමනක් එවා ඇත. ඒ විදේශයක සිටයි, හරියටම කියනවා නම් නීතීවේදියාගේ (=lawyer) අනුමානයට අනුව ඔහු සිටින්නේ විදේශයකය. දීකිරට බලලුත් සාක්කිය කියන්නේ ඕක තමා (මේ කියමන මෙතන්ට ගැලපෙන්නේ නැද්ද්?). කෙසේ හෝ මෙයට අධිකරනයේ අවසරය ලැබිනි. එම නඩුව ගැන හෝ තීන්දුව පිලිබද ප්‍රකාශකිරීම මෙහි අරමුණ නොවේ. එහෙත් මෙමගින් ගම්මය වන්නේ කුමක්ද?

තමාගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීමට උසාවියට නොආවේ මන්ද? උසාවිය මගින් ඔහුට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට පවා අණකර ඇති මොහොතක ඔහු එය ගනන් ගන්නේවත් නැත. ඔහුගේ දේපල පවා රැදවීමට භාජනයවිය. පෙනෙන විදිහටනම් මාමන්ඩියාත්, බෑනාත් එකම බෝට්ටුවේ වාගේය. වැඩේ වන්නේ මාමණ්ඩියා බෝට්ටුවේ දමා බෑනා සැගවී සිටීමයි. නීතියට හිස නොනමන්නේ තමා අනිවර්යය වැරදි කරුවෙකු බව දන්නා නිසාදෝ යන්න සැකයකි. උසාවිය වරදකරු කරන තෙක් කිසිවක් අපට කිව නොහැක. එහෙත් ජනතා අධිකරනය නම් තීරණයක් ගෙන හමාරය. ඔහු ( ) ගේ බෑනා වුනාටා අපිට කම් නැත. එහෙත් පවතින නීතියට අවනත විය යුතුය. තාත්තා බේරා ගැනීමට ඉතාලියේ කෑ ගහන දුවට, ලංකාවේ මවාගත් ඒකාධිපතිත්වය ගැන කෑ ගහන ඇයට, ඔහුගේ ස්වාමියා නිවැරදිව නීතිය ඉදිරියට ගෙන ඒමට හැකියාවක් නැද්ද?????

පලදෙන්නේ කලකම් මිස වෙනදයක් නොවේ, බුදු දහමට අනුව එය මේ අත්මයේදී ම විය යුතු නැත. එම නිසා ( ) දුක් විදිනේ ගිය ආත්ම වල කල දේවල් වලටය මොකද ඔහු මෙම ආත්මයේ කල වරදක් නොමැති නිසාවෙනි [සමහරුන් ගේ මතය]. චේතනාව මත පදනම් ව කරම පලදී ඇත.

සියල්ල පිලිකුලෙන් යුතුව අපි තවත් බලා හිදිමු . . . . . . . . . . . .

Advertisements

2 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )