කාමුක වෙබ් අඩවි වසා ගණිකා ව්‍යාපාර ඇරඹීම

Posted on 2010 නොවැම්බර් 3

17


මේ පිලිබද ලියන්න ගොඩක් කල් ඉදන් හිතාගෙන හිටියත් අද තමා මේක ලියන්න පුලුවන් වුනේ. ඉතින් කොහොම හරි මේක ලියන්න ප්‍රධාන හේතුවක් වුනේ රජය විසින් කාමුක දර්ශන අඩංගු වෙබ් අඩවි තහනම් කිරීමයි. අනගත ලමා පරපුර බේරා ගැනීමට හා මෙම ධර්මදීපය රැක ගැනීමට මෙවැනි තීරණයක් ගැනීම ඉතාමත් අගනා බව කිව හැකියි.

pic 1

ලංකාවේ බොහෝ දේවල් සිදුවන්නේ හරහටය. යමක් නොගැලපේ නම් එය තහනම් වේ. පාලානයකින් එය භාවිතාකිරීමක් හෝ ඒ සදහා නීති පැනවීමක් දක්නට නොලැබේ. ලමයින් අසැබි වෙබ් අඩවි බැලීම නැවතීමට ගත් පියවර වන්නේ එම වෙබ් අඩවි තහනම් කිරීමයි. මෙය සාර්ථකද? පිලිතුර වන්නේ ඔව් යන්න මිස අන් කවරක්ද?

කුඩු බොන එකා අල්ලපු කඩෙන් කුඩු ගන්නේ නැත, ඒ කුඩු කඩවල විකීනීම තහනම් වන නිසාය. මේ නිසා කුඩු භාවිතය ඔහු අත්හරීද?

අද සිටින ලමුන්ගේ දැනුවත් භාවය ඉතාමත් ඉහලය මේවා බැලීම අවශයනම් එය කරන විදිහද ඔවුන් දන්නේය. නැතිනම් මිතුරන් ගෙන් දැන ගනිති. එසේත් නැමතිනම් වීඩියෝ සෙන්ටර් වල ඇති තරම් සීඩී තිබේ. ඉතින් මෙය සාර්තකවන්නේ කෙසේද? අන්තර්ජාල කැෆේ වල ප්‍රමිතිකරනය ගැන කිසිදු පියවරක් ගෙන නොමැත. ගත්තද ක්රියාත්මක නොවේ.

හැබැයි ප්‍රශ්නය වන්නේ වැඩි හිටියන්ටය ගමේ ගොඩේ සිරිපාලා, නිමල් , කමල්ලාටය. ඔවුන්ට අලුත් වැඩ කෑලි දමා මේවා මගහැරයාමට දන්නේ නැත. වැඩිහිටියන්ට මේවා කොහෙත්ම තේරෙන්නේ නැත. ප්‍රසිද්ධියේ අසන්නටද බැරිය. ඉතින් අනාතය. එම නිසා මේවා වහන එකෙන් යන එනමං නැති වන්නේ ඔවුන්ය. ප්‍රශ්නය ඇත්තේ පාසල් ලමයින්ට නොව වැඩිමහලුන් ගැනය.

පාසල් යන දරුවන් නොමග යන්නේ නම් එය හැදීමට නීති දමා බැරිය. දෙමාපියන් ගේ වගකීම ඉටු කිරීම අංක එක වන්නේය. දෙමාපියන්ගේ මග පෙන්වීම අවශයය. මෙනිසා නීතීවලින් මෙය කල නොහැක.

ඊලගට නිල් චිත්‍රපට හා අසැබි දෑ බැලීම ගැන සලකමු. පාසැල් යන බොහොමයක් දරුවන් මේවා බලන බව රහසක් නොවේ. ලිංගිකත්වය ගැන මැජික් පෙන්වීම, අඩු දැනීම, කුතුහලය මේවාට හේතු වේ. වයසේ වැරැද්ද නමින් හදුන්වන්නේ එයයි.

ප්‍රශනය වන්නේ මෙය නොවේ. මේවා බලන සමහරුන්ගේ මනස විකෘතිය. කාලයක් මේවා නැරබීමෙන් මොලේ කචල්වේ. සාමනනය ජීවිතයේ පවා ජීවත් වන්නේ ඒවා තුලය. පාරේ යන කෙල්ලකු දකින්නේ ඇදුම් නැතියව. මෙම ලෙඩේ උග්‍ර වන්නේ එතැනදීය. පොඩ්ඩ බැරි වෙද්දී ස්ත්‍රී දූෂන ලමා අපචාර වන්නේ එනිසාය. මේවා වන්නේ නිකම්ම නොවේ. පිටකර නොහැකි පීඩනය නිසාය.

මේ ගැන මමම ලියූ ලිපියක් මෙම ස්තානයෙන් බලන්න.

එසේනම් පීඩනය පිට කර ගැනීමට නීතිමය වශයෙන් සහය ලබා නොදෙන්නේ මන්ද? නීතිමය වශයෙන් ගණිකා ව්‍යාපාර ඇරඹීම තවමත් සිදුනොවන්නේ මන්ද? ධර්ම රාජයකට එය නොගැලපෙන නිසාද? නැතිනම් එමගින් තවත් ප්‍රශ්න ඇති වන නිසාද? එනමුත් එමගින් එක දෙයක් වනු ඇත. එනම් අප රටේ ලමා මව්වරුන් අඩුවනු ඇත. කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට හැකිවනු ඇත. මක්නිසාද යත් කුඩු බොන්නා කෙතරම් තහනම් වුවත් කොහෙන් හරි කුඩු සොයා ගෙන බොනවා වගේ මේයට අබ්බැහි වූ මොල විකෘති වූවන් පාලනය කිරීම නීතියට කල නොහැකි නිසාවෙනී.

තව දෙයක් කිව යුතුය, ලිංගිකත්ව කාමය අපි සැවොම තුල ඇති දෙයකි. එය වසාගෙන සිටීම තීරුමක් නැති දෙයකි, අපි අපවම රවටා ගැනීම දැන්වත් නවත්වමු. සැවොම දැනුවත් කරමු. තවත් එය වසාගෙන හොරෙන් කතාකල යුතු නොවේ. එනිසා අදම ඔබේ දුව හෝ පුතා සමග කතා කරන්න. එවිට නීති මගින් කල නොහැකි භෝ දේ කල හැකි වනු ඇත.

ගණිකා ව්‍යාපාර ඇරඹීම ගැන සංවාදය සැමට විවෘතය. මේ ගැන ලිපිය පසුවට.

Advertisements