හරස් පද ප්‍රහෙලිකා පුරවන්න කෙටිම කෙටි ක්‍රමේ I

Posted on 2010 නොවැම්බර් 5

4


අපේ ලොකු අම්මා ඒ කියන්නේ අම්මාගෙ අම්මා එයාගෙන් තියෙනවා හොද විනෝදංශයක් ඒ තමා හරස්පද පුරවන එක. හරස් පද කියන්නේ මොනවද කියලා දන්නවනේ “Crosswords”. ඉතින් ඔය පත්තර වල යන ඒවා පෙන්නන්න බෑ. අතට අහු වෙන හැම එකම පුරවනවා. යවන දවස පහු වෙලා හම්බවුනත් එහෙමයි. මගේ ඕකට මහ කැමැත්තක් නෑ. ඒත් මේ ලගදි ගෙදර ඉන්න ගමන් මට ආවා මරු අදහසක්. ඒ ලග තිබුනු පත්තර කෑල්ල දැකලා. ඒක ලක්බිම නිවුස් ඉරිදා පත්තරේ ඉතින් මට හිතුනා මේක පුරවන්න. ඒත් ඉතින් ඕකට ශබ්ධකෝෂ පෙරලන්න බෑ මහම කම්මැලි නිසා මම ඒකට අන්තර්ජාලහේ උදවු ලබා ගත්තා.

pic 1

ඔන්න ඔයාලගෙත් කාට හරි මේ පිස්සුව තියෙනවා නම් හොදකරගන්න ලේසිම ක්‍රමේ. මම මගේ සාර්තක ක්‍රමය ඔයාලට කියන්නම්.

මුලින්ම කලේ හොද ශබ්ධකෝෂයක් හොයාගත්ත එක.
මේක තමා මට හිතුන හොදම එක – http://dictionary.reference.com/
මොකද හරස් පද පුරවන්න ඕන කරන්නේ ඒ වචනයට සමාන වචන පෙන්වන ශබ්ධකෝෂක්, ඉතින් මේ ශබ්ධකෝෂයේ වචනයේ තේරුමට අමතරව එයට අදාල සමාන, අසමාන අල ගිය වැල ගිය හැම තැනම පෙන්නනවා.
මීට අමතරව www.thesaurus.com මේකත් ඉතාමත් වැදගත් වුනා.

හරි ඉතින් අමාරුවෙන් අමාරුවෙන් භාගෙට මේක පුරවා ගත්තා කියමුකෝ ඒත් අන්තිමේ බලද්දි ගොඩක් වචන ඉතිරියි. සමහර ඒවල අකුරු 1ක් 2 ක් 3ක් වගේ අඩුයි. ඉතින් මොකද කරන්නේ කොච්චර දැගලුවත් ශබ්ධකෝෂයේ හොයාගන්නත් බෑ.

ඉතින් මේකට කරන්න හොද දෙයක් මතක් වුනා වයිල්ඩ් කාඩ් සෙවුමක් දැම්මා. ගූගල් යොදාගත්තේ ඒත් ගූගල් වයිල්ඩ් කාඩ් වලට සහය දක්වන්නෑ. ඉතින් මම කලේ ඊලගට වයිල්ඩ් කාඩ් වලට සහය දක්වන ශබ්ධකෝෂ ගැන සෙව්වා. මෙන්න බොලේ වැඩක් පහත වෙබ් අඩවි දෙකම මරු. හදලම තියෙන්නේ මේවට.

http://www.yourdictionary.com
http://www.yourdictionary.com

ඒවගේම මෙන්න මේක ඉතාම වැදගත් වුනා. ඒ කියන්නේ අදලා වචන ගාන හා හිස්තැන් සදහා වචන දුන්නම සියලු ආකාර වචන පෙන්වනවා ඒකේ තේරුමත් එක්ක.

http://www.crosswordsolver.org

ඉතින් මොනාද කතා පැය 4 න් 5 න් කොල්ලා වැඩේ ගොඩ, ඉතින් නිකන් ඉන්න බෑනේ ඒක පුරෝලා දැම්මා. බලමු මටත් දිනුමක් ලැබෙයිද කියලා. ඔන්න ඔය ගොල්ලොත් කරලා බලන්න මාර ආසා හිතෙනවා. හැබැයි සිංහල ඒවා නම් තාම බෑ, ඉංග්‍රීසි තමා.

මේකෙදි විශාල නොදන්න වචන ගානක් ඉගෙන ගන්න පුලුවන් වුනා. අපේ ලොකු අම්මා ඇවිදින ශබ්ධකෝෂයක් වගේ ඉතින් එයා ඒ තත්වයට පත් වුන එක අහන්නත් දෙයක්ද?

තව දෙයක් මේක නීති විරෝධි කියලා බූඩිට විරුද්ධව උපවාස කරන්න නම් එපා. බූඩි මේකෙදී සම්පත් භාවිතා කලා විතරයි හොරකමක් කරලා නෑ. මොකද කට්ටිය කියන්නේ, එකගද නැද්ද? තාක්ෂනයෙන් විතරක් මේ වැඩේ කරන්න බෑ දැනුම අනිවාර්යයෙන්ම අවශයයි. මම මෙතනදි තාක්ෂනය වහලෙක් කර ගත්තා නැතිව තාක්ෂණයට වහල් වුනේ නෑ.